Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Tuesday, January 3, 2012

ඇසට පෙනෙන ලස්සන පාට ඔබේ නිර්මාණයට


හිමිදිරියේ ආලින්දයට එහෙමත් නැත්නම් නිවසින් එලියට පැමණි විගස අපගේ නෙත් වශී කරන දර්ශනවලට සිත් ඇදගන්නවා සිකුරුය. අප වඩාත් අශාකරණුයේ ඒවාහි දකින්නට ලැබෙන පාටවලටය. එම දකින්නාවු පාට කිසිදු වෙනසක් නොවී සිතුවමකට හෝ මොනයම් නිර්මාණයකට භාවිතා කරන්නට ඇත්නම් යැයි හැගුණු වාර අනන්තවත් ඇති යැයි මටනම් සිතේ ඔබටත් සිතුණුවාර අනන්තවත් ඇති.
එවැනි පාටකට සමාන පාටක් ලබාගත හැකි 
Color Picker pen නමින් නම්වු නිර්මාණයක් එහෙමත් නැත්නම් අප විසින් හදුන්වා දෙන ඕනෑම පාටක් එවළේම ආපසු ලබාදෙන්නාවු යන්ත්‍රයක් කොරියාවෙ Jinsun Parkනැමැකි නව නිර්මාණකරුවෙකු හදුන්වි දී ඇත. ඔහු විසින් පවසන පරදි මෙය වඩාත් වැදගත්වනුයේ සිත්තර හා ග්‍රැරැෆික් කරුවන්ට භවයි.
මෙම නිර්මාණ අප නෙත ගැටුනහොත් අප සිතණු ඇත්තේ මෙයත් එක්තරා විදිහක පැනක් පමණක් භවයි. නමුත් සමාණ්‍ය පැනක් තරම් වු මෙයින් විශාල වැඩකොටසක් ලබාගන්නට පුළුවන් කමක් පවතී.
මෙයට අපවිසින් අපට අවශ්‍යවන්නා වු පාටක් උදාහරනයක් විදිහට කෙහෙල් දල්ලක පාට හදුන්නා දීමක් සිදුකළහොත් නිවැරිදි පාට නැවත් පෙරලා අපට අපගේ නිර්මාණයට යොදා ගැනිමට පුළුවන. කෙසෙද මෙම
 Color Picker pen එකට පාට හදුන්වා දෙන්නේ මෙය ඉතා පහසු කාර්‍යකි මේ සදහා මෙහි ස්කෑන් පහසුකමක් ලබාදී ඇති අතර අපට අවශ්‍යවන්නා වු පාට සහිත ඕනෑම වස්තුවක් අසලට ලන්කර ස්කෑන් බටනය භාවිතා කිරීම පමනයි සිදුකළ යුත්තේ.
Color Picker">

Color Picker

අප භාවිතා කරන්නාවු සාමාණ්‍ය පින්ටරයක මෙන් මෙහිත් ඇත්තේ නැවත තින්ත(පාට) පිරවිය හැකි බට තුනක් පමණි මෙ සදහා නිමැවුන්කරුවා යොදාගෙන ඇත්තේ රතු,කොළ,නිල් යන පාට තුන පමණි එසෙනම් අප පාට නැවත පිරවිමේදී මෙම පාට වර්ග තුන පමණක් යොදා ගෙන නැවත පිරවීම සිදුකළ යුතු අතර මෙම පාට තුනෙන් ඔබට අවශ්‍යවන්නා වු ඕනෑම පාටක් ලබාගැදීමේ හැකියාවද මෙ කුඩා යන්ත්‍රයට හැකි අතර ඔබවිසින් පාට හදුන්වාදීම සිදුකරන අවස්තාවේදී color display රාමුව තුල එම හදුන්වා දෙන පාට පෙන්නුම් කරයි. මෙමගින් ඔබට නිවැරදි පාට ලැබෙන්නේද කියා ඇද බැලීමක් සිදුනොකරම බලාගත හැකිය මෙමගින් තින්ත ප්‍රමාණයක් ඉතිරි කරගැනිමට පුළුවන.
කෙසේ වෙතත් මට නම් කිව හැක්කේ ස්වාභාවික පාට යොදාගෙන සිගිරි සිතුවම් සිත්තරයට නැගුණ අතර ඒවාහී පාට සදහා යොදාගෙන ඇත්තේ ගහ,කොළ.වැල් මල් ඇට, මුල් යැයි පවසන්නේ නම් එහි සුන්දරත්වය මෙම යන්ත්‍රයට ලබාදිය හැකිද?..... ස්වාභාවික පාට අප උත්සහ කරන්නේ නම් පරිසරයෙන්ම සාදාගැනිමට හැකිවන අතර මෙවැනි යන්ත්‍ර මිළදීම් ගැනීමට යන මුදල් ඉතිරිවනු ඇත. ගමේ ගොඩේ දියමිට්ටා කොටපු අයනම් අදටත් සිත්තර අදින්නේ පරිසරයේන්ම පාට යොදාගෙනය මෙවැනි නිර්මාණවල ගැමි සුවද එනුඇත පෙරකී යන්ත්‍රයෙන් එන්නෙ ඉවසිය නොහැකි තින්ත ගදක් පමණි හාහ් හා හා හා හා තිරනය ඔබ සතුයි ඔබට මෙම යන්ත්‍රය මිළදීගැනීමට අවශ්‍යනම් ගුගල් සෙවුමක් භාවිතා කරන්න නිවසටම ගෙන්වා ගැනිමේ හැකියාවක් සමහරක්විට සොයාගැනිමට පුළුවන් වනු ඇත.


Color Picker
Color Picker

Monday, January 2, 2012

අන්තර්ජාල ආරක්ෂාව නොමිලේ


පි හැමෝටම තියන ප්‍රධාන ප්‍රශ්ණයක් තමා අන්තර්ජාලය හරහා ඉබේම අපේ පරිගණකයට වෛරස්,ඇඩ්වේයා,මැල්වෙයා වැනි හානිකර දෑ  ඩවුන්ලෝඩ් වීම. මේකට පුන්චි පිළියමක් හොයා ගත්තා. ඒ තමයි වෙබ් ‍ෆිල්ටරිං (Web Filtering)  වැඩසටහන්. මේවා ඉන්ටනෙට් හරහා නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකියි.

 ස්කෑන්ඩු (Scandoo) හා සයිට් ඇඩ්වයිසර් (Site Adviser) යනු ඒ වගේ වැඩසටහන් දෙකක්.ඉතින් ඒකෙන් මම කියන්න හදන්නේ සයිට් ඇඩ්වයිසර් ගැන.


සයිට් ඇඩ්වයිසර්

මෙය ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් හා ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රව්සර් දෙකටම ගැලපෙන ප්ලග්-ඉන්(Plug In) එකක්. මේ වැඩසටහන මගින් සෑම වෙබ් අඩවියක්ම පෙන්වන්නේ සංඥා වර්ණ උපයෝගි කරගෙනයි.මෙන්න මෙතනින් ගිහින් මේ ප්ලග්-ඉන් එක ඉන්ස්ටෝල් කරගන්න.
Download Here
           ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මේක නරක වෙබ් අඩවියක්ද හොද වෙබ් අඩවියක්ද කියලා හොයා ගන්නේ මෙන්න මෙහෙමයි.

1) වෙබ් බ්‍රව්සරයෙන් අපි වෙබ් අඩවියකට පිවිසෙන්නට ඉල්ලා සිටින විට සයිට් ඇඩ්වයිසර් විසින් එය රතුපාටින් සලකුනු කරයි නම් තත්වය නරකය. ඒ වෙබ් අඩවිය ස්පෑම් කිරීමට,ඉබේම මැල්වෙයා ඩවුන්ලෝඩ් කරන හෝ වෙනත් අනතුරක් ඇති වෙබ් අඩවියකි.එහෙත් පරිශීලකයා කැමති නම් එයට යන්නට බාධාවක් නැත.


2)  කහපාටින් සංඥා කරන වෙබ් අඩවි අඩමාන ඒවාය (50%)  සමහරවිට එහි අනතුරක් තිබෙන්නටත් පුළුවන, නොතිබෙන්නත් පුළුවන.


3) කිසිම අනතුරක් නැති ඉතා පිරිසුදු වෙබ් අඩවි පෙන්වන්නේ කොළ පැහැති සළකුණකිනි. ඉතින් එම වෙබ් අඩවියට පිවිසීමට ඔබ බිය විය යුතු නැත.




මෙසේ නරක පෙන්වන වෙලාවක, ඒ මොන තාලයේ නරකක්දැයි සොයා ගැනීමට අවශ්‍ය නම් ඒ වර්ණ සළකුණ උඩට මවුසය ගෙන යා යුතුය. එවිට එන කුඩා බැලූන් සටහනක් තුළ ඒ විස්තර පෙන්වයි.
යම් හෙයකින් ඉතාමත් නරක වෙබ් අඩවියක් හමුවූවහොත් වර්ණ සංඥා දීම පැත්තක දමා "සයිට් ඇඩ්වයිසර්" වැඩසටහන මගින් ඒ වෙබ් අඩවියට පිවිසීම වලකයි. එහෙත් ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රව්සරය හරහා මේ හපන්කම කරන්න බැරිය(බ්ලොක් කිරීම) පුළුවන් වන්නේ ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් තුළදී පමණය.

                     පොස්ට් එක හොද නම් පොඩ් කමෙන්ට් පාරක් දාලා යන්න

දුරස්ථ පාලක පරිගණක (Remote Computer ඉගෙනගන්න)



පහුගිය ටිකේ තිබ්බ කාර්යබහුලත්වය නිසා බ්ලොග් එක පැත්තෙවත් එන්න බැරි උනා.හුග දවසකට පස්සේ තමා මේ පෝස්ට් එක දාන්නේ.අද දෙන්න යන්නේ එල සොෆ්ට් එකක් ගැන විස්තරයක්.කොහොමද ඉතින් ගෙදර ඉදලා වෙන කෙනෙක්ගේ පරිගනකයක සම්පූර්ණ පාලනය අපේ අතට ගන්න තිබ්බොත් එහෙම. එල නේද?ඔන්න එහෙම සොෆ්ට් එකක් ගැන තමා කියන්න යන්නේ.කරන හැටි පියවරෙන් පියවරට දාන්නම්.
Software එකේ නම Anyplace Control. මෙන්න මෙතනින් සොෆ්ට් එක බාගන්නකෝ. හැබැයි ඉතින් Trial   Setup එකක්.ඒ උනත් කමක් නෑ නේ අපේ වැඩේ වෙනවනම්. පස්සේ බැරියැ Full Setup එක download කරගන්න.

පළමු පියවර :
                            Software  එක Install  කරන්න ඕනේ මෙහෙමයි. ඔයාගේ පරිගණකයේ මේ Software එක Install කරද්දී කරන්න ඕනේ Admin Module විදිහට Install කරන එක. අපිට පාලනය කරන්න ඕනේ පරිගණකයේ මේක Install කරන්න ඕන Host Module විදිහට.

දෙවන පියවර :
               1. Install කරගත්තට පස්සේ මේ වගේ Window එකක් එයි. දැන් අපි කරන්න ඕනේ account එකක් හදාගන්න එක.
  
2. ඔයාලගේ E-mail address එකයි පාස්වර්ඩ් එකයි ගහලා account එක create කරගන්න.(ඔයාලගේ e-mail address පාස්වර්ඩ් එක නෙවෙයි. වෙන එකක්)

3. ඔයාලා හරියට account එක create කරගත්ත නම් ඊලග step එක මේ වගේ පෙන්වයි.

4.  ඔයාලගේ Host Module Connection ටික තමා මෙතන පෙන්වන්නේ.

තෙවෙනි පියවර :
                                     ඔන්න දැන් තමා වැදගත්ම හරිය. ඒ තමා Host Module එක Install කරන හැටි. මේක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා. එකක් තමා IP Address එක හරහා Install කරන ක්‍රමය. අනික තමා අපිට පාලනය කරන්න ඕනේ පරිගණකයට මේ Soft එක අපි විසින් Host Module ක්‍රමයට Install කිරීම.
  
IP Address ක්‍රමය

                   
දැන් අපිට පාලනය කරන්න ඕනේ පරිගණකයේ IP Address  එක මෙතන Type කරන්න. IP Address එක හොයාගන්න හැටි කියල දෙන්න ඕනේ නෑනේ. ඕනෙ නම් පුංචි Tips එකක් දෙන්නම්.කෙල්ලොන්ට නම් මේ වැඩේ කරන්න හරි ලේසියි. ඉස්සෙල්ලම කෙල්ලට කියන්න google එකේ search කරන්න කියලා  what is my IP address කියලා. එතකොට එන ඕනේ  site එකක ඒ කෙල්ලගේ පරිගණකයට අදාල IP address එක තියනවා. ඉතින් ඊට පස්සේ ඒ IP නම්බර් එක ඉල්ලගන්න. (කෙල්ලෝ මෝඩයි කිව්වා නෙමේ. හොදද)

අපි විසින් Host Module ක්‍රමයට Install කිරීම



                   ඒ කිව්වේ මෙහෙමයි. මේ Soft එකේ Setup එක අරගෙන ගිහිල්ලා ඒ පරිගණකයේ 
Install කරන එක. නැත්තම් ඒ මැෂින් එකෙන්ම Setup එක බාගෙන Install කරන එක.හැබැයි Install කරද්දි වරද්දන්නේ නැතිව Host Module ක්‍රමයට Install කරන්න.Install කරද්දි මේ වගේ window
 එකක් එයි, ඒකේ Automatic කියන එකට ටික් එක දාලා Next කරන්න.

ඊළගට පාස්වර්ඩ් එකක් ගහන්න window එකක් එයි. එතෙන්ට අර කලින් ගහපු පාස්වර්ඩ් එකම ගහන්න.


 ඊලගට එන මේ window එකට අර ඔයාල කලින් ගහපු e-mail address එකයි. පාස්වර්ඩ් එකයි ගහන්න. ගහලා Next කරන්න.




ඔන්න Host Module එක Install කරගෙන ඉවර උනාට පස්සේ මෙන්න මේ වගේ



ඔන්න ඉතින් වැඩේ ඉවරයි. වැඩේ 100% ෂුවර්. මම නම් මේක කරලත් බැලුවා. ආයේ ඉතින් මොන කතාද.(හැබැයි ඒ IP Address ක්‍රමේට නම් නෙවේ අනිත් ක්‍රමේට). වැඩේ කොහොමවත්ම තේරුණේ නැත්තම් මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ. මෙතනින් බලන්න.

වැදගත් :  මේ Soft එක යොදාගෙන කිසිම නීති විරෝධී වැඩක් නම් කරන්න එපා. මොකද ඒක සදාචාර සම්පන්න නෑ. අන්තිමට හිරේ විලංගුවේ වැටෙන්නත් බැරි නෑ. ඒ නිසා මේ Soft එක යහපත් වැඩකට යොදා ගන්න. ගොඩක්ම මේ එක ව්‍යාපාර ආයතන වලට ප්‍රයෝජනවත්. මේ Soft එක හරහා Files හුවමාරු කරගන්නත් පුළුවන්.(කිසිම නරක වැඩක් නම් එපා)

USB වලින් දත් මදිමුද ??




.මේ කාලෙනම් කම්පියුටර් නැතිව මෙලෝ වැඩැක් කරන්න බෑ..කොටින්ම කිව්වොත් අද මම මේ කියන්න යන්නේ USB වලින් දත් මදින විදිහක් ගැන....අපිට නම් මේක අලුත් ( හික්ස් ) හැබැයි පිටරට උදවියටනම් මේක අමුත්තක් නෙමේ..කෙලින්ම කතාවට බහිමුකෝ..  :)




මේ ඔය ගොල්ලො දකින්නෙ USB සබදතාවක් හරහා නැවත නැවත ආරෝපනය කරන්න පුලුවන් දත් බුරුසුවක්.දැනට නිපදවනුලැබූ කාර්යක්ෂම දත්බුරුසුව මේක කියලයි ඒ මහත්තුරු නම් කියන්නෙ..( හික්ස් )
මේකේ වේගය මිනිත්තුවකට දත්බුරුසු පහරවල් 31,000 ක් වනවා ( හෆොයි )... :)
මේක හදලා තියෙන්නේ Philips සමාගම. Philips Diamond Clean Hx 9332 කියලා තමා මේක හදුවන්නේ..

ඉතින් මම මේ විස්තර ඔය ගොල්ලන්ට ගෙනාවේ අපිටත් USB වලින් දත් මදින්න කියන්න නම් නෙමේ..
දිනෙන් දින දියුනු වන ලෝකයේ එදිනෙදා ක්‍රියාවනුත් පරිගනක ගත වෙලා කියලා කියන්නයි... ඉතින් මේක බැලුවා වගේම කමෙන්ට් පාරකුයි..ෆලෝ පාරකුයි දාලා යන්න අමතක කරන්න එපා..

දහසක් කල් පවතින නව සංගත තැටිය M-Disc




CD  හා DVD  යනු පැරණි තාක්ෂණ විධික්‍රමයක් වුවත් එය තවමත් නොනැසී පරිගණක ක්ෂේත්‍රයේ පවතී.ඉතා කුඩා විමත්,විශාල දත්ත ප්‍රමානයක් බහාලිය හැකි වීමත්.තැනින් තැනට ගෙන යා හැකි වීමත් නිසා මෙම සංගත තැටි බෙහෙවින් ජනප්‍රිය වී ඇත. නමුත් අපි දන්න විදියටනම් මෙම CD  හා DVD වල කුඩා සීරීමක් පවා සිදු වූ විට දත්ත වලට හානි වීමයි.


නමුත් මෙම සියලුම ගැටලු වලට විසදුමක් ලෙස බාහිර සාධක නිසා දත්ත විනාශ නොවන,එමෙන්ම පහසුවෙන් දිරා නොයන වසර 1000 පමණ කල් තබාගත හැකි නව සංගත තැටි වර්ගයක් දැන් වෙලදපොලට නිකුත් වී ඇත.මෙය නම් කර ඇත්තේ M-Disc  යනුවෙන්ය.මෙහි ප්‍රධාන විශේශත්වය වන්නේ ද්‍රව නයිට්‍රජන් මගින් හෝ උතුරන ජලය මගින් මෙම සංගත තැටියට කිසිදු හානියක් නොවීමයි..( පික්සු හැදෙයි ). එමෙන්ම වැටීමකදී හෝ සීරීමකදී ඉහත රූපයේ ඇති පරිදී විශේෂ ස්ථරයකින් මෙම සංගත තැටිය ආරාක්ෂා කිරීමයි.හැබැයි මෙම M-Disc එකක ලංකාවේ මිල නම් රුපියල් 300 ක් තමා..ඉතින් මේ කියන විදියට වසර 1000 කට රුපියල් 300 වියදම් කරන එක නම් නරකම නැ..෴

USB 3.0 බෝ වේ... | USB ගැන නොදන්නා පැත්ත |


USB 3.0 උපාංග වෙලදපොලට ඒම සිදු වූයේ මේ අවුරුද්දේ දීය.මේ අනුව සමීක්ෂණ වලින් හෙලි වන්නේ USB 3.0 උපකරණ  8  කෝටියක් විකිනී ඇති බවයි..( ඉන්-සැට් ආයතනයේ සමීක්ෂණ වාර්තා )



ඔබ දන්නවාද :- USB කෙවෙනිය මුලින්ම සොයා ගත්තේ ඉන්ටෙල් සමාගමේ අජේ බාත් හා බාලා කඩම්බි විසින්ය ( ඉන්දියාවෙද දන්නෙ නෑ නේ ) ..ඒ කියන්නේ ඉන්ටෙල් ලා තමා USB හදුන්වා දුන්නේ...


අලුත්ම පොට් එක USB 3.0 කියලා කියන්නේ දැන් තියන පොට් එක USB 2.0 නිසා යි..මේකේ ප්‍රධාන විශේෂත්වය තමා දත්ත හුවමාරු වේගය 4.8Gbps වීමයි...ඒ කියන්නේ USB 2.0 වගේ දෙගුනයක් ..USB 2.0 හරහා විනාඩි ගානේන කරපු වැඩ දැන් අපිට USB 3.0 හරහා තත්පර ගානකදී කරන්න පුලුවන්...


ඔන්න ඉතින් තවත් දෙයක් ගැන ඔයාලව දැනුවත් කරන්න ලැබුන එක ගැන හුගා......ක් සතුටුයි...
මම ගියා....බා.......යි...