Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Monday, August 8, 2011

අමාරුවෙන් පරිගණක ක්‍රීඩා කරන අයට

ඔබ පරිගණක ක්‍රීඩා කරන්නෙක් නම්, ක්‍රීඩාව නිවැරදිව ස්ථාපනය කර ගත්තද, ක්‍රීඩාව ආරම්භ නොවේ Error Message එකක් පැමිණේ, මඳක් play කිරීමේ දී stuck වේ එසේත් නැත්නම් වැඩසටහන නැතිවී යයි. මොකද්ද මේ දෝෂය මේක මඟහරවා ගන්නේ කොහොම ද?

මුලින්ම කිවයුතුයි, ඔබ පරිගණක ක්‍රීඩා මිළ දී ගැනීමේ දී ලබා ගන්නේ එම වැඩසටහනේ පිටපතක් නම්, නැතහොත් අන්තර්ජාලය හරහා නොමිලේ බාගත කරන ලද වැඩසටහන් නම්, ඒවායේ දෝෂ තිබීමට පුළුවන. එම නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

ප්‍රධාන ගැටළු

මුලින්ම පරිගණක ක්‍රීඩා වැඩසටහනට අවශ්‍ය තාක්ෂණය තිබේ දැයි සැළකිලිමත් වන්න. අවශ්‍ය ප්‍රමාණයට VGA එක, RAM මතකය, ක්‍රීඩාවට ගැළපෙන මෙහෙයුම් පද්දතිය හා bit ප්‍රමාණය, CPU එකෙහි වේගය. විශේෂයන් ගුණාත්මක භාවයෙන් ඉහළ පරිගණක ක්‍රීඩා Onboard VGA ම
ත ධාවනය නෙවන බැවින් ඒ සඳහා VGA Card එකක් ඇත් දැයි බලන්න.

Memory ගැටළු හා සම්පත් භාවිතය
අපි පරිගණකය කාලයක් භාවිතා කිරීමේ දී එහි මෘදුකාංග ස්ථාපනය වෙයි. එහි Autorun ක්‍රියාතමක වීමෙන් හාඅනවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වීමෙන් ක්‍රීඩාව ආරමිභ වීමට අවශ්‍ය Ram ධරිතාව Processor වේගය අඩුවීමනිසා ද, පරිගණක ක්‍රීඩාව crash වේ.

එසේම Hard disk එකේ ඉඩ ප්‍රමණය නොමැති වීමද බලපායි. එහි 
ති අනවශ්‍ය Files හා මෘදුකාංග ඉවත් කරDisk cleanup හා Disk Defragmenter භාවිතා කරපරිගණකයේ දත්ත ගබඩාව නිසි පරිදි සකසා ගැනීමට වගබලා ගන්න. තවද,Game Booster වැනි මෘදුකාංගයක් භාවිතා කර පරිගණක ක්‍රීඩාව ආරම්භ කිරීමට පෙර අනවශ්‍ය සම්පත් හා Memory භාවිතා කරන වැඩසටහන් නවතා දැමීමට හැකියාව ලැබේ.


Video Memory හා Graphic දෝෂ

පරිගණක ක්‍රීඩාවක් ක්‍රියාත්මක වීමට Ram Mem
ory හා Hard disk මෙන්ම VGA Card එකේ ඇතිවන දෝෂ ද, ප්‍රධන තැනක් ගනී. එනම් 128MB අවශ්‍ය පරිගණක ක්‍රීඩාවක් 64MB හී ක්‍රියාත්මක නොවේ. එසේම භාවිතය සඳහා පරිගණකයක් ගැනීමේ දී Onboard VGA පිළිබඳ අදහස අතහරින්න. මන්ද බෙහෝ පරිගණක ක්‍රීඩා සඳහා ඔන් බෝර්ඩ් වීජීඒ යෝග්‍ය නොවේ.

ක්‍රීඩා කිරීමේ දී එහි වේගය අඩු නම් option යටතේ ඇති 
resolution එක අඩු කරන්න. එයිනුත් ප්‍රතිඵලයක් නොමරති නම් anti-aliasing, texture quality වැනි දේ අවම කරමින් හොඳින් ක්‍රීඩා කිරීමට සකස් කර ගන්න.

වෙනත් ගැටළු 

මීට අමතරව VGA Card එකේ මෘදුකාංගය නිවැරදි නොවී
ම හෝ යාවත්නාලීන නොවීම. ඒ සඳහා අන්තර්ජාලයෙන් නවතම සංස්කරණයන් ලබාගත හැක. තව ද, Sound card එකෙහි දෝෂ ද බලපායි එයිදී ද sound drivers යාවත්කාලීන කරන්න.



පරිගණක ක්‍රීඩා ක්‍රීයාත්මක වීමේ දී විශේෂ තැනක් හිමිකර ගන්නා directx වැඩසටහන යාවත්කාලීන නොවේ නම් එයත් යාවත්කාලීන කිරීමෙන් බොහෝ දෝෂ මඟහරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

CPU එක අනවශ්‍ය ලෙස රත්වන්නේ නම් ද පරිගණක ක්‍රීඩා
ව crash වීමට ඉඩ ඇත. දෝෂය හඳුනාගෙන අවශ්‍ය නම් අමතර fan එකක් සවිකර ගන්න.



1 ප්‍රතිචර:

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?