Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Friday, September 30, 2011

G+ වගෙ මුහුණ පොතට Navigation bar එකක් දා ගමු

ඉතින් මිතුරනි,ඔයාලා සමාජ ජාල අඩවි වන මුහුණ පොත වගෙම මැතකදි පැමිනි google plus වලත් ඇති කියල මන් හිතනවා.හොදයි වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.

පළමු වෙන්ම Fire fox හි පහල තියෙන Greasemonkey මෘදුකංගය බාගන්න
google chrome සදහා Tampermonkey මෘදුකංගය බාගන්න.


දෙවනුව පහත දි ඇති script එක බාගන්න




ඉන්පසු එම script එක ඔබගෙ web browser එකෙ ස්ථාපනය කරගන්න. දැන් browser එක restart කරලා මුහුණ පොතට ගිහින් බලන්න.



ඉතින් ඔන්න වැඩේ ගොඩ....

දාගෙනම බලන්නකෝ...

ආහ්..... ඔන්න දැන් නම් ෆලෝ 50 ට ගොඩාක් ලං වෙලා.... පලවෙනි 50 ඔයාලා නැද්ද ඉතින්

ගොඩාක් අය කිව නිසා 
ඉතින් ඔන්න වැඩේ ගොඩ.... 

දාගෙනම බලන්නකෝ...

ආහ්..... ඔන්න දැන් නම් ෆලෝ 100 ට ගොඩාක් ලං වෙලා.... පලවෙනි 100 ඔයාලා නැද්ද ඉතින්
ගොඩාක් අය කිව නිසා ටෙම් කලර් වෙනස් කලා දැන් හරිද යාලුවනෙ ටෙම් කලර් වෙනස් කලා දැන් හරිද යාලුවනේ





Thursday, September 29, 2011

මුහුණ පොතෙ අනවශ්‍ය Notifications බ්ලොක් කරමු

 අපෙ යාලුවන්  ෆේස්බුක් එකේ පල කරන දෙවල්  Notifications වලින් සොයාගන්න අමාරු වෙනවා.විශේෂයෙන්ම ගෘප්  Notifications එහෙම තියෙද්දි හොයාගන්න අමාරුයි .ඉතින් ඒවා හොයාගන්න වෙනම වෙහෙසක් දරන්න සිදු වෙනවා.දැන් එහෙම වැඩ විදින්න ඕන නැහැ.මෙයින් අපගේ මිතුරන්ගේ ක්‍රියාකාරකම් දැනගැනීමටත් පහසුය.

Google Chrome සදහා



 Firefox සදහා


නැත හොත්




 ඔබ මෙහි  පහළ ලියන ඔබේ අවංක අදහස්  හා ප‍්‍රතිචාර  අප අගය කොට  සලකන අතරම  තවත් කෙනෙකූට  වැදගත් වන දෙයක් ලිවීමෙන්  ඔබද මේ ලෝකයට හිතවත් පුද්ගලයෙක්ම  වෙයි.


Wednesday, September 28, 2011

අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?



හ්ම්.... හොඳ මාතෘකාවක්,


     අන්තර්ජාලයෙන් මුදල් උපයන එකනම් හොදවැඩක් තමයී. ඒත් අන්තර්ජාලයෙන් මුදල්  සෙවිමට ගොස්  මංමුලාවෙන එක නම් හොදවැඩක්  නොවෙයි. මොකද ලෝකයේ සිටින හොදම හොරු , කපටි කෛරාටිකයින්, මුලා කරන්නන්  සල්ලාලයින්, ඉන්නෙත්  ඔතනම තමයි. ඒ වගේම අධ්‍යාපනය ලැබීමටත්, දැනුම බෙදාහදා ගැනීමටත්, හිත මිතුරන් ආශ‍්‍රය කිරිමටත්  මේ  අන්තර්ජාලය අපට උදව් වෙනවා.
සෑම දේකම හොද 50 කුත් නරක 50 කුත් තියෙනව, එනිසා අපි ඒ හොද පැත්ත තෝරගත්තම කිසිම ප‍්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ.
    ඉතින් එහෙනම්  අපි බලමු. අන්තර්ජාලයෙන්  මුදල් උපයන්නේ කොහොමද කියල ක‍්‍රමානුකුලව. ඊට කලින් තව එකක්  කිව යුතුමයි.  ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයනවා කියන්නෙත් වෙනත් රැකියාවක් කරනව වගේම  ටිකක් මහන්සි වෙලා කල යුක්තක්. එහෙම නැතුව ඉන්ටර්නෙට් එක කියන්නේ  ඕන විදියට සල්ලි ගන්න පුළුවන්  සල්ලි ගුහාවක් නම් නෙමෙයි.

    නොයෙක් ලෙසින් දැන්වීම් දමන  මිනිසුන් මුලා කරන්නන්ට හසුවෙලා අමාරුවේ වැටෙන්නත් එපා. මාසිකව ලක්ෂ ගණන් හොයන්න පුලූවන්  කියලා දැක්කම  සමහරුන් යනවා  දහදාහක්වත්  
හොයාගත්තොත්  මදි ද  කියල. අන්තිමට  අතේ තිබුණ පන්දාහ දහදාහටත් දෙවියන්ගේම පිහිටයි.
දැන් මෙය පැතිරී යන වසංගතයක් වෙලා. එනිසා අප තීරණය කලා බොහෝ   දෙනෙකුගේ යහපත පිණිස ලිපි පෙළෙක් මාර්ගයෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයන  සාර්ථක ක‍්‍රම පිළිබදව සරලව කරුණු කියාදීමට.  මේ තුලින් අපගේ අන්තර්ජාල රැකියා පුහුණුව ලබාගත්   සියලු සාමාජිකයන්ටත් බොහෝ දේවල් ඉගෙන ගන්න පුඵවන්. විශේෂයෙන් ඔවුන්ගේ ගැටලු කෙරෙහි  අප විශේෂ අවධානයක් මෙහිදී යොමු කරනව.
එහෙනම්  මුලින්ම කාටත් කරන්න පුලූවන් සරලම වැඩකින් පටන් ගමු. 

 ඔබ මෙහි  පහළ ලියන ඔබේ අවංක අදහස්  හා ප‍්‍රතිචාර  අප අගය කොට  සලකන අතරම  තවත් කෙනෙකූට  වැදගත් වන දෙයක් ලිවීමෙන්  ඔබද මේ ලෝකයට හිතවත් පුද්ගලයෙක්ම  වෙයි.



Firefox වෙගවත් කරන Speedyfox



මෙන්න Firefox පාවිචිචි කරන අයට වෙබි පිටු ඉක්මනින් Load වෙන්න හදා ගන්න ක්‍රමයක්?මෙි තමයි Speedyfox,ගොඩක් පුංචි 500KB විතර වෙන ඒත් ගොඩක් ලොකු වැඩක් කරන Software එකක්?කරන්න තියෙන්නේ මෙචිචරයි?

මුලින්ම Software එක බාගන්න

ඊට පස්සේ Firefox Close කරලා දාන්න,මොකද Firefox Run වෙනකොට මෙික කරන්න බැහැ
දැන් Speedyfox වලට ගිහින් Profile,Path කියන ඒවා වෙනස් නොකර කෙලින්ම Speed my Firefox කියන Button එක Click කරන්න
දැන් ඒ Speedyfox Close නරලා දාලා ඔයාලගේ Firefox වලට ගිහින් බලන්න,වෙනදට වඩා Firefox Speed වෙලා ඇති.
මෙක හැම වෙලාවෙම කරන්න ඔනෙ නැහැ එක පාරක් කරාම ඇති!
කරලා බලලා අනිවාරයෙන්ම Comment එකකින් ඒ ගැන කියලා යන්න?

Panda Antivirus Pro 2012 නොමිලෙ ලබා ගන්න



ඉතින් මිතුරනි.මම ඉතින් සියළුම මුදෘකාංග පරික්ෂා කොට තබා සියළු දෙනාගේම ප්‍රයෝජනය පිණිස අඩවියේ පළ කරන්නේ.ඒ හින්දා ආරක්‍ෂාව ගැන බය වෙන්න එපා.හොදයි වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.පැන්ඩා ආයතනය විසින් 2012 වර්ෂය සදහා පරිගණකය ආරක්ෂා කරගැනීමට මාදිලි 4ක වයිරස්ගාඩ් හදුන්ව දීල තියෙනවා.එයින් 1කක් තමා Panda antivirus Pro 2012 සංස්කරණය.ඉතින් මේකත් රුපියල් 5000කට වැඩ මුදලක් යනවා මිලදී ගන්න ගියොත්.නමුත් මම දෙන Key එක පාවිච්චි කිරීමෙන් මෙම සංස්කරණය මාස 6ක් වැනි කාලයක් පාවිච්චි කිරීමට හැකියාව තිබේ.

Panda Antivirus Pro 2012 [6 Month Activation] Key:
  •   AP12PVIP-98464173

මම කියන්නම් කොහොමද මාස 6ක් මෙය පාවිච්චි කිරීමට රෙජිස්ටර් වෙන ආකාරය.

  • පළමුව ඔබ Panda Antivirus Pro 2012 Trial Version එක බාගෙන ඔබගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.(එවිට Recommended Settings යටතේ ඉන්ස්ටෝල් කරගන්න). 
  •  ඉන්ස්ටෝල් කරගෙන අවසන් වූ පසු ඔබගේ පැන්ඩා Antivirus Pro 2012 එක විවෘත කරගන්න.එහි ඇති License data යන එක තෝරාගන්න.
  •  එවිට ලැබෙන වින්ඩොව් එකෙන් Activate the product කියන එක තෝරාගන්න.
  •  එවිට ලැබෙන වින්ඩොව් එකේ ඇති Activate my pay version now කියන එක තෝරාගන්න.එහි ඇති Enter the activation code: කියන තැනට මම දීලා තියෙන Key එක ලබාදීලා Next විධානය ලබාදෙන්න.
  •  ලැබෙන වින්ඩොව් එකේ ඇතිYour email address තැනට ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය ලබා දී Your client number කියන තැන හිස්ව තබන්න.I don't want to receive marketing information කියන එකට ඔබ කැමති එයක් කර Next විධානය ලබාදෙන්න.
  •  අන්තර්ජාලය හරහා ඔබ ඇතුලත් කළ Key එක පරික්ෂා කොට ඔබගේ Panda Antivirus Pro 2012 මාස 6ක කාලයක් සදහා වලංගු බව පෙන්වයි.

නවතම Facebook Timeline පහසුකම


 

අපි  ෆේස්බුක් එකේ පල කල Status හා ඡායාරූප කාලයක් ගත වෙද්දී සොයාගන්න අමාරු වෙනවා.විශේෂයෙන්ම Status එහෙම කාලයක් යද්දී හොයාගන්න අමාරුයි අපි කලින් දාපු ඒවා.ඉතින් ඒවා හොයාගන්න වෙනම වෙහෙසක් දරන්න සිදු වෙනවා.දැන් එහෙම වැඩ විදින්න ඕන නැහැ.මොකද Google + හි පහසුකම් වැඩි නිසා ෆේස්බුක් එකෙනුත් පරිශීලකයන්ට පහසු ආකාරයට වැඩ කරගත හැකි විදියට නවතම පහසුකම් හදුන්ව දෙනවා.එහෙම හදුන්ව දුන්න දෙයක් තමා Facebook Timeline Application එක.එහි ඇති විශේෂත්වය අපි පළ කරපු පැරණි Status හා  මෙයින් අපගේ මිතුරන්ගේ ක්‍රියාකාරකම් දැනගැනීමටත් පහසුය.මෙයට පිවිසිය හැකි ආකාර දෙකකි.



  1. නිල වශයෙන් - මේ සදහා කාලයක් ගත වේ.
  2. අපගේ කැමැත්තෙන් හෙවත් බලහත්කාරයෙන්.
නිල වශයෙන් එයට එකතු වීමට කාලයක් ගත වෙන බැවින් ඒම කාලය සිටීමට නොහැකිනම් බලහත්කාරයෙන් ඇතුළු වීමට පහත දක්වා තිබෙන ආකාරයෙන් කිරීමෙන් හැකි වේ.
  • පළමුව ඔබගේ ෆේස්බුක් ගිණුමට Log වෙන්න.
  • ඔබගේ ෆේස්බුක් ගිණුමේ Search Box එකේ developer ලෙස ටයිප් කරන්න.එහිදී එන box ඒකෙන් Developer App කියන එක තෝරාගන්න.
 

  •  Permission එකක් ඉල්ලුවොත් Allow කියලා ලබා දෙන්න.දැන් ඔයාලට Application page එකේ ඇති + Create New App යන එක තෝරා ගන්න.

  •  ඊළගට එන New App Box එකේ ඇති App Display Name හා App Namespace යන ඒවාට ලබාදී I agree to the Platform Privacy Policy යන එකට හරි ලකුණ ලබාදී Continue කරන්න.
 
  •  Security Check Required box ඒක ලැබේවි.එහි ලබා දී ඇති Code ඒක ලබා දී Submit කරන්න.
  •  එවිට ඔබට පහත ආකාරයේ වින්ඩොව් එකක් ලැබේ.එහි ඔබට කැමති ආකාරයට වෙනස් කර Save Change ඒක ක්ලික් කරන්න.

  •  එහි වම් පස ඇති තීරුවෙන් Open Graph ඒක තෝරාගන්න.

  •  එහි ඇති Getting Starter Page ඒක ඔබ කැමති ආකාරයට වෙනස් කර Gett Started ඒක දෙවරක් ඔබා Save Change and Next ඒක තෝරාගන්න.

  •  ඊළගට එන වින්ඩොව් එකෙනුත් ඔබට කැමති ආකාරයට වෙනස් කම කොට Save and Finish තෝරාගන්න.
  •  ඊළගට එන වින්ඩොව් එකේ ඇති Submit ඒක තෝරාගන්න.

  •  Usage Introduction Field ඒක මත කැමති දෙයක් සදහන් කොට Submit for Approval යන්න තෝරාගන්න.
 
  • ටික  වෙලාවකට පසු ඔබගේ Facebook Home Page එකට යන්න.එහිදී Page ඉහළින් ඇති Get It Now ඒක තෝරාගන්න.
 
  • ඊළගට ලැබෙන Welcome to Your Timline - Developer Release එකේ ඇති Start Tour ඒක ක්ලික් කර මෙමගින් වෙන දේ ඔබ දැකගත් පසු Publish Now තෝරාගන්න.
 
  • ඔබට  ඔබගේ ෆේස්බුක් ගිණුමේ මුහුණත (Interface) අලුත් වී පහත ආකාරයට පෙනේ.(නව මුහුණත පෙනෙන්නේ ඔබට පමණි).
  •  එහි කවරයට ඡායාරුපයක් එකතු කරගැනීමට Add a cover ඒක තෝරාගන්න.එහිදී ලබා දෙන කැමති ආකාරයකින් ඔබ ඔබගේ කවරයට ගැලපෙන ඡායාරුපය තෝරාගන්න.
  •  අවසානයේදී ඔබ තෝරගත්තු ඡායාරුපය සමග ඔබගේ නව ෆේස්බුක් ගිණුම පහත ආකාරයට දැකගත හැකි වේ.

Sunday, September 25, 2011

Software නැතුව I.P එක Hide කරමු..


හොඳයි... ගොඩක් දවසකින් ඔයාලට වටිනවා කියලා හිතෙන දෙයක් දෙන්නත් බැරි උනා. මම සමහර වෙලාවට කරන්න වැඩක් නැති උනත් ගොඩක් බිසි...:පී. ඒකයි හේතුව. ඔයාලා හැම කෙනෙක්ටම ලිපිනයක් තියනවානෙ නේද? කෙනෙක්ගෙ ලිපිනය අපි දන්නවා නම් අපිට පුලුවන් එයාව මුන ගැහිලා කතා බහ කරලා දැන හඳුන ගන්න. ඉතින් මේක දන්න අයත් ඇති. නමුත් දන්න පිරිසට වඩා නොදන්න පිරිස වැඩියි කියලා මට හිතෙන නිසා මේක ඔයාලට දෙන්න හිතුනා. අපි ඉන්ටර්නෙට් බාවිතා කරනවා නම් අපිටත් මේ වගේ ඉන්ටර්නෙට් එකේ ලිපිනයක් ලැබෙනවා. මේකට කියන්නෙ IP Address (eg : 199.255.209.70) එක කියලා. ඔයාලටත් ඔයාලගේ මේ මොහොතේ IP Address එක මොකක්ද කියලා බලාගන්න ඕන නම් මෙන්න මෙතනින් හා මෙතනින් යන්න.

ලංකාවෙ නම් මේ ලිපිනය එක එක වෙලාවට වෙනස් වෙනවා කියලා කියනවා. සමහරු කියනවා SLT කියන අන්තර්ජාල සම්බන්දතාව බාවිතා කරන සෑම කෙනෙක්ටම තියෙන්නෙ එකම IP ලිපිනය කියලා. මම නම් ඒක හරියටම කියන්න දන්නෙ නෑ. හරි අපි බලමු මොකද්ද මේ IP ලිපිනයෙ තියෙන වැදගත් කම කියලා. ඔයාලා අන්තර්ජාලයෙ සැරිසරන කොට ඔයාලා එක එක වෙබ් අඩවි වලට ගමන් කරනවා. ඉතින් මේ වෙබ් අඩවිවලට පුලුවන් ඔයා මොන රටෙන්ද මේ වෙබ් අඩවියට ආවේ ඒ කියන්නෙ ඔයා මේ මොහොතෙ ඉන්නෙ කොතනද කියලා හොයා ගන්න. තව ඔයා බාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවය මොකක්ද කියන එක පවා හොයාගන්න පුලුවන්. ඔයා කෙනෙක්ගෙ IP ලිපිනය දන්නවා නම් එයාගේ අන්තර්ජාල සම්බන්දය ලබා දීපු ආයතනයට මේක දිලා ඔයාලට පුලුවන් මේ IP ලිපිනය අයිති පුද්ගලයගෙ විස්තර ලබා ගන්න. දැන් සමහරුන්ට හිතෙයි අපි කාගේ හරි IP එක හොයා ගෙන මොබිටෙල් එකට හරි ඩයලොග් එකට හරි වෙන මොකක් හරි එකකට දුන්නම අපිට විස්තර දෙයි කියලා. එහෙම නෑ. ඒකට නීතිමය අවසරය අරගෙන තියෙන්න ඕන. තව දෙයක් කියන්න ඕන ඒ තමයි කිසියම් කෙනෙක්ගෙ IP ලිපිනය දන්නවා නම් සොෆ්ට්වෙයා බාවිතා කරලා ඒ IP ලිපිනය අයිති පුද්ගලයගෙ කම්පියුටර් එකට රිංගන්න පුලුවන් ක්‍රම පවා තියෙනවා. ඒවට කියන්නෙ IP Hacking කියලා.

දැන් ඔය ලංකාවෙ තියෙන මේනියාවක්නෙ අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරන එක. මහින්ද මාමියි එයාගෙ ගොල බාල පිරිසයි එකතු වෙලා දිගට හරහට මේවා තහනම් කරනවා. එයාලා හිතන්නෙ වෙබ් සයිට් ටික තහනම් කරාම ලංකාව ආසියාවේ ආශ්චර්ය වෙයි කියලා. එයාලට තෙරෙන්නෙ නෑ මේ සයිට් තහනම් කරන එකෙන් වැඩක් නෑ ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔලුව හදන්නෙ නැතුව කියලා. මොකද ඔය තහනම් කරන සයිට් වලට යන්න ඕන එකා මොන තුප්පහි වැඩේ කරලා හරි ඕවට රිංගනවා. ඕවයේ හරයක් නෑ කියලා තේරුම් ගත්ත මිනිහා කවුරු කිව්වත් ඕවට යන්නෙ නෑ. හරියට මේවත් ලංකාවේ "මතට තිත" වගේ. සිගරට් අරක්කු විකුනන්න පුලුවන් බොන්න බෑ. ලංකාවේ තියෙන්නෙ ඔය වගේ තුප්පහි නීති තමයි. හරි කතාව වෙන පැත්තකට ගියා. මේවා මතක් වෙන කොට මගේ කට නලියනවා නෙවැ. (මම චන්දේ දුන්නෙ "ෆොන්සේකට" නෙමෙයි ඈ... අනික මම "ජෙප්පෙකුත්" නෙමෙයි.)

හරි මම අද ඔයාලට දෙන්න යන්නෙ මැක්සා බඩුවක්. සමහර වෙබ් අඩවි තියනවා ඒවට ලංකාවෙන් ඉන්ටර්නෙට් එකට පිවිසෙන පුද්ගලයන්ට යන්න බෑ. බ්ලොක් කරලා තියෙන්නෙ. youtube එකේ තියෙන සමහර වීඩියො පවා ලංකාවේ අපිට බලන්න බෑ. උදාහරනයක් විදියට ශකීරාගේ මෙන්න මේ විඩියො එක බලන්න යන්න පොඩ්ඩක්. ඕක බලන්න ගියාම අපිට ලංකාවෙ ඉන්නෙ ඔටුවො නිසා පෙන්නන්න බෑ කියලා මෙන්න මේ වගේ "Shakira - Loca ft. Dizzee Rascal" This video contains content from Vevo, who has blocked it in your country on copyright grounds. කියනවා. ඉතින් මම පහලින් දීලා තියෙන විදියට පිලිවලට  කරගෙන ඒකෙන් නෙට් එකට ලොග් උනාම ඔයාලට ලැබෙන්නෙ ඔයාලගෙ ඇත්ත IP ලිපිනය Hide වෙලා ඇමරිකන් IP ලිපිනයක්. ඉතින් දැන් බොලාට පුලුවන් ඕන තුප්පහි වැඩක් කැත නැතුව නියම ඇමරිකන් බුවෙක් වගේ කරන්න.
ඉස්සෙල්ලා ම http://www.proxy-list.org/ කියන සයිට් එකට යන්න.. 1රූපයේ පරිදි ඔයාට එම අවස්තාවෙ පෙන්වන අකුරු ටික නිවැරදිව ටයිප් කලාම ඔයාට 2 රූපයේ පරිදි වැඩකරන ප්‍රොක්සි ලිස්ට් එකක් පෙන්වාවි, ඒවායින් Uptime එක වැඩි එකක් ( චයිනීස් එපා) තෝරගන්න.. 

1රූප
රූප


ඔයාගෙ Web Browser එක මොකද්ද ??



Firefox සඳහා..
_____________
ඉන්පස්සෙ firefox ගිහින් 3 රූපයේ පරිදි Options ඔබල 4 රූපයේ දැක්වෙන Network->Settings

 බොත්තම ඔබල 5 රූපයේ දැක්වෙන් Interface එක ලබාගන්න.. 5 රූපයේ දක්වා ඇති ආකාරයට ඔයා 

කලිත් ප්‍රොක්සි ලිස්ට් එකෙන් තෝරාගත් I.P එක හා port ඇඩ්‍රස් එක දමා සේව් කරන්න.. ඉන්පසු බ්ලොක්

 කරපු සයිට් ඕනි එකකට යන්න පුලුවන්..

3 රූපය


4 රූපය



5 රූපය

Chrome සඳහා..
_____________
ඉන්පස්සෙ 6 රූපයේ පරිදි Options යන්න. මීළඟට 7 රූපයේ දක්වා ඇති පරිදි, Network -> Change Proxy Settings ඔබන්න. එතකොට Internet Properties කියන Interface එක එනවා.. ඔයා ඒකෙ තියන Internet Connection සෙට් එකෙන් ඔයා දැන් පාවිච්චි කරන connection එක තෝරල 7 රූපයෙ අංක 2න් දක්වා ඇති පරිදි Settings button එක ඔබන්න. එවිට ඒ Connection එකට අදාල Interface එක දකින්න පුලුවන්. ඊට පස්සෙ 7 රූපයේ අංක 3න් පෙන්වන පරිදි Proxy Server යටතේ තියන "Use a proxy server for this connection" කියන එකට ටික් එක දාලා අංක 4 පරිදි Advanced කියන එක ඔබන්න. එවිට ඔයාට 8 රූපයේ පරිදි Proxy Settings Interface එක දකින්න ලැබේව්. ඒකෙ "Use the same proxy server for all protocols" කියන ටික් එක දාලා 8 රූපයේ අංක 3 න් දැක්වෙන පරිදි "Proxy address to use" යටතේ HTTP: ඉදිරියෙන් අර කලින් තෝරාගත් I.P එක හා Port Address එක දමන්න. ඉන්පසු සියල්ලම "OK" කරන්න .

6 රූපය
7 රූපය



8 රූපය

වැඩේ හරිද??
_____________
ඔයාට වැඩේ හරි ගියාද කියල check කරගන්න පුලුවන් මෙන්න මෙහෙම..www.google.com කියල ගැහුවම ඒක ඉබේම www.google.lk කියල මාරු වෙන්නෙ නැතිනම් වැඩේ හරි.. දැන් ඔයාට ලංකාව ඇතුලෙ Block කරල තියන ඕනිම සයිට් එකකට යන්න පුලුවන්..


ප්‍රයෝජනවත් ඉඟි...
_____________
*) ඔයා 2 රූපයේ දී හැම විටම list එකේ උඩින්ම තියන Uptime එක වැඩි Proxy තෝරාගන්න
*) ටික දවසක් හෝ පැය කීපයක් යනකොට නිකං Internet connection එක slow වගේ දැනෙනවානම් අර මුල් සයිට් එකට "www.proxy-list.org" ගිහින් අලුත් Proxy එකක් අරගන දාගන්න
*) Proxy එකක් දාලත් ඔයාට අවශ්‍ය අර සයිට් එකට ගියාම ඒක Block කරලනම්.. ඔයා තෝරගත්ත Proxy එකට අදාලෙ රටෙත් ඒ සයිට් එක Block කරලා.. එහෙම වෙලාවට නැවතත් අර මුල් සයිට් එකට "www.proxy-list.org" ගිහින් වෙනත් රටක Proxy එකක් හොයල දාගන්න, Chinese Proxy
වලින් එහෙම ගියාම සෑහෙන්න Blocked , ඒ නිසා USA වගේ එකක් තෝරගන්න.

ඉතින් ඔයාලත් මේක දාගෙන බලන්න. කරන හැටි ගැන මොනවා හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාලා අහන්න. ඕනම දෙකට උත්තර දෙන්න මම ලෑස්තියි. තව කියන්න තියෙන්නෙ ඉතින් ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනයක් උනා නම් ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය දක්වන්න. එහෙනම් මම ගියා. තවත් ප්‍රයොජනවත් ලිපියක් සමගින් ආයෙත් හමු වෙමු.

Saturday, September 24, 2011

යාලුවගෙ computer එක හැක් කරමුද?

හැකින් කිවුවම මෙකත් හැකින් වගෙ වැඩක් මෙකෙදි ඔයාට ඔයගෙ යාලුවගෙ පරිගනකය පාලනය ඔයගෙ යටතට ගන්න පුලුවන්.වැඩි කතා නැතුව වැඩෙට බහිමුකො!
ඉසෙල්ලාම දෙන්නගෙම පරිගනක වල TEAMVIEWER කියන මෘදුකාංගය Install කරගත යුතුය.එ සදහා පහල බොත්තම කොටන්න.

ඉන්ස්ටොල් කරාට පස්සෙ යාලුවගෙ  TEAMVIEWER  ID එකයි Password එකයි ඉල්ලගෙන Partner Details එකෙ තියෙන ID එකට යාලුවගෙ ID එක දෙන්න. Teamviewer mode යටතෙ remote support දිලා  connect to partner බොත්තම කොටන්න.


ඊට පස්සෙ   TeamViewer Authentication කියලා ඩයලොග් බොක්ස් එකක් ඔපන් වෙයි එකෙදි යාලුවගෙ password එක දෙන්න.ඊටපස්සෙ log on බොත්තම කොටන්න.


දැන් වැඩෙ හරි ඔයගෙ යාලුවගෙ පරිගනකයට ඔය ඇතුල් වුනා දැන් ඔයට කැමති දෙයක් කරන්න.

file transfer mode එක දුන්නොත් ඔයට මෙවගෙ පෙනෙවි

විඩියො පටය


හරි ඉතින් මම හිතනවා මේ ලිපිය ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා,   මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මොකක් හරි ගැටලුවක් ආවොත් ඒත් කමෙන්ට් එකකින් කියන්න. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට සයොගය දක්වන්න. බලකරන්නෙ නෑ. කැමති නම් විතරයි. අපි ගියා...

Friday, September 23, 2011

Facebook Login Approval දාගෙන ඉන්න අයට රතු එලියක්!




Software සිංහලෙන් හි පල වු කලින් ලිපියක (FACEBOOK Hacking වලට වැ​​ට බැදීම!!)සදහන් පරිදි Login approval සේවාව සක්‍රිය කිරීමෙන් Facebook ආරක්ෂාව තර කරගත හැකි නමුත්,
වාර්තාවන අලුත්ම තත්වය අනුව Login Approval හි රහස්‍ය අංකය ලංකාවෙි ජංගම දුරකථන වලට SMS පණිවිඩයකින් ලැබීම අක්‍රිය ව ඈත.SMS පණිවිඩය වෙනුවට දුරකථන ඈමතුමකින් එම රහස්‍ය අංකය ලබා ගැනීමෙ සේවාවද පසුගිය දිනක සිට නවතා දමා තිබෙි?මෙම සේවාව සක්‍රිය කර තිබියදි රහස්‍ය අංකය නොමැති වුවහොත් Facebook ගිනුම​​ට ප්‍රවිශ්ට වීමට නොහැකි වන බැවින් ඒ පිලිබදව ඔබගේ අවධානය යොමු කරන්න?

මෙ ගැන වැඩි විස්තර දන්නා අයකු වෙ නමි කරැනාකර Comment කිරිමෙන් හෝ admin@softwaresinhalen.com වෙත e-mail පණිවිඩයක් යොමු කිරිමෙන් දැනුවත් කරන්න?


උපුටා ගැනිම

Thursday, September 22, 2011

වින්ඩොස් 8 ද? සිරියල් එක ද හොයන්නෙ මෙන්න ඇවිත් ගන්න නොමිලෙ

වින්ඩෝස් 8 හි වර්ධනය කරගත හැකි සංස්කරණය මහජනයා වෙත නොමිලේ බාගැනීමට 9/15/2011 දින නිකුත් කල අතර එහි ඇති විශේෂත්වය නම් අපිට වින්ඩොස් 8 හි දියුණු විය යුතු තැන් දියුණු කරගැනීමට හැකි වීමයි.නමුත් මෙය අත්හදා බැලීමේ සංස්කරණයක් නිසා තමන් දැනට පාවිච්චි කරන පරිගණක මෙහෙයුම් පද්ධතියට අමතරව වින්ඩෝස් 8 සංස්කරණය අත්හදා බලන ලෙස දැන්ව සිටමි.ඔබට මිට පෙර සදහන් කල ලිපියෙන් බාගත හැක . එක දැක්කෙ නැත්නම් මෙතන කොටන්න.


මං හිතනවා කට්ටිය වින්ඩෝස් 8 බාගන්න ඇති කියලා.දැන් වින්ඩොස් 8 install කරද්දි Product Key ඉල්ලනවා එකට පහල දාලා තියෙන සිරියල් එක දෙන්න.


                                            Windows 8 Product Key : 
                               6RH4V-HNTWC-JQKG8-RFR3R-36498


ඔයා server version එකනම් install කරන්නෙ මෙ සිරියල් එක දෙන්න
Server version of Windows Developer Preview, you can use this product key:
               

                              4Y8N3-H7MMW-C76VJ-YD3XV-MBDKV


සැළිකිලිමත් වන්න:මෙය වින්ඩෝස් 8 හි වර්ධනය කරගත හැකි සංස්කරණය  සදහා පමණක්  ක්‍රියා කරයි.


හරි මම හිතනවා මේක වින්ඩොස් සංස්කරණ වලට පෙම් බඳින අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. කරලා බලන්න. ඉතින් එහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය ලබා දෙන්න... කැමතිනම් විතරක් ඕකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා...

Tuesday, September 20, 2011

Google වලින් සුපිරියටම වැඩ ගමුද?!!!!



                            මේකනම් පට්ටම පට්ට.. පට්ටෙත් පට්ට ගැජමැටික් කෑල්ලක්! ඔන්න වැඩි කතා නැතුවම කියලා දානවා....
                           
ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකෝ........

1.මෙන්න මෙතනින් මේක Download කරගන්නකෝ එහෙනම් ඉස්සරවෙලාම...





2. හරි දැන් ඕක පරිගණකයේ Install කරගන්න.......

3. ඊට පස්සේ Web browser එක open කරලා , software එකේ Search කියන තැන ඔයාට ඕන දේ type කරන්න..ඊට පස්සේ ඒක අඩංගු වෙන කාන්ඩෙ තෝරන්නත් පුලුවන්...

                         වෙනස මෙන්න මේකයි, අපි සාමාන්‍ය යෙන් Google වල Search කරනකොට අපිට පුලුවන් එක්කෝ Web pages Search කරන්න නැත්නම් Image search කරන්න එත්
මෙකෙන් වෙන වෙනම Hacks,Proxy,Music,Books, Video, Applications, Torrent වගේ තව ගොඩක් දේවල් Search කරන්න පුලුවන්...

                          තව ගොඩක් දේවල් කරන්නත් පුලුවන්...... මේක බොහොම පොඩි Software එකක්, 1.2MB විතරයි

එහෙනම් Download කරගෙනම වැඩේ පටන් ගන්න.... Comment එකක් එහෙමත් දාලා Follow, like එකකුත් දාලා යන්නකො


Friday, September 16, 2011

ඕනෙම වෙබ්සයිට් එකක් හැක් කරන්න කැමතිද?

කැමතිද අතට අහුවෙන ඕනෙම වෙබ්සයිට් එකක් හැක් කරන්න?
එහෙනම් ඉතින් තමන් කැමති වෙබ්සයිට් එකට ගිහින් මෙන්න මේ ජාවා ස්ක්‍රිප්ට් එක address bar එකේ ගහල එන්ටර් කරන්න විතරයි තියෙන්නේ...

javascript: document.body.contentEditable = 'true'; document.designMode = 'on'; void 0 

මේ තියෙන්නේ මම ජොලියට වගේ youtube හැක් කරපු හැටි 







හරි මම හිතනවා මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. කරලා බලන්න. ඉතින් එහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය ලබා දෙන්න... කැමතිනම් විතරක් ඕකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා...

Virtual Wi-Fi host එකක් සාදාගමු!!


ඉතින් කොහොමද ඔයාලට..?? smilies ගොඩක් කාලෙකට පස්සෙනේ… මේ දවස් වල ටිකක් වැඩ වැඩී… smiliesඉතින් post එකක් ලියන්නවත් වෙලාවක් තිබුනෙ නෑ… නිවාඩුවක් ලැබුනු වෙලේ පුංචි post එකක් ලියන්න හිතුනා… smilies
අද මම ඔයාලට කියලා දෙන්න හදන්නෙ windows 7 os එකක් තියන Laptop/Pc(with wifi) එකකින් virtual wifi host එකක් හදාගන්නෙ කොහොමද කියලා…
මේකට අපිට ඕන වෙන්නෙ හුරු පුරුදු command prompt එක විතරයි smilies
මම මුලින් ම කියලා ඉන්නම්කො මොකක්ද මේ virtual wifi host එකකින් වෙන්නෙ කියලා…
සාමාන්‍යයෙන් අපිට wifi host එකක් හදා ගන්න wifi router එකක් ඕන වෙනවා.. එත් මේ virtual wifi host එකක් හදාගත්තහම ඔය මුකුත් ඔන වෙන්නෙ නැ… ලේසියෙන් ම ඔයාගෙ අනික් Laptops.Pc,Mobile Phones වගෙ ඒවා network එකට සම්බන්ධ කරගන්න පුලුවන් වෙනවා.. wire මුකුත් ඕන වෙන්නෙ නැ.. smilies
ඕන් එහෙනම් අපි වැඩේ පටන් ගමුකො…. smilies
01.මුලින්ම ඔයා command prompt එක administrator(Run as administrator) එකෙන් open කරගන්න.
02.දැන් මේ command එක type කරන්න… C:\Windows\system32>netsh wlan set hostednetwork mode=allow ssid=MYWIFI key=passwrd
03.ඔය MYWIFI , passwrd කියන තැන් වලට ඔයාට කැමති එකක් දාගන්න පුලුවන්.. smilies
04. Enter press කරපුවාම ඔයාට මේවගෙ ප්‍රතිදාන(output) ටිකක් දකින්න ලැබේවි..
  • The hosted network mode has been set to allow.
  • The SSID of the hosted network has been successfully changed.
  • The user key passphrase of the hosted network has been successfully changed.
05.ඔන්න ඔච්චරයි settings හදන්න තියෙන්නෙ….smilies ඔයාට host එක start කරන්න ඕන වුනාම මේ command එක type කරන්න….. C:\Windows\system32>netsh wlan start hostednetwork
දැන් ඔයාට පුලුවන් හිතේ හැටියට ඔයාගෙ wifi host එකට devices connect කරගන්න.. smilies
මේ virtual wifi host හදාගන්න තවත් ලේසි විදියක් තියනවා… smilies ඒ තමා softwere එකක් use කරන එක…. windows 7 වල host හදන්න හොදම softwere එක connectify ලු..smilies මමත් use  කරන්නෙ ඒක තමා…smilies ඔයාලටත් බාගන්න ඕන්නම් මෙන්න link  එක..:

හරි මම හිතනවා මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. කරලා බලන්න. ඉතින් එහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය ලබා දෙන්න... කැමතිනම් විතරක් ඕකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා...