Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Friday, September 16, 2011

නොමිලේ දෙන මෘදුකාංග කිහිපයක යාවත්කාලීන ගැන දැනගනිමු


මේ දවස් ටිකේ ගොඩක් වෙනස්වීම් වෙලා තියෙනවා.කොහොමත් තාක්ෂණය කියන දේ නිතරම වෙනස් වෙනවනෙ. ඉතින් මම කලින් දාපු ලිපිවලට අදාල මෘදුකාංග වල සිදුවෙලා තියෙන යාවත්කාලවීම් ගැන තමා දැන් කියන්නේ.
opera
ඔපෙරා කියන වෙබ් පිරික්සුම් මෘදුකාංගයේ 10.10 කියන සංස්කරණය නිකුත්වෙලා තියෙනවා. ඔපෙරා මිනි කියන ජංගම දුරකතන සඳහා දියුණු කරන මෘදුකාංගයේ 4.2 සංස්කරණය තිබෙන අතර එහි 5.2 වශයෙන් අත්හදා බැලීමේ සංස්කරණයක්ද නිකුත් වී තිබෙනවා.

gimp2.6.7
ගිම්ප් කියන චිත්‍රක නිර්මාණය කරන මෘදුකාංගයේත් 2.6.7 කියන 2.6 හි ඇති දෝශ කිහිපයක් විසඳමින් වැඩිදියුණු කල සංස්කරණය ඇවිත් තියෙනවා.

ClamWin Free Antivirus යනුවෙන් හඳුන්වන ප්‍රතිවයිරස මෘදුකාංගයේ 0.53.3 කියන සංස්කරණය නිකුත් වෙලා තියෙනවා.
*වයිරස් පිලිබඳ තොරතුරු ගබඩාව වැඩිදියුණු කිරීම
*දත්ත ගොනු ඉක්මණින් ස්කෑන් කොට වයිරස තිබේදැයි පරීක්ෂා කිරීම
*වඩාත් විශාල සහ හැකිලූ දත්ත ගොනු පරීක්ෂාව වැඩිදියුණු කිරීම මෙම අලුත් සංස්කරණයේ තිබෙන විශේෂ ලක්ෂණ කිහිපයක්.

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?