Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Thursday, August 25, 2011

පරිගණක භාෂාවේ එන “debug” යන වචනයේ උපත ගැන දන්නවද?


“debug” යනු මෘදුකාංග වල හා ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ වල වැඩ කරද්දි එන දෝෂ හදුනා ගෙන එයට පිලියම් කරන්නේ කෙසේද යන්න හදුන්වන පරිගණක භාෂාවේ වචනයයි.  
පරිගණක පාවිච්චි කරන බොහෝම දෙනා මේ වචනය අහලා දැකලා ඇති.. 

මේ වචනයේ උපත ගැන දන්නවද?  
මාත් දැන ගත්තේ අහම්බයෙන්...  
මම හිතන්නේ දන්න අයත් නොදන්න අයත් බොහෝ ඇති..  ඒ නිසා මේ ඒ ගැන වු කතාව හා එය පරිගණක භාෂාවට හදුන්වා දුන් අය ගැන කතාවයි. 
1906 දෙසැම්බර් මස ඇමරිකාවේ නිව්යෝක් හි උපත ලැබු ග්‍රේස් මුවර් හොපර් Vassar පාසලෙන් තම උපාධිය ලබා 1928 දි ඇමරිකානු යාලේ සරසවියෙන් ගණිතය පිළිබඳ පශ්චාත් උපාධියද ලබා ගන්නා ලදි.  
ග්‍රේස් මුවර් හොපර් මහත්මිය..
 
1931 සිට 1943 වෙනතුරුම එහි රැදී සිටි ඇය 1944 දි බලලත් ලුතිනන් වරියක ලෙස ඇමරිකානු නාවික හමුදාවට එක්වු අතර එකල පරිගණකයේ මුල් අවධියේ එය දියුණු කරමින් සිටින හොවාඩ් අයිකන් සමඟ වු කණ්ඩායමක සමාජිකාවක විය. 
ඇමරිකානු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ තිබු 
Mark II Aiken Relay Calculator 
නම් වු ප්‍රාථමික පරිගණකයක කටයුතු හා පද්ධති සොයා බලමින් 
පරිගණක භාෂාව දියුණු කරමින් රාජකාරි කලේය.
Mark II Aiken Relay Calculator පරිගණකය 
ඇමරිකානු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ එය පිහිටා තිබු ගොඩනැගිල්ල.
දිනක් එනම් 1947 සැප්තැම්බර් 09 දින ඔවුන් වැඩ කටයුතු කල පරිගණකය ක්‍රියාවිරහිත වු අතර එහි වු ආබාධය සොයා බැලීමේ දි සිදුව තිබුනේ නම් වු පැනලයේ Relay #70 කොටසේ සලඹයකු 
(කෘමියකු Bug ) ඇතුල් වි එහි සිරවීම නිසා මෙහි ක්‍රියාවිරහිත වීම සිදුව ඇති බවයි. 

මේ ගැන ඔවුන් ලොග් පොතේහි 
“ First actual case of bug being found” 
යනුවෙන් සඳහන් කරමින් එම සලඹයා ද එහි අලවා තැබීය. ඉන් පසු එම කාමරයේ තිබු ජනේල වසා දැමීම මගින් එලෙස තව දුරටත් එසේ සිදුවීම වලක්වා ගැනීම සිදුකර ගන්නා ලදි. 
එලෙස වු bug හෙවත් කෘමියකු ඇතුල්ව ක්‍රියාවිරහිත වු පරිගණකය එය ඉවත් කිරිමෙන් ක්‍රියාකිරිම නිසා කෘමියා අයින් කිරීම හෙවත් Debug යන වචනය පරිගණක භාෂාවට එකතු විය. 
එලෙස එකතු වු එම Debug වචනය VB හෙවත් විෂුවල් බේසික් මෘදුකාංගයේදී බොහෝ විටම භාවිතා වේ..
 
එලෙස ඉවත් කල සලඹයා සහිත ලොග් පොතෙහි පිටුව අදත් ඇමරිකානු වර්ජිනියා ජනපදයේ එල්ග්‍රේන් හි නාවික පෙරමුණු පරිගණක කෞතුකාගාරයේදී දැක ගත හැකිවේ..
සලඹයා සහිත ලොග් පොතෙහි පිටුව  
 
1992 ජනවාරි මස 01 දින ග්‍රේස් මුවර් හොපර් මහත්මිය මිය යනවිට ඇය ඇමරිකානු නාවික හමුදාවේ රියර් අද්මිරාල් වරියක ලෙස කටයුතු කල අතර ඇය කල සේවය උදෙසා ඇය වෙනුවෙන් ඇමරිකානු නාවික හමුදා නෞකාවක් ද නම් කර ඇත.
එය USS Hopper (DDG-70) නමින් අදත් දක්නට පුළුවන් වේ..

USS Hopper (DDG-70) යුධ නෞකාව හා රියර් අද්මිරාල් වරියක වු 
ග්‍රේස් මුවර් හොපර් මහත්මිය නිලඇදුමින් සැරසී...

අද වන විට නම් මේ bugs, worms, viruses ආදිය බොහෝමයක් වන අතර පරිගණක විද්‍යාඥයින් කියන පරිදි දිනකට malware වැඩසටහන් 55.000 වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයට එකතු වෙනවලු.ඒ හින්දම ජනෙල් වහලා නම් අපේ පරිගණකය බේර ගන්න අමාරුයි.
හොද වයිරස් ගාඩ් එකක් දාන එකම තමා හොද!  
අහම්බයෙන් සිදුවු සිදුවීමක් නිසා එකතු වු වචනයකටත් අද තියෙන තැන කොහොමද නේද? 
තොරතුරු හා ජයාරෑප අන්තර්ජාලයෙන් තමා සොයාගත්තේ... 
සිද්ධීය රසවත් කියලා හිතනවා.. මේ ගැන ඔබේ අදහසත් එකතු කරලාම යන්න හොදද!!

3 ප්‍රතිචර:

  1. macho digatama karapan.ube letter hugak vatinava.elama thamai

    ReplyDelete
  2. ස්තුති ඔබගෙ කමෙන්ට් එකට තව ඉදිරියටත් මන් මෙ වගෙ ලිපි පළකරන්නම් ස්තුති

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?