මේක ගැන කථාකරනවා නම් මේ සේවාවෙන් කරන්නේ අපි පොස්ට් එකක දාන වචන පෙළගස්වාගෙන ශබ්ද නඟා කියවිමයි (අපි පොඩි කාලේ පොත් කියවනවා වගේ...... ) , සේවාව ලබාදෙන්නේ නම් අපේ පොස්ට් එක උඩින් හරි යටින් හරි පොඩි ප්ලේයර් කෑල්ලක් embed වෙලා තියනවා . ඉතින් කියවන එක්කෙනාට කරන්න තියන්නේ ඔය ප්ලේයර් එකේ play බොත්තම ඔබන්න , එතකොට පොස්ට් එකේ තියන ටික මොකෙක් හරි එකෙක් කියවගෙන යනවා , අපිට තියන්නේ ඕක අහගෙන ඉන්න එක විතරයි .හරි හරි වැඩි වර්ණනා නැතිව මම කියලා දාන්නම්කෝ , ඔය සේවාව ලබාදෙන වෙබ් අඩවි කිහිපයක් ගැනම .
1. Odiogo.com
මේ අඩවිය ගැන කියනවා නම් ඉක්මණින්ම වචන ටික ඕඩියෝ එකක් බවට පත්කරන්න පුලුවන් . නමුත් free version එකට නම් දෙන්නේ microsoft වල ඉන්න sam ගේ කටහඬ වගේ ගොබ්බ කටහඬක් (කටහඬ මොකක් වුනත් අවුලක් නෑනේ කියවන එක ඇහේනවා නම්) . ප්ලේයර් එකත් අවුලක් නැතුව ගැලපෙන්න සාදා ඇති නිසා තිම් එකට අවුලකුත් නෑ , එහෙනම් ඔයලත් දාගෙනම බලන්නකෝ ......... .* DEmo එකක් බලාගන්න මෙතෑන කොටන්න .
2. ispeech.org
මේකත් මරු වෙබ් අඩවිය , හැබැයි පෙර අඩවියට වඩා මනා පැහිදිලි කටහඬක් මෙහි ඇතුලත් වෙනවා , ඕඩියෝ rending වේගය තරමක් අවම වුවත් තත්පර කිහිපයක් ඇතුලදි අවශ්‍ය වැඩේ කරගත හැක . ඔයාලත් දාගෙනම ගුණ දොස් කියන්නකෝ ....... (DEmo එකක් වෙබ් අඩවියේ මුලම තිබේ .)* තව වෙබ් අඩවි කිහිපයක්ම මට හම්බවුණා . හම්බ වුණ ඒවා වලින් අල්ලලා ගිය වෙබ් අඩවි 3 ක් විතර තියනවා , මම පොඩ්ඩක් වෙබ් අඩවි ටික ටෙස්ටින් පාරක් දාලා බලනකොට එක එක අවුල් ආවා (ඔක්කොම ඒවා වල මම signup වුනේ 10min mail හරහා , විනාඩි 10 ක් විතර බලලා confirmation mail එකක් ආපු නැති නිසා වැඩේ අත ඇරලා දෑම්මා [දැන් මේක මම ලියන්නේ හෙනම හදිස්සියෙන්, මොකද මම මේ දැන් මට ආසම කරන බයිස්කෝප් 3 ක් හම්බවුණා බලන්න. අද ටිකක් වැඩි වැඩක් නැති නිසා අනිවා 3 ම බලන්න ඕනේ!!!] ) . ඕන දෙයක් කරගන්න කියලා මම කොකටත් අනෙක් වෙබ් අඩවි ටික දෙන්නම් කෝ !!! ඔයාලා දාලා ටෙස්ට් කරලා මටත් කියන්නකෝ !!!......... .
* වෙබ් අඩවි ටික බලලම ඕවා ගැන ගුණ දොස් පහළ කොමෙන්ට් බොක්ස් එකේම දාන්නකෝ !!!
0 ප්‍රතිචර:
Post a Comment
බැලුවද?
ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?