Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Thursday, July 14, 2011

ඔබට වැදගත් වන වෙබ් අඩවි-2, සිංහල තාක්ෂණික වෙබ් අඩවි

ආ , කට්ටිය කොහොමද  ඉතින් ??? සැප දුක ........... මම නම් මේ දවස්වල අවුලක් නෑ . අද නම් මම කියන්න යන්නේ අපේ සිංහල භාශාවෙන් පරිගනක ගැන , කිසිදු මුල්‍යමය තත්වයක් බලාපොරොත්තු නොවි තමන්ගේ කාලය වැය කරමින් රටට මහගු සෙවයක් කරන වෙබ් අඩවි කිහිපයක් ගැන . මට මේ ලිපිය ලියන්න ගොඩක්ම හේතු වුනේ අපේ ගොඩක් කට්ටිය කියන දෙයක් තමා සිංහලෙන් තාක්ෂණික ලිපි තිබුන නම් මරේ මරු කියලා , ඒ වුනත් ගොඩක් අය දන්නේ නෑ , මෙහෙම සිංහලෙන් තාක්ෂණික ලිපි පලකරන වෙබ් අඩවි තියනවා කියලා...... ; මගේ ගොඩක් යාලුවොත් කියුවාම තමා දන්නේ  සිංහලෙන් තාක්ෂණික ලිපි පලකරන වෙබ් අඩවි තියනවා කියලා !!! ( ජංජාලය තියන එවුන් පොල්ගානවද දන්නේ නැ මෙවා නොදැන ඉන්න .... :P ).

හරි හරි වැඩි කතා ඕනේ නෑ , මම වෙබ් අඩවි ටික කියලා දාන්නම් කෝ!!!! (මෙතැන ඉතින් මහා ලොකු වෙබ් අඩවි ගණනක් නෑ , දන්න 3 න තමා ; තව වෙබ් අඩවි තියෙනවා නම් කියන්න හොදේ , ඒවා දැම්මේ නැති උනාට තරහා වෙන්න එපා හොදේ ) .

1. Gurulk.com


    *  Basic Computing
    * Windows XP
    * Windows Vista
    * Ubuntu - Linux
    * Microsoft Word 2003
    * Microsoft Word 2007
    * Microsoft Excel
    * Microsoft Access
    * Microsoft Powerpoint
    * Adobe Photoshop
    * Adobe Flash
    * 3DStudioMax
    * Flash ActionScripting
    * Adobe Dreamweaver
    * Adobe Fireworks
    * Adobe AfterEffects
    * Java
    * JavaScript
    * C
    * C++
    * PHP
    * HTML
    * Visual Basic.NET 2003
    * Visual Basic.NET 2005
    * Visual Basic 6.0
    * Facebook
    * Joomla
    * Networking
සහ තවත් බොහ්හෝ දේ .........



                                         - උපුටා ගැනිම gurulk.com වෙතින් . -






" Kuppiya.com offers you free learning videos regarding most aspects of the IT world. We are happy to say that we are the pioneers in introducing IT learning videos in Sinhala to Sri Lanka.
This site is totally free to use. We are in a mission to empower the people of Sri Lanka to increase their knowledge of the IT world.
All videos in this site are in Sinhala, So any Sri Lankan can easily understand them. "

                                                                                                  - උපුටා ගැනිම Kuppiya.com වෙතින් -


" Techකතා සජීවීව!
සෑම බ්‍රහස්පතින්දාම රෑ9:00 සිට අපේ podcast එක සමග සජීවීව එකතුවන්න!
techkatha.com/chat/පටිගත කරන වෙලාවන් හා වෙනත් Techකතා updates සදහා add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න. "






techkatha.com නැතහොත් Techකතා යනු ඕනෑම ආකාරයේ තාක්ෂණික ගැටළුවක් සඳහා පිළිතුරු සපයා දෙන, තාක්ෂණික පුවත් හා නව සොයාගැනීම් පිළිබඳව හෙළිදරව් කරන පොඩ්කාස්ටින් (Podcasting) හා සිංහල බ්ලොග් මුසුවක් ලෙස පරිශීලකයින් වෙත එන වෙබ් අඩවියකි. බ්ලොග් රේඩියෝවක් ලෙසද එය හැඳින්විය හැකිය.


පරිගණක ආශ්‍රිතව වේවා අන්තර්ජාල පරිශීලනයේදී වේවා, මෘදුකාංග හෝ දෘඩාංග භාවිතය සම්බන්ධයෙන් පැන නගින ගැටළු, ජංගම දුරකථනය, රූපවාහිනිය මෙන්ම නව සන්නිවේදන ක්‍රමෝපායයන් හි පවතින ගැටළු මේ ආකාර බහුවිධ තාක්ෂණ ගැටළුවලින් වත්මන් සමාජයේ විවිධ පිරිස් පෙළෙන බව නොරහසකි. ඇතැමුන් දන්නා බව පෙන්වමින් තවත් අය මුලාවේ හෙළන අතර, නිවැරදි අවබෝධයක් දැක්මක් ලබා ගත නොහැකිවීමෙන් ‍බොහෝ දෙනා තාක්ෂණයෙන් උපරිම ඵල නෙලාගැනීමට නොහැකිව පසුවෙති. අක්‍රමවත් පාඨමාලා හා ලිපි ලේඛන ආශ්‍රයෙන් අසම්පූර්ණ දැනුමක් අසංවිධිත ලෙස සමාජයට ගලා ඒමේ ප්‍රවණතාව බහුල සමයක අපි සිටිමු. Techකතා බිහි වන්නේ තමන්ගේ දැනුම අන් යහපත සඳහා යෙදවීමේ අවශ්‍යතාව ප්‍රබලව දැනුණු එවන් මොහොතක ඇතිවුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසිනි.
කාලිංග ඇතුළත්මුදලි, බුද්ධික ජයසිංහ, තිළිණ ගුණසේකර හා හර්ෂදේව ආරියසිංහ ටෙක් කතා ආරම්භ කිරීමේ නියමුවෝ වෙති. ඔවුන්ගේ ආරාධනයෙන් මලින්ත සමරකෝන් (Twitter) සිය සහය මෙම වැඩ පිළිවෙල වෙත ලබා දෙයි.
කාලිංග ඇතුළත්මුදලි (Twitter) – ජාලකරණය පිළිබඳ වසර 12ක ‍ප්‍රවීණත්වයක් දරයි. ගුවන් විදුලි සන්නිවේදනය සම්බන්ධ වඩාත් උනන්දුවක් දක්වන, ඒ ආශ්‍රිත වැඩ මුළු හා වැඩසටහන් සඳහා සහභාගී වන අතර, Techකතා හි ද ප්‍රධානත්වය ගෙන ක්‍රියා කරයි.
බුද්ධික ජයසිංහ (Twitter) – වෘත්තියෙන් මෘදුකාංග සැලසුම් ශිල්පියෙකු ලෙස කටයුතු කරයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 07 ක පලපුරුද්ද හා ජංගම දුරකථන මෘදුකාංග සංවර්ධනයේ සිව් වසරක අත්දැකීම් සහිත වන අතර Mobile Computing/Technologies, Embedded Systems, Software Localization පිළිබඳව වඩාත් රුචියක් දක්වයි.
තිළිණ ගුණසේකර (Twitter) -  වෙබ් වැඩසටහන් නිර්මාණකරණයේ නියැලී සිටියි. පරිගණක ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෙකි.
හර්ෂදේව ආරියසිංහ (Twitter) - වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙක් ලෙස කටයුතු කරයි. තොරතුරු තාක්ෂණ සංවර්ධන හා තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි වසර 5 ක පලපුරුද්දක් සහිත වන අතර Web Technologies සහ Computer Music Production පිළිබඳව වැඩි උනන්දුවක් දක්වයි. පරිගණක ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෙකුද වේ.
මේ සුසංයෝගයෙන් බිහි වූ Techකතා එහි ආරම්භයේ පටන්ම අධ්‍යාපනික කේෂ්ත්‍රවල  විද්‍යාර්ථීන්, ආචාර්යවරුන් සහ වෙනත් සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම වෘත්තීය කටයුතුවලදී තාක්ෂණික ගැටළුවලට මුහුණ දෙන සෑම වයස් කාණ්ඩයකම සියලුම දෙනාටම විවෘත වු අත්දැකීමක් වීම විශේෂත්වයකි.
වෙබ් අඩවියට එක් කරන ලද මුල් වැඩසටහන් සතියකට වරක් පටිගත කර පරිශීලකයින් හට ලබා දුන් අතර, මාස කිහිපයක් ගතවීමේදී වෙබ් අඩවිය මගින් දියත් කළ චැට් කාමරයක් තුළට සජීවී අත්දැකීමක් ලබා දෙමින් සාකච්ඡාව සිදුවන මොහොතෙහිම විකාශය ද සිදු කරන්නට කණ්ඩායම කටයුතු කළහ.
Techකතාවල විශේෂත්වය ‍වන්නේ එය සෑම සියලු ආකාරයකින්ම මිත්‍රශීලී ලෙස පරිශීලකයා වෙත ළඟා වීමට කටයුතු කර තිබීමයි. නිදසුන් දක්වතොත් Techකතා වෙත ප්‍රශ්න යොමු කිරීමේදී ස්කයිප් (techkatha) ඇමතුම් වැනි පණිවිඩ ක්‍රමවේද හරහා මෙන්ම,  Techකතා වෙබ් අඩවියේ ඇති ආකෘති පත්‍රය පිරවීම මගින්, දුරකථනය මගින්, විද්‍යුත් තැපෑලෙන් (info [at] techkatha.com) ද ‍නැතිනම් සජීවී පටිගත කිරිම සුදුවන සෑම බ්‍රහස්පතින්දාවකම සවස 9.00 සිට Techකතා චැට් කාමරය හරහා යන ඕනෑම ආකාරයකින් කෙනෙකුට සිය ගැටළු ඉදිරිපත් කළ හැකිය. එහි අනෙක් විශේෂත්වය වන්නේ යුනිකෝඩ් සිංහල භාවිතයෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංග්‍රීසියෙන් සිය ගැටළු ඉදිරිපත් කළ හැකිවීමයි. භාෂා බාධකය නොතකා හරිමින් සෑම තරාතිරමකම ඕනෑම අයෙකුට නවීන තාක්ෂණයේ දොරගුළු විවර කර දීම කණ්ඩායමේ අරමුණ වන හෙයිනි. එමෙන්ම Techකතා පටිගත කරන ලද වැඩසටහන්, ඉතා අඩු ගුණාත්මක අන්තර්ජාල සබඳතා සඳහා වෙනමම හා පුළුල් පරාස අන්තර්ජාල ‍සේවා භාවිත කරන්නන් සඳහා වෙනමම වශයෙන් වැඩ සටහන් දෙකක් ලෙස ලබා දෙයි. තවද, පරිගණකයක් නැති අයෙකුට හෝ පරිගණකයක් නොමැති ස්ථානයකදී වුවද Techකතා ජංගම දුරකතන වෙබ් අඩවිය (http://m.techkatha.com) ඔස්සේද ජංගම දුරකතන මගින් සවන්දීමට ගැකිය. සමාජයේ සියලු දෙනාට සමීප විය හැකි වන සේ Techකතා ඉදිරිපත් කිරීම සඳහා කණ්ඩායම නිරන්තරයෙන් සිය අවධානය ‍ යොමු කර සිටී.
මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ Techකතා කණ්ඩායම කිසිදු මූල්‍යමය ලාභයක් අපේක්ෂාවකින් තොරව  සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කරන සේවාවක් වීමයි.


                                                                                                - උපුටා ගැනිම techkatha.com වෙතින් -

4. Digit.lk 

 

1 ප්‍රතිචර:

  1. දිග පොස්ට් එකක්, බෙදා ගත්තට තැන්ක්ස්

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?