Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Thursday, January 12, 2012

මොබිටෙල් එකටත් හොරෙන් මැසේජ් යැවීම



මේ කතාව ටිකක් අමුතු, වෙන්න බැරි‍ දෙයක් ගැන. මොබිටෙල් එකේ තියෙන දුර්වලතාවයක් ගැන තමයි කතාව සිද්ධ වෙන්නෙ.

අපේ නැන්ද (අම්මගෙ මල්ලිගෙ නෝනා, ගෙදර තියෙන්නෙ අපේ වත්තෙමයි) ගාව මොබිටෙල් සිම් එකක් තියෙනව. සිම් එක දාල තියෙන්න සැම්සුංග් පරණ ෆෝන් එකකට. කොච්චර පරණද කිව්වොත් message වල sent items වත් පෙන්නන්නෙ නෑ. මගෙ අක්කා ගාව තියෙන්නෙ Etisalat සිම් එකක් දාපු ෆෝන් එකක්.
ගිය බදාද අක්ක පංතියක ඉද්දි නැන්දගෙ ෆෝන් එකෙන මැසේජ් ඇවිල්ල තියෙනව. “පංතියේද ඉන්නෙ” “කීයටද ඉවර වෙන්නෙ” වගෙ කියල. අක්ක ඒ හැම එකකටම reply කරල තියෙනව. ඊට පස්සෙ දවසෙ, ඒ කියන්නෙ බ්‍රහස්පතින්දත් ඒ වගේම මැසේජ් අවිල්ල ඒවටත් reply කරල තියෙනව. පංති ඇරිල හවස එන ගමන් අක්ක නැන්දගෙන් නිකමට වගෙ අහල තියෙනව මැසේජ් එව්වද කියල. නැන්ද කියල නෑ කියල. ඒ ගෙදර මල්ලිගෙනුයි නංගිගෙනුයි ඇහුවහමත් නෑ කියල. ඒ සිද්ධිය මට කීවට අක්ක ඔක්කොම මැසේජ් delete කරල තිබ්බ. ඒ නිසා මැ‍සේජ් බලන්න බැරි වුනා. හැබැයි ටිකක් රෑ වෙද්දි තව මැසේජ් ආව නැන්දගෙ  නම්බර් එකෙන්. මං ෆෝන් එක ඇරගෙන මැසේජ් බැලුවෙ international gateway එකක් පාවිච්චි කරල එව්වනම් message center number එක වෙනස් වෙන්න ඕන නිසා. ඒත් message ඇවිත් තිබුනෙ සාමාන්‍ය mobitel message center number එකෙන්මයි. ම්ක කාලිංග අයියට කීවම එයා කීව local gateway එකකින් එවල තියෙන්නෙ mobitel එකට complain කරන්න කියල.
මං සිකුරාදම නැන්දත් එක්ක අක්කගෙ ෆෝන් එකත් ඇරගෙන කුරුණෑගල mobitel branch එකට ගිහින් මේ ගැන කීව. එතන හිටපු කෙනත් පොඩ්ඩක් බලල නැන්දගෙ ‍ෆෝන් එකෙන් ගිය මැසේජ් චෙක් කරල බැලුව. එතකොට තමයි තරු මොබිටෙල් එකේ එවුන්ටත් තරු පෙනුනේ. නැන්දගෙ ‍නම්බර් එකෙන් මේ මාසෙටම ගිහින් තියෙන්නෙ එක මැසේජ් එකක් විතරයි. මොබිටෙල් එකේ එවුන්ටත් කර කියා ගන්න දෙයක් නැතුව නිකන්ම පැමිණිල්ලක් දාගත්ත. එච්චරයි.
ගෙදර ආවට පස්සෙ හවසත් අක්කගෙ ෆෝන් එකට මැසේජ් එන්න පටන් ගත්ත. පැමිණිල්ලක් කරල තියෙන නිසා මං වැඩිය ‍ගනන් ගත්තෙ නෑ. ටික වෙලාවකින් මගෙ ෆෝන් එකටත් මැසේජ් එන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ තමයි මට මල විකසිත වුනේ. ඇයි යකෝ යවන එකෙකුත් නැත්නම්, මොබිටෙල් එකේ රෙකෝඩ් වෙන්නෙත් නැතුව මැසේජ් යවන්න තරම් මොළයක් තියෙන එකා මොකාද. ඔහොම ටික වෙලාවක් යද්දි තාත්තගෙ ෆෝන් එකටත් මැසේජ් එන්න පටන් ගත්ත. නැන්ද අපේ ගෙදරට ඇවිත් කීව මාමගෙ ෆෝන් එකටත් මැසේජ් යනව කියල.  මම නැන්දගෙ ෆෝන් එක ඇරගෙන පොඩ්ඩක් බැලුව. Sent items ‍නැති නිසා මොකුත් හිතා ගන්නත් බෑ. ඔහොම ටිකක් වෙලා යද්දි නැන්දගෙ නම්බර් එකෙන් නැන්දගෙ ෆෝන් එකටම මැසේජ් එනව. ඒ වෙලාවෙ චේන් පැනල හිටියෙ. මොකෙක් හරි ‍එකෙක් මොබිටෙල් එක හැක් කරල මැසේජ් එවනව කියල හිත හදාගත්ත.
සෙනසුරාදත් ඔය විදිහටම දිගටම මැසේජ් ඇවිත් පොඩි පෞද්ගලික කාරණාවක් (ඒක ප්‍රස්ද්ධියේ කියන්න බැරි දෙයක්) නිසා මැසේජ් එන එක නතර වුනා. මොබිටෙල් එකෙන් complain එක ගැන මොකුත් කීවෙත් නෑ. හැබැයි දැන් මැසේජ් එන්නෙත් නෑ.

ප.ලි. මේ විදිහට මොබිටෙල් එකේ රෙකෝඩ් වෙන්නෙත් නැති වෙන විදිහට මැසේජ් කලේ කොහොමද කවුද කියල හොයා ගන්න පුලුවන් උත්සහයක් ගන්නව. ඒත් තාම හරියට මොකුත් දැනගන්න ලැබුනෙ නෑ.
ප.ප.ලි. මේ කතාවෙ ටිකක් විද්‍යාවෙන් බැහැර වෙන අතුභූත පැත්තකුත් තිබුන. ඒ ගැන ලිව්වෙ නැත්තෙ ඒක කියවපු ගමන් ඕන කෙනෙක්ට හිනා යන තරම් විශ්වාස කරන්න බැරි දෙයක් නිසා.

3 ප්‍රතිචර:

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?