Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Saturday, January 7, 2012

TTS – කියවන්න කම්මැලි අයට අහන්න



අද මම කතා කරන්න යන්නෙ TTS තාක්ෂණය හා ඒ සම්බන්ද මෘදුකාංග ගැනයි. TTS කියන්නෙ Text To Speech කියන එකයි. සරළවම කියනව නම් මේකෙදි කරන්නෙ ලියල තියෙන දෙයක් කියවන එකයි. මේ තාක්ෂණය දැන් වෙන කොට ඉතා දියුණු තත්වයකයි තියෙන්නෙ. කොච්චර දියුණුද කියනවනම් සමහර කටහඩවල් ඡේදයක් කියවද්දි සාමාන්‍ය මිනිසෙක් කතා කරනව වගේමයි දැනෙන්නෙ. පහල තියෙන්නෙ ඒ වගෙ කියවපු ඡේදයක්.

TTS වලදි ප්‍රධාන වශයෙන් කොටස් 2ක් තියෙනව.
  • Text 1 කියවන මෘදුකාංගය.
  • Text 1ට අදාලව ශබ්දය සපයන Voice 1.
මෙසේ TTS සඳහා නිපදවා අති මෘදුකාංග විශාල ප්‍රමාණයක් තියෙනව. ඒවා අතර TextAloud, NaturalReader, Loquendo TTS ප්‍රධාන තැනක් ගන්නව. මේ අතරින් NaturalReader නොමිලේ බාගත කරගත හැකි මෘදුකාංගයක්.
අපට ඇසෙන ශබ්දයේ quality 1 මූලිකවම රඳා පවතින්නෙ Voice 1 මතයි. එකිනෙකට වෙනස් Voices විශාල ප්‍රමාණයක් මේ වන විට නිපදවා තිබෙනව. ඒවා අතර UK English, USA English, Indian English  වගේ විවිධ උච්චාරණ තිබෙනව. TTS තාක්ෂණයේ වැදගත්ම කොටස මේ Voices තමයි. මට හම්බ වෙච්ච සිරාම Voices2 ක් තියෙනව. ඒ NeoSpeech Bridget හා Julie. (Bridget UK  උච්චාරණය, Julie USA උච්චාරණය). මේ Voices සෑහෙන බුද්ධිමත්. වාක්‍යයක් ඉවර වෙන කොට, වචනයක් ඉවර වෙලා අනික් වචනය පටන් ගනිද්දි, උපුටා ගැනීමක් කියවද්දි ඒක හොදට තේරෙනව.
දැන් TTS වල තියෙන ප්‍රයෝජන ගැන පොඩ්ඩක් කතා කරමු. මට නම් මෙහෙම දෙයක් ඕනෙ උනේ ebooks කියවන්න තියෙන කම්මැලි කම හින්ද. ඊට පස්සෙ Lecture notes එහෙමත් කියවන්න මේක පාවිච්චි කලා. අන්තිමට TTS වලින් හදපු Voices, Game 1කටත් පාවිච්චිකළා. තව ප්‍රයෝජන ඕනෙ තරම් තියෙනව. Web pages, Emails, Novels(english ebooks) උනත් කියවන්න පුලුවන්. මේකෙ තියෙන වටිනම දේ තමයි Text -> Audio වලට හරවන්න තියෙන පහසුකම. ඒ කියන්නෙ ඕනෙම Text 1ක් (eg: english නිර්වචනයක් ) mp3 කරගෙන ජංගම දුරකථනයේ හෝ  mp3 player 1 දාගෙන ඕන වෙලාවක අහගෙන යන්න පුලුවන්. Exam වල තියෙන ගිරව parts වලට මේක කියාපු බඩුව.
හරි, දැන් කියන්නම් මේක දාගන්නෙ කොහොමද කියල.
  • මුලින්ම මේ Torrent 1 බාගන්න.
  • ඊලඟට, Torrent 1 පහළ රූපයෙ විදිහට load කරන්න. Reader folder 1 ‍තෝරන්න. NeoSpeech folder 1 Bridget හෝ Julie හෝ දෙකම ‍තෝරන්න.(මම නම් පාවිච්චි කරන්නෙ Bridget).
  • දැන් බාගත කරගන්න.
  • Reader folder 1 තියෙන TextAloud මෘදුකාංගය install කරගෙන Serial 1 දාන්න.
  • දැන් බාගත කරගත් Voices (Bridget, Julie හෝ දෙකම) install කරගන්න. Crack කරගන්න.
  • TextAloud open කරන්න -> Option -> Voices and File Options -> පහත රූපයේ ලෙස NeoSpeech -> Bridget (or Julie) ‍තෝර Set Default කරන්න.
දැන් ඕනම Text 1ක් කියව ගන්න, mp3 කරගන්න 1 ගේමක් නෑ.
අදට අති. මම ගිහින් එන්නම්…

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?