Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Tuesday, January 24, 2012

හීතලට බ්ලොග් ලියවිල්ලත් අඩු වෙලාද???



පුදුම හීතලක් නේද? වෙවුලනවා. අවුරුදු 61කටද කොහෙද පස්සෙ කොළඹට වාර්තා උනු අඩුම උෂ්ණත්වයලුනෙ. සෙල්සියස් අංශක 18ක්. එලියටවත් බහින්න හිතෙන්නෙ නෑ.මේ රෑ ගේට්ටුව වහන්න කියල එලියට බැස්ස, හම්මෝ, මට මතක් උනා අපි සිරීපාදෙ ගිය ගමනක්. ඒකත් ගියේ සීසන් එක පටන් ගත්තුම කාලෙ, දැන් අවුරුදු 2කට ඉස්සෙල්ල ජනේරුවක. එදා තිබ්බ සීතල මීට වැඩි වෙන්න ඇති, නමුත් ඒව මතක් උනා මේ හීතලට.
ඉන්නම බැරි තැන ඇඳුම් කබඩ් එකේ අස්සෙක තිබ්බ දැන් අඳින්නෙ නැති අත් දිග ටී ෂර්ට් එකක් අරන් ඇඳ ගත්ත, ඒකෙ මොන මඟුලක් තිබිලද මන්ද අතක් මුල සිට අගටම කසන්න ගත්ත. ගලවල හොඳට ගසල දාල ආපහු ඇඳගත්ත ඕනෙ එකක් වෙන්න කියල, තාමත් ටික ටික කහනව. :D

හෙට උදෙන්ම ගමනක් යන්නත් තියෙනව, උදේටවත් ටිකක් අව්වක් වැටුනොත් හොඳයි.
ඒකම නෙමෙයි කියන්න හිතුවෙ, තවත් දැක්ක දෙයක්. මේ හීතලටද මන්ද, මේ දවස් ටිකේ ලියවිලා තියෙන බ්ලොග් ලිපි නම් හරිම අඩුයි. වෙනදට මම ලිපියක් රෑ දැම්මම පස්සෙ දවසෙ රෑ වෙනකොට ඒක සිංඩියෙ 2වෙනි පිටුවටත් ගිහිල්ල. නමුත් අද ඒක තවමත් මුල් පිටුවෙ. ඊයෙත් ලිපි හරිම අඩුයි. වෙනද තරම් මට කියවන්න ආස දේ ගැන ලියවෙන ලිපි ටිකක් අඩු වෙලත් වගේ. මම වැඩිපුර කියවන බ්ලොග් ලියන බ්ලොග්කරුවන් ලියන එක අඩු කරලවත්ද???
කෙසේ වෙතත් හොඳ දේ ලියන්නත් කියවන්නත් මම කැමතියි, ඉතින් ලියවිල්ල නවත්තල එහෙම ඉන්නවා නම් මගෙ බ්ලොග් මිතුරන් ආරාධනා කරනවා, යළිත් ලියන්නට.
බ්ලොග් 1000කට වඩා තිබෙන සිංඩියක් මීට වඩා ක්‍රියාකාරී විය යුතුයි නේද?
එහෙනම් මම ගියා....

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?