Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Sunday, January 8, 2012

පරිඝණක මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කළ පසු



මම කල්පනා කළා පරිඝණකයකට මෘදුකාංග  අතුලත් කරන තැනින් ම පටන් ගන්න. අපි හැමෝම දන්න විදිහට පළමුව කළ යුත්තේ තමන් බලාපොරොත්තු වන මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ගැනීමයි. දැන් බොහෝ දෙනා  windows vista  හෝ windows 7  පාවිච්චි කරන නිසා මෙය ඉතා පහසු ක්‍රියාවක් බවට පත්වී තිබෙනවා. ඊට හේතුව භාවිත කරන්නාට ඉතා පහසු අතුරු මුහුණතක් (GUI – Graphical User Interface)  භාවිතා කරමින් පියවරෙන් පියවර උපදෙස් සපයන පරිදි මෙහෙයුම් පද්ධති නිර්මාණය කර තිබීමයි. ඒ නිසා මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය ගැන විස්තර මේ ලිපියෙන් ගෙන ඒමට බලාපොරොත්තු වෙන්නෙ නෑ.


මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කළ පසු පළමුවෙන් ම කළ යුත්තේ ප්‍රති වෛරස (Anti-virus) මෘදුකාංගය ඇතුලුත් කිරීමයි. මේ වන විට වෙළඳපොළේ විවිධ සමාගම් මගින් නිශ්පාදනය කරන ප්‍රති වෛරස මෘදුකාංග බොහෝමයක් තියෙනව. ඉතින් දැනට නම් Kaspersky  තමයි අංක  1  ඉන්නෙ [ආරක්ෂාව හා පහසුව අතින්]. මෙය අත්හදා බැලීමට දවස් 30 ක full functional trial version 1 මෙතනින් නොමිලේ ලබා ගත හැකියි. ඔබට full version 1  මිලදී ගත නොහැකි නම් පහත ක්‍රම දෙකෙන් 1ක් භාවිතා කළ හැකියි.
  1. Trial resetter – trial  ලෙස ලැබෙන  දවස් 30 දීර්ඝ කර ගත හැකි ක්‍රමයක්.
  2. Key file භාවිතය –  මෙම key file  නොමිලේ ලබා දී ඒවා ස්ථාපනය කරගන්නා ආකාරය කියාදෙන වෙබ් අඩවි කිහිපයක් තිබේ. මෙතනින් එම වෙබ් අඩවියකට පිවිසෙන්න.
ඉහත ක්‍රම දෙකෙහි සාර්ථක භාවය වරින් වර වෙනස් වෙනව.
මීලඟට, Bitdefender හොඳ නමක් දිනාගෙන තිබෙනව. මම නම් මේදවස් වල භාවිතා කරන්නෙ AVG  Internet Security 2011. දැනට නම් අවුලක් නැතිව වැඩ කරනව,  හැබැයි  crack, patch, keygen  එහෙම පේන්න  බෑ මකල දානව(වෛරස් කියල ). පරිඝණකය startup 1 දී තත්පර 5 ක් විතර වැඩිපුර වෙලා යනව. හැබැයි ඊට පස්සෙ කිසි ප්‍රශ්නයක් නෑ. තවත් ප්‍රති වෛරස මෘදුකාංග රාශියක් තිබුනත් මට නම් හරි ගියේ ඔය 3 තමයි.
මීළඟට වඩාත්ම සුදුසු Autorun virus remover මෘදුකාංගයක් ඇතුලත් කිරීමයි. එමගින් පරිඝණකයේ ආරක්ෂාව තහවුරු වේ. මෙහි නවතම සංස්කරණය v3.0  යි. මෙය ප්‍රති වෛරස මෘදුකාංග සමග එක්ව වැඩ කළ හැකි කුඩා මෘදුකාංගයක්.
දැන් කළ යුතු හොඳම දේ ඉහත මෘදුකාංග දෙකම යාවත්කාලීන(update) කරගැනීමයි. ඊට පසු තමන්ට අවශ්‍ය මෘදුකාංග එකින් එක අතුලත් කළ හැකියි.
අත්‍යවශ්‍ය මෘදුකාංග කිහිපයක් මම සඳහන් කරන්නම් ඒවායේ ප්‍රයෝජනත් සමගම.
  • වෙබ් බ්‍රව්සර් මෘදුකාංගයක් (Mozilla Firefox 4.0 b8 /Google Chrome 8.0 /Internet Explorer 9.0 b / …….)
  • Internet Download Manager v6.04 – අවශ්‍ය  දෑ අන්තර්ජාලය හරහා බාගත කර ගැනීමට.(වේගවත්ව හා ක්‍රමවත්ව)
  • Torrent  මෘදුකාංගයක් (µTorrent / BitTorrent) – Torrent වශයෙන් ඇති දෑ බාගත කර ගැනීමට
  • Flash Player  - Flash  අන්තර්ගත වෙබ් පි‍ටු දර්ශනය වීමට
  • අවශ්‍ය නම් Winrar, KM Playaer, Picasa වැනි මෘදුකාංග

මීට අමතරව එදිනෙදා වැඩ කර ගැනීමට,
  • Word processing මෘදුකාංගයක්(Windows Office 2010 / 2007/ 2003 හෝ Open Office 3.3)
  • වීඩියෝ සංස්කරණ මෘදුකාංගයක්
  • වීඩියෝ. ඕඩියෝ හා පින්තූර වල format වෙනස් කිරීමට Format Factory මෘදුකාංගය
  • PDF ගොනු දර්ශනය කරන Sumatra PDF, Foxit reader හෝ Adobe reader මෘදුකාංගය
  • CD/DVD write කරන Nero Burning ROM වැනි මෘදුකාංගයක්
  • Image File(.iso ,.img) mount කරන PowerISO, MagicISO,UltraISO වැනි මෘදුකාංගයක්
මීට අමතරව ඔබගේ අනන්‍යතාවයට හා අවශ්‍යතාවයට ගැළපෙන මෘදුකාංග අතුලත් කරගත හැකියි.
ඉතින් අදට මේ අති. තවත් ලිපියකින් නැවත හමුවෙමු. අඩුපාඩු, විවේචන එහෙම තියෙනව නම් comment 1ක් දාන්න.

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?