GPS පහසුකම් තිබෙන ජංගම දුරකථනයකින් හෝ GPS උපකරනයකින් Driving Directions වගේම සිතියම් මගින් නිවැරදිව පාර හොයාගන්න පුලුවන් බව කවුරැත් දන්නව. ඒත් ආසන්න වශයෙන් අප දැනට සිටින ස්ථානය සොයාගන්නට Google Maps මගින් පුලුවන්. Driving Directions ගන්නත් පුලුවන්. මේ ආකාරයට GPS සිග්නල් ග්‍රහනය කරගැනීමට හැකියාවක් නොමැති වුවත් අප සිටින තැන සොයාගන්නෙ අප ජංගම දුරකතනයට සිග්නල් ලැබෙන Tower එකෙන් විස්තර අරගෙනයි.
හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ GPS තිබෙන ජංගම දුරකථනයක මෙන් මෙහිදී ගමන් කරන දිශාව, වේගය වැනි විස්තර පෙන්වන්නෙ නැහැ. ඒ වගේම නිවැරදිම ස්ථානය බලාගන්නත් හැකියාවක් නැහැ. ආසන්න වශයෙන් අප සිටින ස්ථානය නිල් පැහැයෙන් Blink වනව. එම Blink වන ස්ථානයට මීටර් කිහිපයක් අවටින් සිටින බව පහතින් දැනුම් දෙනව.
මෙය කෑගල්ල, වරකපොළ, කොළඹ, නුවර වැනි ප්‍රදේශ කිහිපයක මගේ Sony Ericsson J108i Cedar දුරකථනයෙන් සාර්ථකව අත්හදාබලල තියෙනව. ප්‍රතිථල බොහෝසෙයින් සාර්ථකයි. ඉහත ආසන්නවශයෙන් කීවත් බොහෝවිට නිවැරදි ස්ථානය පෙන්නුම්කරනව. ඒ වගේම J10i , K770i, K530i වැනි බොහෝ Sony Ericsson දුරකථන වලත් Nokia දුරකථනවලත් මෙම සේවය සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුලුවන්. Map View හා Satellite View වගේම එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ඇති දුරත් මෙයින්ම බලාගන්න පුලුවන්. Driving Directions ගන්නත් පුලුවන්.
කරන්න තියෙන්නෙ Google Maps Java Application එක ජංගම දුරකථනයට බාගතකරගෙන එහි My Location තේරීම පමණයි. ජංගම දුරකථනයෙන්ම maps.google.com වලට ගිහින් බාගන්න පුලුවන්. නැත්නම් www.getjar.com වලින් Phone Model එක තෝරල බාගන්න.
** මේ සදහා ගාස්තුවක් අයවුනේ නැතත් Map එක Load වීම සදහා වැයවන Data ප්‍රමානයට අදාල ගාස්තුව පමනක් අයවේවි.
0 ප්‍රතිචර:
Post a Comment
බැලුවද?
ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?