Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Wednesday, January 4, 2012

WordPress බ්ලොග්කරණයට පිවිසෙමු..



ඔබත් දැන් බ්ලොග් එකක් යනු කුමක්දැයි සරලව දන්නවා ඇති. කෙටියෙන් කිව්වොත් බ්ලොග් එකක් යනු අන්තර්ජාලයේ පවත්වා ගෙන යන දින පොතක්. ඉතින් අපිට විවිධ අරමුණු ඔස්සේ බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න පුළුවන්. ඒවා නම් විනොදෙට, තමන් දන්න දේ අනික් අයත් සමග බෙදා හදා ගන්න, අන්තර්ජාලයෙන් මුදල් හොයන්න වගේ විවිධාකාර දේවල් තිබෙනවා. ඉතින් බ්ලොග් එකක ප්‍රධාන ලක්ෂණ කීපයක් පවතිනවා. කතෘ විසින් ලිපි පල කිරීම, බ්ලොග් අඩවියට පිවිසෙන්නන් විසින් ප්‍රතිචාර දැක්වීමට හැකි වීම,RSS feed එකක් මගින් යාවාත්කලීන වූ අන්තර්ගතය බ්ලොග් අඩවියට පිවිසීමකින් තොරව බලා ගැනීමට හැකි වීම. ඉතින් බ්ලොග් එකක් යනු කුමක්දැයි ගැන සම්පූර්ණ විස්තරයක්බ්ලොග් එකක් කියන්නෙ මොකද්ද? යන ලිපිය කියවීමෙන් හොද අවබොධයක් ලබා ගන්න පුළුවන්.
තමන්ගෙම කියා බ්ලොග් එකක් පවත්වාගෙන යාම හරිම ලේසියි. මෙය නොමිලේ හො සුළු මුදලක් වැය කර කරන්න පුළුවන්. මම නම් බ්ලොග් එකක් සදහා හැමොටම නිර්දේශ කරන්නේ WordPress. මේ වගේ බ්ලොග් එකක් ලියන්න නම් WordPress නැතුවම බැහැනේ. පහත දැක්වෙන්නේ WordPress වලට අද පවතින ඉල්ලුම.

මූලාශ්‍රය: http://www.odesk.com/blog/2009/01/top-growth-tech-skills-in-2008
Wordpress trends
හිතාගන්නත් අමාරුයි නේද WordPress මෙච්චර ප්‍රචලිතද කියලා! ඔබ තවමත් මෙයට ආධුනීක නම් නොම්ලේ ලබා දෙන බ්ලොග් සේවාවක් භාවිතා කරන්න. WordPress.comනිර්දේශිතයි( විකල්ප: https://www.blogger.com ,http://www.blogsome.com, http://blogetery.com, http://bloggles.info)
WordPress.com මගින් ඔබට කැමති නමක්.wordpress.com යන අකාරයට බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න පුළුවන්. බ්ලොග් එකක් මෙහි ස්ථාපිත කරගන්න යන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයක්. ඔබටත් මෙම සිංහල බ්ලොග් එක වැනි බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන්න නම් Domain name සහ Web hosting ගිණුමක් අවශ්ය වෙනවා. ඒ සදහා වර්ඩ්ප්‍රෙස් සිංහල අඩවිය මගින් සිංහල වර්ඩ්ප්‍රෙස් ස්ථාපිත කළ යුතුයි. ඇත්තටම මම සදහන් කලේ WordPress බ්ලොග්කරණයට ආරම්භය පමණයි. තව සදහන් කළයුතු කරුණු ගොඩක් තියෙනවා. ඒ ගැන ඉදිරි ලිපි වලින් සදහන් කරන්නම්.

2 ප්‍රතිචර:

  1. Meka copiyak,, menna original eka http://www.sinhalablog.com/?tag=%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B7%83%E0%B7%8A

    ReplyDelete
  2. මම වර්ඩ් ප්‍රෙස් බ්ලොග් එකක් පටන් ගත්තේ ගිය මාසේ. මට අවශ්‍යයි පහත දැක්වෙන දේවල් මගේ බ්ලොග් එකේ පෙන්වන්න. මගේ පරිගණකයෙන් ලබාගත් පසුබිම් රූපයක්. උඩින් හරස් අතට අබවුට්, ෆොටෝස්, අර්ටිකල්ස්, වගේ මාතෘකා දාගන්න. මගේම පරිගණකයේ ඇති ගීත ඔන්ලයින් විදිහට ඔටෝ ප්ලේ වෙන්න. අනේ මට උදවු කරනවාද.
    http://jangun.wordpress.com/

    ReplyDelete

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?