Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Thursday, December 15, 2011

හන්තාන ලිනක්ස් 15 නිකුත් වේ!



නොකඩවා පස්වන නිකුතුවත් නිකුත් කිරීමට අප හට හැකියාව ඇත්තේ අප හා බැදුණු ශක්තිමත් ප්‍රජාව බව නොරහසකි. හන්තාන 14 (ගගන) නිකුතුව මේ වන විට මෙරට පාසැල් 15කට අධික සංඛ්‍යාවක (පරිගණක 500කට වැඩි) භාවිත වන අතර ඉන් එක් පාසැලක් ප්‍රාථමික පාසැලක් වීමද සුවිශේෂී වේ. එමෙන්ම රුවන්පුර විද්‍යාපිඨයේ පරිගණක 80කින් යුත් පරිගණක විද්‍යාගාරයෙදි හන්තාන ලිනක්ස් භාවිතය සඳහා පහසුකම් මේ වන විට සලසා ඇත.
තවද හන්තාන පරිශීලක ප්‍රජාව සඳහා වූ ෆෝරමයද ඉතා සක්‍රීය ව ක්‍රියාත්මක වේ. එමෙන්ම පසු ගියදා නිකුත් කළ හන්තාන ප්‍රජා සඟරාව ද ප්‍රජාව වෙත තොරතුරු සහ දැණුම ගෙනයාමෙදි තවත් විශේෂ කාර්යයක් සිදු කරයි. තවද 2011 වසර තුළදි හන්තාන 14 නිකුතුව අඩංගු DVD තැටි 2000කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාව පුරා බෙදි ගොස් ඇති අතර ප්‍රායෝගික පුහුණු වැඩසටහන් සහ දේශණ වැඩසටහන් සඳහා එක් වූ පිරිස 1000කට වඩා වැඩි වේ. එමෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ විවිධ දෙපාර්තුමෙන්තු තුළ පරිගණක 25 කට ආසන්න සංඛ්‍යාවක ස්ථාපිත කළ අතර කණ්ඩායම් 5කට මේ වන විට ප්‍රායෝගික පුහුණු වැඩසටහන් නිමකර ඇත. තවද ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදි තොරතුරු තාක්‍ෂණ අංශයේ සේවයේ නියැලෙන විවිධ නිළයන් වලට අයත් 35 දෙනෙක් තෙදින පුහුණු වැඩසටහනට එක් වුයේ හන්තාන ලිනක්ස් පදනම් කරගෙන සාමාන්‍ය කටයුතු සහ මෘදුකාංග සංවර්ධණ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම ලබා ගැනීමටයි.
අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාට අධ්‍යාපන අමාත්‍යාංශයේ තොතුරු තාක්ෂණ ශාඛා ප්‍රධානී
නීල් ගුණදාස මහතා සහ පාසැල් දෘඩාංග කණ්ඩායමේ සාමාජික බන්දුල පුෂ්පකුමාර මහතා
දැයට කිරුල 2011 ප්‍රදර්ශනයේදි හන්තාන ලිනක්ස්  හදුන්වාදෙමින්.
දැයට කිරුල 2011 ප්‍රදර්ශනයේදි, අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ ශාඛාව හන්තාන 14.5 මොනරාගලදි හඳුන්වා දුන් අතර සවුත්ලන්ඩ් විද්‍යාලීය අධ්‍යාපන ප්‍රදර්ශනය, රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ තොරතුරු තාක්‍ෂණ ප්‍රදර්ශනයෙදි (පිටපත් 500 පමණ බෙදා දුනි) හන්තාන භාවිත කිරිමේ පහසු කම් සහ දැනුම ලබා දුන් අතර ප්‍රථම වරට නැණසලක් මඟින් හන්තාන ග්‍රාමීය ජනතාවට හදුන්වා දීම ධීරානන්ද නැණසල හරහා සිදු විය.
ගෝණිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලයයි සිසු දරුවන් හන්තාන ලිනක්ස් මත පාසැල් ක්‍රියා කාරකම් කරමින්…
එමෙන්ම තම පාසැලේ සිසු දරුවන්ට පමණක් නොව විදුහල්පති තුමා ඇතුලු සහෝදර ගුරුමණ්ඩලයටද හන්තාන ලිනක්ස් භාවිතය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමට තරම් හන්තාන ප්‍රජාව තුළ සිටින ගුරුවරුන් ඉදිරියට ගොස් ඇත. මේ සඳහා හොඳම උදාහරණය කටුගස්තොට අධ්‍යාපන කලාපයේ, ගෝණිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලයයි.
කොළඹ විශ්ව විද්‍යාලනයේ පරිගණක අධ්‍යයන අංශය පැවැත්වූ IFO+ ප්‍රදර්ශනයෙදිද, රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ ප්‍රදර්ශනයේදි ද හන්තාන ප්‍රජාව අතරට ගෙනයාම සඳහා අපට නොමිලේ ප්‍රදර්ශන කුටි ලබා දීම සහ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පළමු වරට නිදහස් සහ විවෘත මෘදුකාංග පාසැල් වෙත රැගෙනයාමේදි පාසැල් තොරතුරු තාක්‍ෂණ විද්‍යාගාර සඳහා හන්තාන ලිනක්ස් භාවිත කිරීම ද අප ගෞරවයෙන් යුතුව මතක් කර සිටින්නෙමු.
හන්තාන 15 මත ඇති සුවිශේෂිත්වය වන්නේ මෑතකදි හදුන්වා දුන් Gnome 3 එක් වි තිබීමය. ඔබ දන්නා පරිදි හන්තාන පද්ධතිය Fedora මත පදනම් ව ඇති අතර හන්තාන 15 නිකුතුව ෆෙඩොරා 15 මත පදනම් ව ඇත. නමුත් වැඩ තළය භාවිතයේදි ෆෙඩොරා පරිසරයට වඩා සුලු වෙනස් කම් එක් කර ඇති අතර, පිහිටුම් දැක්වීම, පද්ධතිය වසා දැමිමේදි අමතර යතුරු භාවිතයෙන් තොරවීම, පෙරනිමියෙන් තේමා භාවිතයට හැකියාව ද මේ අතර වේ. මෙවර වැඩතළය භාවිතය සඳහා උපකාරක සටහනක් සහ දමිළ භාවිතය සඳහා ඉක්ටා ආයතයෙන් ඉදිරිපත් කළ යතුරුපුවරු සැකැස්මද එක් කර ඇත.
පසුගිය දා පැවැත් වූ ඉ-ස්වභිමාණි 2011 සම්මාන උළලේදි හන්තාන ව්‍යාපෘතිය ඇගයීමට ලක් වූ බව ද සතුටින් දන්වා සිටින්නෙමු.
සුවහසක් බාධක අපහසුතා මැද අප හා මෙතෙක් කැපවිමෙන්, නන් අයුරින් සහාය දුන් ඔබ සැමට ප්‍රජාවේ උපහාරය පිරිනමනු ලබයි.
ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් යළි-එකලස් කිරීම පහසු කටයුත්තකි, එනමුත් එය නොකඩවා පවත්වාගෙන යාම සහ ප්‍රජාව ගොඩ නැංවීම විශාල අභියෝගයකි. අපිට ලැබුණු සහ ලැබෙන සෑම අභියෝගයකින්ම අපි තව තවත් පන්නරය ලබන අතර අපි ඉදිරියටම ගමන් කරන්නෙමු !…
හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය දෙස පිටතින් බැලු කළ එය හුදෙක් මෙහෙයුම් පද්ධතියක් ලෙස පෙනුනද, මෙහි සත්‍ය වශයෙන්ම සිදුවන්නේ ප්‍රජා සිවිබල කිරිමේ කර්තව්‍යයකි. ප්‍රජාවේ යහපත තකා ලබා දෙන මෙම ව්‍යාපෘතියේ අංගයන් සඳහා යළි ප්‍රජාවට දායක වීමට ඇති හැකියාව මඟින් ප්‍රජාවේ විවිධ වූ පිරිස් හට තොරතුරු තාක්‍ෂණය හරහා තම දැණුම සහ හැකියාවන් වර්ධනයට අවකාශ ලබා දේ.
අප රටේ තොරතුරු තාක්‍ෂණ විශේෂඥයින් මෙන්ම සාමාන්‍ය ජනතාවටද තොරතුරු තාක්‍ෂණ ප්‍රජාව සේවා සඳහා දායක විය හැකි බව අප ඔප්පු කර හමාරයි. හන්තාන 14 (ගගන) හි පෙරනිමියෙන් එන පසුබිම් රූපය ලංකාවේ වෘතීය ජායාරූප ශිල්පියකුගේ නිර්මාණයකි, පසුගිය දිනෙක කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ තිබු තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයට හන්තාන නියෝජනය කරමින් ගියෙ ශාරීරික අභ්‍යාස පුහුණුකරු (PEI) ලෙස පාසැලක සේවය කරන ගුරුවරයෙකි, ඔහු පසු ගිය කාළය තුළ හන්තාන පරිශීලකයෙක් වුවද මේ වන විට හන්තාන ප්‍රජාවට වැඩසටහන් සඳහා සහභාගීම පමණක් නොව තාක්‍ෂණික ලිපි සැපයීම දක්වා ඉදිරියට පැමිණ ඇත. ඔවුන්ගෙ සේවා ස්ථාන තුළ දි තම හැකියාවන් සහ දැණුමට නිසි තැනක් සහ ඇගයීමක් නොලැබුන ද ප්‍රජා සත්කාර්යයන් වලදි ඇගයීම සහ සමජායේ පිළිගැණීම වැලක්විය නොහැකි කටයුත්තකි.
සත්‍ය ලෙසම දැනුම් කේන්ද්‍රීය මාවතක හුදෙක් ප්‍රජාවේ සුභ සිද්ධිය කරා ගමන් කරන හන්තාන ලිනක්ස් ව්‍යාපෘතිය පළමු වසරේ පාසැල් දරුවකුගේ සිට වැඩි මහලු පුද්ගලයකු දක්වා විහිදුනු පරිශීලක පරාසයකින් යුතු වේ.
හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ දෙවැනි වසර සැමරු මොහොත
2010 සැප්තැම්බර් 17 දින වැල්ලන්දුර රුවන්පුර ජාතික අධ්‍යාපන පීඨ භූමියේදි.
තෙවැනි වසර ගත කරන හන්තාන ව්‍යාපෘතියේ මීළඟ නිකුතුව හන්තාන 16 (ධරණි) වන අතර එය 2012 වසරේ නිකුත් කිරීමට නියමිතයි.
අවසන් වශයෙන්.. අපේ මූලික ඉලක්කය වනුයේ නිදහස් විවෘත මෘදුකාංග පිළිබඳ අප රටේ ජනයා දැනුවත් කිරීම සහ භාවිතය ඉහළ නැංවීමයි. 2012 වසරේ දි මෙම කාර්යයන් තව දුරටත් වර්ධණය කිරීමට බලාපොරොත්තු වන බව සතුටින් දන්වා සිටින්නෙමු.

ආශ්‍රීත සටහන්:
හන්තාන පළමු නිකුතුව – සිරස නිවුස්ට් ෆස්ට් පුවත් තුළින් (2009 සැප්තැම්බර් මස 20 දින රාත්‍රී 7.00)
Sunday Times පුවත්පතේ ලිපිය

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?