Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Thursday, December 22, 2011

Blogger සඳහා නිවැරදිව Domain එකක් set up කරගන්නා ආකාරය - How to setup a domain for Blogger correctly



මේ ලිපිය ලියන්නේ blogger blog එකක් සඳහා නිවැරදිව domain එකක් set up කරගන්නා ආකාරය කියා දීමටයි. මම පහුගිය දවස් ටිකේම මගේ blog එක අටවගන්න දඟලපු දැඟලිල්ලෙන් ලැබුනු අත්දැකීම් අනුව තමා මේ ලිපිය ලියන්නේ. මෙය කියවීමෙන් ඔබට ප්‍රධාන වශයෙන් කරුණු දෙකක්  දැනගැනීමට පුළුවන් වෙනවා.

1. නිවැරදිව domain name එකක් set up කරගන්නා ආකාරය
2. නිවැරදිව sub-domain name එකක් set up කරගන්නා ආකාරය

දැන් ඔබ බලනවද domain name එකෙයි, sub-domain name එකෙයි වෙනස මොකක්ද කියලා? Domain name එකකට උදාහරණයක් තමා www.shevantha.com. Sub-domain name එකකට උදාහරණයක් ලෙස www.blog.shevantha.com දක්වන්න පුළුවන්. Sub-domain name එකක් කියන්නේ domain name එකක් ඇතුලෙම අපිට හදා ගන්න පුළුවන් දෙයක්.

ඔබ domain name එක  blog එකට භාවිතා කරන්න සැලසුම් කලත්, sub-domain name එකක් blog එකට භාවිතා කරන්න සැලසුම් කලත් කිරීමට අවශ්‍යය දේ එක වගේමයි. මුලින්ම කල යුත්තේ ඔබ domain name එක ගත්ත වෙලෙන්දා ඔබට ලබාදුන් පාලක පුවරුව(control panel) වෙත යාමයි. එහි ඇති "DNS manager" වැනි නමක් ඇති සබැඳුමට(link) යාමෙන් ඔබට domain/sub-domain සාදාගන්නා තැනට යා හැකියි. 


ඔබ පාවිච්චි කරන්නේ goDaddy නම් එහි
dashboard එකේ More settings තෝරන්න.

ඉන් පසු DNS manager වෙත යන්න.



ඔබ settings හදන්නේ cPanel එකක නම්
Advanzed DNS Editor Zone වෙත යන්න.

මේ තියෙන්නේ cPanelහි DNS edtitor එක


එහිදී ඔබට කිරීමට ඇත්තේ ඉතා සුළු දේවල් කීපයක්.අවශ්‍ය පරිදි A name හා CNAME records සකස් කිරීමෙන් ඔබට පහසුවෙන්ම domain/sub-domain එක set up කරගන්න පුළුවන්. 
උදාහරණයක් විදියට අපි හිතමු ඔබට ඔබේ blogger blog එකට දෙන්න ඕන ලිපිනය www.shevantha.com කියලා. එවිට ඔබ කරන්න ඕන පලමු දේ තමා shevantha.com කියන ලිපිනයට A Name record හතරක් හදන එක( www.shevantha.com කියලා නෙමෙයි හදන්න ඕන, ishans.info කියලයි). හදන්න ඕන record හතර හා ඒවට අදාල IP address තමා මේ.


A name record එකක් එකතු කරන හැටි



Name: shevantha.com
TTL:14400
Type: A
Record: 216.239.32.21

Name:  shevantha.com
TTL:14400
Type: A
Record: 216.239.34.21

Name:  shevantha.com
TTL:14400
Type: A
Record: 216.239.36.21

Name: shevantha.com
TTL:14400
Type: A
Record: 216.239.38.21


හරි, දැන් අපි අපේ domain name එක google ලගේ servers ටිකකට redirect වේන්න හදලයි තියෙන්නේ( අපි උඩ දුන්න IP address හතර google ලගේ). දැන් කවුරු හරි "shevantha.com " කියලා address bar එකේ ලියලා ඔයාගේ site එකට එන්න හැදුවොත් එයාව forward වෙනවා google ලගේ server එකකට( මේක ඉතිං මෙහෙම කිව්වට දැන්ම මෙහෙම වෙන්නේ නෑ, මොකද අපි හදපු settings අන්තර්ජාලයේ හරි හැටි ක්‍රියාත්මක වෙන්න අඩුම ගානේ පැය 4ක් වත් යනවා).
එතකොට කවුරුහරි www. shevantha.com කියලා ගැහුවොත් මොකද වෙන්නේ? ඕගොල්ලෝ සමහරවිට හිතයි වෙනසක් නෑ නේද ishans.info කියලා ගැහුවත් www. shevantha.com කියලා ගැහුවත් කියලා.ඇත්තටම් අන්තර්ජාලයේදී මේ දෙක ලිපින දෙකක් හැටියටයි ගනන් ගැනෙන්නේ. ඒක නිසා අපි settings හදන්න ඔන කෙනෙක් www.shevantha.com  කියලා ගැහුවම එයාවත් shevantha.com වෙතම යන්න. කොහොමද ඉතිං මේක කරන්නේ? 

හරිම පහසුයි. ඔබට කරන්න තියෙන්නේ cName record එකක් දාන එක විතරයි. 

cName record එකක් දාන හැටි


Name: www
TTL:14400
Type: CNAME
Record: ghs.google.com


දැන් කවුරුහරි www.shevantha.com  කියලා adddress bar එකේ ගැහුවම එයාවත් googleලගේ server එකක් වෙත redirect වෙනවා. හරි, දැන් ඉතිං වැඩේ ඉවරද? නෑ නෑ, තාම නෑ. අපි settings හැදුවේ shevantha.com කියලා ගැහුම google ලගේ server එකකට යන්න විතරනේ. ඔය server එකේ තියෙන්නේ ඉතිං අපේ blog එක විතරක්යැ. තව blog කී දාහක් නම් ඕක ඇතුලේ ඇද්ද? ඉතිං අපි කොහොමද  shevantha.com අපේ blog එකටම යන්න හදාගන්නේ. ඒකට blogger වල settings වලින් වැඩක් කරන්න වෙනවා.( මේ පියවරට යන්න කලින් පැය 4ක් 5ක් යන්න අරින්න අපි කලින් හදපු AName හා cName records හරියට හැදෙනකන්). 

Blogger dashboard එකේ Settings වල publishing වලට යන්න. එතන ඇති Custom domain කියලා link එකක්. ඒක තෝරලා Advanced settings වලට යන්න. එතන තියන Your Domain කියන තැන අදාල ලිපිනය ලියන්න. (මේ උදාහරණයට අදාලව නම් ලියන්න ඕනේ  shevantha.com කියලා). 

පහත දැක්වෙන කොටස අලුතෙන් එක් කරන ලදී:

මෙතනදී ලිපිනය දෙනකොට www කොටස අනිවාර්යෙන්ම යොදන්න.( මේ උදාහරණයේ හැටියට නම් www.shevantha.com ). ඊට පස්සේ එක පාරක් "save settings" button එක ඔබලා page එක reload කලාම ලිපිනය යටින් option එකක් මතුවෙයි " Redirect  shevantha.com  to www.shevantha.com කියලා. ඒකට හරියක් දාන්න.ඊට පස්සේ ආයි "save settings" ඔබන්න. 

හරි....! එච්චරයි කරන්න තියෙන්නේ...!. 

Sub-domain එක හදා ගන්නෙත් මේ විදියටමයි. එකම වෙනස domain name එක දාපු හැම තැනකටම sub-domain name එක දාන එකයි. උදාහරණයක් විදියට අපිට පාවිච්චි කරන්න ඕනේ blog.shevantha.com  කියන sub-domain එකනම් කලින් පියවර වල shevantha.com  කියලා දාපු හැම තැනටම blog.shevantha.com  කියලා දාන එක විතරයි තියෙන්නේ. 


වැඩිදුර දැන ගැනීමට යමක්: සමහර වෙබ් අඩවි වල තියනවා sub-domain හදනකොට AName හදන්න ඕනේ නෑ, cName විතරක් හැදුවම ඇති කියලා. නමුත් එහෙම කලොත් ඔබේ blog එකේ feeds අවුල් යන්න පුළුවන්. එම නිසා AName record හතරකුත් හදන එක කෝකටත් ඇඟට ගුණයි.

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?