Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Thursday, December 22, 2011

Jumpto සමග ආරක්ෂාකාරීව හා නිර්නාමිකව අන්තර්ජාලයේ සැරිසරමු!



Proxy කියන වචනය අන්තර්ජාලයේ සැරිසරන හැමෝටම බොහොම හුරුපුරුදු වචනයක්. බොහෝ දෙනා proxy වෙබ් අඩවි, වාරණය කරන ලද වෙබ් අඩවි වලට පිවිසීම සඳහා භාවිතා කරනවා. මීට අමතරවඅන්තර්ජාලයේ ආරක්ෂාකාරීව හා නිර්නාමිකව (anonymous) සැරිසැරීම, ip address එක සැඟවීම වැනි කාර්යන් සඳහා proxies යොදා ගන්නවා.

Web Proxy හරහා වෙබ් අඩවි වලට පිවිසීමේදී බොහෝ දෙනා මුහුනපාන ගැටළු කීපයක් පහත දක්වා තිබෙනවා.
* කරදරකාරී ලෙස මතුවන වෙළඳ දැන්වීම්.
* Youtube, Metacafe  වැනි video  වෙබ් අඩවි සඳහා සහය නොදැක්වීම.
* අපට අවශ්‍ය රටක ip address එකක් තෝරා ගැනීමට නොහැකි වීම.
* සිංහල අකුරු හරිහැටි දර්ශනය නොවීම.

ඉහත ගැටළු වලින් තොරව අන්තර්ජාලයේ ආරක්ෂාකාරීව සැරිසැරීම සඳහාම නිර්මාණය කරනලද වෙබ් බ්‍රව්සරයක් ලෙස Jumpto හදුන්වාදෙන්න පුළුවන්.  කිසිම proxy වෙබ් අඩවියක් නොමිලේ ලබා නොදෙන පහසුකම් රැසක් Jumtpo මගින් ඔබට නොමිලේම ලබාගන්න පුළුවන්. ඒවා නම්
* ඔබ පිවිසෙන වෙබ් අඩවි වලට ඔබේ ip address  එක නොපෙන්වන අතර ඒ වෙනුවට ඇමරිකාවේ, කැනඩාවේ හෝ එක්සත්
  රාජධානියේ ip address එකක් ඔබට තෝරා ගන්න පුළුවන්.
* වෙළඳ දැන්වීම වලින් සමපූර්ණයෙන්ම තොර වීම.
* සෑම මසකම 250MB bandwidth එකක් නොමිලේ ලබාදීම. ඔබ මෙම ලිපියේ ඇති link එක හරහා Jumpto ගිණුමක් ආරම්භ
  කලවිට 500MB bandwidth එකක් සෑම මසකම ලබාගන්න පුළුවන්. මීට අමතරව ඔබේ යහළුවන්ට Jumto හදුන්වාදීම මගින් ඔබේ
  මාසික bandwidth එක වැඩිකරගන්න පුළුවන්.
* Gmail, Youtube, Facebook හෝ වෙනත් ඕනෑම වෙබ් අඩවියකට කිසිදු අවහිරතාවයකින් තොරව පිවිසීමේ හැකියාව.
Jumpto ඔබේ පරිගණකයේ install කරගැනීමට පහත පියවරයන් අනුගමනය කරන්න

1.  jumpto.com වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න. එහි ඇති පෝරමය පුරවා නව ගිණුමක් ආරම්භ කරන්න
2.  download බොත්තම මත click කර Jumpto download කරගන්න.
3.  download කරගත් jumpto-setup.exe file එක මත double-click කිරීමෙන් Jumpto install කරගන්න.
    ඔබේ පරිගණකයේ Microsoft .NET Framework install කර නොමැතිනම් එය installation එක අතරතුරදී
    automatically install වන අතර මේ සඳහා ටික වෙලාවක් ගතවිය හැක.
4.  installation එක අවසානයේදී ඔබේ desktop එක මත ඇති Jumpto icon එක මත double-click කර ඔබේ
    username හා password ලබාදෙන්න. ඉන්පසු sign in බොත්තම මත click කරන්න.
5.  Overview Panel එකේ ඇති සිතියම මත කිරීමෙන් ඔබ කැමති රටක ip address එකක් තෝරා ගන්න පුළුවන්.
6.  වම පස ඇති "Secure Browsing" බොත්තම මත click කිරීමෙන් ඔබට Jumpto වෙබ් බ්‍රව්සරය වෙත පිවිසෙන්න පුළුවන්. 

ඉහත විස්තර කරන ලද සියලු පියවරයන් පහත වීඩියෝ දර්ශනය තුලින් නැරඹිය හැක.




0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?