Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Monday, December 19, 2011

හොද ලැප් එකක් ගන්න ඕන අය විතරක් කියවන්න !




දැන් අපේ කොල්ලන්ට කෙල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමා ලැප් එකක් ගන්න ඒක. අවුලක් නැහැ ලැප් එකක් අරගෙන උජාරුවට ලෝකෙට පෙන්න යනකොට කාටද ආඩම්බර නේද ?
 

නිකන් ඔය ලෙඩ ලැප්ටොප් අරගෙන අමාරුවේ වැටෙන්න ඕන නැහැනේ.....නේද ? ඒක හින්ද මම කියන්න යන්නේ හොඳ ලැප් එකක් තෝරලා තෝරලා ගන්නේ කොහොමද කියල ? ඒක ලංකාවේ වුනත් එකයි...වෙන රටක වුනත් එකයි.

හරි....දැන් සමහර කට්ටිය නම් තමන් ගන්න ලැප් එකේ Specilification බලනවා. සමහර කට්ටිය විතරක් නෙමේ.....හැම කට්ටියම බලන්නේ ඒක තමා. ඒ කියන්නේ ඔය Processor, RAM, HDD, VGA, Sound, Battery Life, Screen Size වගේ ඒවා තමා මුලටම එන්නේ.




අපි බලමු මුලින්ම Processor ඒක කොහොම වෙන්න ඕනද කියල ?

මේක තමා මුලටම එන්නේ. මේකෙන් තමා ගොඩක් වෙලාවට ලැප් වල ගණන් එහෙම වෙනස් වෙන්නේ. Intel Pentium 3, Intel Pentium 4, Intel Atom, Intel Dual Core, Intel Core 2 Duo, Intel Core 2 Quad, Intel Core i3, Intel Core i5, Intel Core i7 සහ අලුතින්ම Intel Core i මාදිලි වල 2nd Genaration කියන Processor අඩංගු Processor කඩේ ගන්න තියෙන්නවා. මේ මම දල තියෙන්නේ මේවල වේගය වැඩි වෙන විදියට...අඩුම Intel Pentium 3 සහ දැනට වැඩිම වේගය තියෙන Intel Core i7 Second Genaration Processor කියන විදියට. මේකෙන් ඕනෑම එකක් ඔයාලට ඔයාට වියදම් කරන්න පුළුවන් ගාන අනුව රදා පවතිනවා. මෙතනින් අඩුම ගාන ( මිල ) තියෙන්නේ Intel pentium 3 එකට. වැඩිම ගාන ( මිල ) තියෙන්නේ Intel Core i7 එකට. ඒ වගේ තමා මේවල Speed වල පැහැදිලි වෙනසක් තියෙන්නවා. මේකෙන් හොඳම ඒක තමා Intel Core i7 2nd Genaration Processor ඒක.මේ හැම Processor එකක්ම තියෙන ලැප් ගන්න තියෙනව දැන් Market එකේ.කෝකත් ඉතින් සල්ලි තමා.



සමන්න්යෙන් ඔය MS Office Package ඒක වගේ පාවිච්චි කරන කෙනෙකුට ඉතින් ඔය Core i7 එකක් ගත්ත කියල තේරුමක් නැහැ. මොකද MS Office කරන කෙනෙකුට අඩුම Dual Core එකක් හොඳම ප්‍රමාණවත්. අනික ගන්න මිලත් අඩුයි සල්ලිත් ඉතුරුයි. ඔන්න ඒක ඉතින් ඔයාල හිතල ඔය කරන වැඩ ගැන හිතල කැමති Processor එකක් තියෙන ලැප් එකක් ගන්න .

තව විශේෂ දෙයක් තියෙනව මේ processor වල. එකට තමා Cache Memory කියල කියන්නේ. තව L1, L2, L3 කියල කියන්නෙත් ඔකටම තමා. මේකත් ගොඩක් වැදගත් ඔය ලැප් එකේ Speed ඒක ගැන වද වෙනවනම්. මේක තියෙන්නේ අදාල processor ඒක ඇතුලේ. මේකෙන් සැලකියයුතු වෙනසක් ඔයාගේ ලැප් එකට වෙනවා.

අපි දැන් හිතමු ඔය ඔන්න දැන් කඩේට ගිය. ඔන්න හරියන ලැප් දෙකක් තියෙනව.

එකක් Intel Core i5 2.3 GHz 4 MB L2 Cache . අනිත් ඒක තමා Intel Core i5 1.9 GHz 8 MB L2 Cache
ඔන්න දෙකම එකම ගාන. මිල එකමයි. ඔය මේකෙන් තොර ගන්න ඕන Cache Memory වැඩි ඒක. Speed ඒක ටිකක් අඩු වුන කියල ලොකු වේග වල වෙනසක් දැන්නෙන්නේ නැහැ. නමුත් මේකෙන් වැඩි Cache එකක් තියෙන ඒක අනිත් එකට වඩා වේගවත්.

වර්තමාන වෙළද පොලේ ටිකක් විශේෂ Processor වර්ග ටිකක් තියෙන්නවා. ඒවා අනිත් සාමාන්‍ය ඒවාට වඩා වෙනස්.මම කියන්නේ දැන් Intel Celeron සහ Intel Atom කියන ඒවා ගැන.

මේකෙන් මේ Intel Celeron කියන එකේ වේගය ඉතාමත් අඩුයි. මේක ටිකක් පරණ එකක්. එත් තවමත් සමහර කඩවල විකුනනවා. ඔයාලට නම් මම දන්නේ නැහැ. මේ Celeron එවල වඩා කරන්න ගියහම මට නම් එපා වෙනවා. හොඳට බලන්න. P4 එකකුයි. Celeron එකකුයි එකම වේගය තමා සදහන් කරලා තියෙන්නේ.

Intel Pentium 4 3.00 GHz 2048 KB L2 Cache 

Intel Celeron 3.00 Ghz 512 KB L2 Cache

මේවල වෙනසක් තියෙන්නේ Cache Memory වල තමා. එකෙන් වේගයට සැලකිය යුතු වෙනසක් වෙනවා. මේ Processor දෙකෙන් වඩා කරන කොට පැහැදිලි වෙනසක් තියෙන්නවා. මේවගේ Processor එකක් මොන වැඩකටත් මම නම් අනුමත කරන්න බැරිය. Office වැඩ වලට නම් ගැටළුවක් නැත. මෙහි මිලෙනුත් වෙනසක් තියෙන්නවා. රුපියල් 10000 විතර වෙනසක් තියෙන්නවා.






අනිත් ඒක තමා ඔය අලුතින් එන Mini Laptop වල තියෙන Intel Atom කියන ඒක. මේ Mini Laptop කියන එවල Screen Size එක ටිකක් අඩුයි. ඒ කියන්නේ 10.4 විතර තමා දැනට වැඩිම තියෙන්නේ. මේ ලැප් ඒක හොඳා Internet යන්න. එකට විතරයි. එකෙන්ම පේනවනේ Processor එකේ විදිය. ගොඩක් Speed ඒක අඩුයි. එත් Celeron එක්ක බලනකොට හොඳා.එත් අනිත් ලොකු ලැප් වල තියෙන VGA Port, USB Ports, Web Cam, Mic, In Built Speakers, Touch Pad තියෙනව. ඔබ අන්තර්ජාල කටයතු සඳහා පමණක් ලැප් එකක් ගන්න හිතක් තියේ නම් මේවගේ ලැප් එකක් ප්‍රමාණවත්. මෙහි Sceen Size ඒක කුඩයි වගේ හිතෙනවනම් පිටින් වෙනම Monitor එකක් ගහ ගහ ගන්නත් පුළුවන්.මෙවැනි පරිගණක වලට ගොඩක්ම භාවිත කරන්නේ Windows XP මෙහෙයුම් පද්දතිය. ගොඩක් පරිගණක වල මෙය විකිණීමේදී Install කර ඇති අතර සමහර වල Windows 7 Starter එකක් දෙනවා. තවත් එකක් මෙවැනි එවල DVD RW එකක් නැහැ. ඔබට අවශ්‍ය නම් DVD RW එකක් වෙනම පිටින් සවි කල හැකි මෙවැනි පරිගනකයක අඩංගු වන්නේ අත්‍යවශ්‍ය කොටස් පමණයි. මෙවැනි පරිගණක වල Operating System ඒක [ Windows XP, Vista, 7, Ubuntu ] වගේ එකක් එනවනම් එය Genuine එකක්.එය ඔබට අදාල මේල දීගන්න ඉස්තනයෙන් අසා දැන ගන්න පුළුවන්.මෙවැනි පරිගණකයක් ලංකාවෙන් මීලදී ගැනීමේදී උපරිම මිල වන්නේ රුපියල් 50000 - 60000 අතර ගණනක්.මෙය උපරිම මිල වන අතර මීට වඩා මිල වැඩි නම් ඔබව රවටා ගැනීමක් වෙන්න පුළුවන්. නමුත් ගෙවීමේ ක්‍රමයට දෙන විට මෙය අදාල ආයතනය අනුව වෙනස් වෙන්න පුළුවන්.

මෙච්චර වෙලා අපි කතා කලේ Mini Laptops හා Processor පිලිබන්දවනේ.දැන් බලමු සාමාන්‍ය ලැප්ටොප් ඒ කියන්නේ General Use වලට ගන්න එකක් ගැන.

අපි සමන්නයෙන් ලැප් එකක් ගන්නේ Game ගහන්න. Internet යන්න. MS Office කරන්න. Graphic Desinging වලටනේ. එක්කෝ සමහර අය නම් Torrent , Direct Movie Download වලටත් ලැප් පාවිච්චි කරනවා. එක්කෝ Data Backup වලට, Movies බලන්න. වගේ ඒවාට නේ. 





Processor / CPU ඒක මොන වගේ වෙන්න ඕනද ?

ඔයාල හිතයි දැන් අපි උඩ මේක ගැන කතා කල නේද කියල . නැහැ මෙතන කියන්න ඊට වඩා වෙනස් දෙයක් ගැනයි. මේක ඔයාලට වියදම් කරන්න පුළුවන් මිල අනුව වෙනස් වෙනවා කියල මම උඩ කිව්වනේ. ඒ නිසා ඔයාලට ඒ ගැන හිතල එකක් ගන්න අවස්ථාව තියෙනව. සාමාන්‍ය වැඩ වලට Core 2 Duo එකෙයි, Core i7 එකෙයි වෙනසක් තේරෙන්නේ නැති තරම්. එත් ඔය Gaming වලට එහෙම කැමති නම්, ලැප් එකක් ගන්නේ Games Play කරන්නත් එක්ක නම් Core i3 හෝ ඊට ඉහල මාදිලියක් ගන්න. ඒක හොඳා.මොකද Nvidia GeForce 9200 GS Dedicated VGA Card එකක් එන Core 2 Duo ලැප් එකක වැඩ කරන Game එකක් , Core i3 Onboard Intel VGA ලැප් එකක ඊට වඩා හොඳට වැඩ කරනවා. මොකද ඔය අලුත් Core Series එකේ Processor වල වෙනම Processor එකේම තියෙන GPU එකක් තියෙනව. එතකොට Graphics හැසිර වීමේදී Core 2 Duo එකකට වඩා Core i3 එකකට ඇති හැකියාව වැඩි වෙනවා. Processor ඒක විශේෂ වන්නේ Graphics හා වේගය ගැන බලනකොට පමණි. නමුත් ඔබට හැකියාවක් තිබේ නම් අලුත් මාදිලියක Processor එකක් ගන්න ඒක හොඳා.


Display / Screen ඒක මොන වගේද ?

මෙයත් ඔබට අවශ්‍ය වැඩේ අනුව රදා පවතිනවා. මොකද ඔය හැම තැනම යන ලැප් එකත් ඒ තැන වලට රැගෙන යනවා නම් Screen Size පොඩි එකකට යනවනම් වඩාත් පහසුය. 14.1 Wide Screen වගේ ඉදන් 20` Size වෙනකම් සාමාන්‍ය ලැප් වල Screen Size ඒක තොර ගන්න පුළුවන්. ඔබ AutoCAD වැනි CAD වැනි මෘදුකාංග භාවිත කරනවා නම් ලොකු Screen Size එකකට යෑම ඉතාමත් පහසුය. තවද Films බැලීමට පුරුදු වී සිටින්නේ නම් ලොකු Screen Size එකක් භාවිත කිරීම නුවනට සුදුසුය. අපි හිතමු ! ෆිල්ම්ස් බලන්නත් ඕන එත් හැම තැනම අරගෙන යන්නත් ඕන. එහෙම නම් සාමාන්‍ය මට්ටමේ Screen Size එකක් ගන්න. ඒ කියන්නේ 15.4 / 15. 6 වගේ. එහෙම බැරි නම් ඔබට අඩු Screen Size එකක් තෝරාගෙන වෙනම පිටින් සවි කල හැකි Monitor එකක් ගැනීම කල හැකිය. එවිට එම Monitor ඒක ඔබට ලැප්ටොප් පරිගණකයේ VGA Port එකට සම්බන්ද කල හැකිය.

වර්තමානයේ ලැප්ටොප් වල භාවිත වන්නේ LED Screen එකක් වන අතර LCD Screen සමග සසද්දි එය බොහෝ සෙයින් හැම අතින්ම ඉදිරියෙන් සිටි. එම නිසා LED Screen එකකට යෑම වඩාත්ම සුදුසුය. ගුණාත්මක භව, battery සුරැකීම ඇති එය ඉදිරියෙන් සිටි. LCD තිර හා සසදද්දී LED තිර වල Brightness ඉතාමත් හොඳ තත්වයක පවතී.එම නිසා හැකි තරම් LED Screen එකක් ගැනීම නුවනට හුරුය.

VGA Onboard ද ? Dedicated VGA ද ?


Onboard VGA හා Dedicated VGA යනුවෙන් ලැප් වලට VGA බෙදා දක්වන්නට පුළුවන. Dedicated VGA ඒක Desktop පරිගනකයක Separate VGA එකට සමාන කරන්නට පුළුවන. Onboard VGA සුදුසු වන්නේ Word Processing, Internet එහෙම යනවා නම් තමා. ඔය Gaming, Graphics Desinging වගේ කරනවානම් ඉතින් Dedicated VGA එකකට යනවා නම් හොඳා. Onboard VGA හා සසද්දි Dedicated VGA වල සුපැහැදිලි වෙනසක් ඇත. නමුත් මිල වැඩිය. වෙනම Dedicated VGA එකක් එනවා නම් එය NVidia හෝ ATI Card එකක් වේ. එය Nvidia නම් Graphics by Nvidia යනුවෙන්ස්ටිකරයක් ද ATI නම් අදාල ලාංජනය ස්ටිකරයක් වශයනේ ලැප් එකේ මතුපිට අලව ඇත. එසේ අලව නැත්තම් බොහෝ විට එය Onboard ය. නමුත් සමහර මාදිලි වල ATI වල විශේෂයෙන්ම එහෙම අලව නැතත් Dedicated VGA එකක් පැමිනෙයි. එය නිවැරදිව අදාල සමාගමෙන් දැන ගත හැකි අතර ඔබට අදාල මාදිලියේ ආයතනයට අදාල Web අඩවියෙන් එම පරිගණකය පිළිබඳව දැනගත හැක. ලැප් වලට Separate VGA කියන වදන භාවිත නොකරන අතර ඒ වෙනුවට භාවිත කරන්නේ Dedicated යන වදනයි. එය වෙනම Chip එකක් විදියට Motherboard ඒක තුල පාස්සා ඇත. නමුත් එය Onboard නොවේ. ලැප් වල Onboard VGA එන්නේ Motherboard ඒක තුලම වන අතර වෙනම සොයා ගැනීමට නොහැක.



Sound කොහොමද ? Onboard ද ? Separate ද ?

දැන් ගොඩක් ලැප් වල එන්නේ Onboard Sound Card එකක්. ඒ කියන්නේ Realtek, IDT, VIA වගේ ඒවා තමා එන්නේ. ගොඩක් වෙලාවට 7.1 Sound Card එකක් එන්නේ කාලතුරකින්. ගොඩක් වෙලාවට 2.1 හා 4.1 වගේ තමා එන්නේ. ඉතින් දැන් ඔය Sound එහෙම හොයන අය ඉන්නවා නම් ඒ ගොල්ලන්ට වෙනම Separate Sound Card එකක් ගහ ගන්න පුළුවන්. සමන්නයෙන් ලංකාවේ නම් ඉතින් අඩුයි . එත් කැමති නම් Ebay එකෙන් 12000 විතර Creative X-Fi 7.1 Sound Card එකක් ගන්න පුළුවන්. නැත්තම් EPSI වගේ එකකින් ගන්න පුළුවන්. හැබැයි මේ Card එන්නේ PCMCIA විදියට. එකට නම් ඉතින් ඔයාගේ ලැප් එකේ PCMCIA Card එකක් තියෙන්න ඕන. දැන් නම් USB තිබ්බට Onboard තරම්වත් හොඳ Sound USB වලින් ගන්න පුලුවන්ද කියන ඒක සැකයි. Desktop පරිගණක වගේ නෙමේ...........Onboard Card එකයි.......Separate Card එකයි දෙකම එකපාර පාවිච්චි කරන්න පුළුවන්. 




Hard Disk ද ? Soild State Drives ද ?

දැන් ඔයාල ගොඩක් ඉල්ලන එකක් තමා මේ Hard Disk ඒක. එකේ Size ඒක වැඩි වෙන තරමට හොඳ......මොකද ඕන කුණු ගොඩක් දාන්න පුළුවන් නේ. නැද්ද ? දැන් නම් ගොඩක් ලැප් වල 320 GB, 500 GB, 750 GB, 1000 GB වගේ එනවා. මේවල වැඩි එකක් තොර ගන්න තරමට දාන්න පුළුවන් Data ප්‍රමාණය වැඩි. මේවල 5400 RPM [ Round per Minute ] , 7200 RPM කියල එකක් තියෙනව. RPM ඒක කියන්නේ Hard Disk එකේ තියෙන තැටි විනාඩියකට කැරකෙවෙන ගාන. මේ කැරකෙවෙන ගාන වැඩි වෙන තරමට වේගය වැඩි. නමුත් Battery වල බලය සුරැකීම සඳහා ගොඩක් ලැප් වල 5400 RPM එකක් තමා එන්නේ. එහෙම කියල ලොකු අවුලක් නැහැ. අලුත්ම Processor එන ලැප් වල නම් 7200 RPM එකක් තියෙන Hard Disk පැමිණේ.





දැන් මම කියන්න මේ සඳහා ඇති අලුත්ම Technology ඒක ගැන....ඒක තමා SSD කියල කියන්නේ. මේ තාක්ෂනය අලුත් නිසා තවම 1 TB, 500 GB වගේ ඒවා අඩුයි. මෙහි Data Store කරන්න Hard Disk වල වගේ යොදාගන්නේ තැටි නෙමේ. මේ වල යොදාගන්නේ Flash Chips. ඒ කියන්නේ Pen වගේ තමා. මේවා බිම වැටුනට කිසිම හානියක් වෙන්නේ නැහැ. HDD වල නම් බිම වැටුනොත් ඉතින් අයෙ වඩා කරයිද කියල නම් විශ්වාස කරන්න බැහැ. නමුත් මේවා නම් අවුලක් නැහැ. ඒවගේ ම තමා Speed ඒක. අයෙ කියන්න දෙයක් නැහැ. SSD එක්ක බලද්දී HDD වල Speed ඒක ගොඩක් අඩුයි. සමන්නයෙන් අලුත්ම Macbook Air වල වගේ එන්නේ මේවා තමා. මොකද මේකේ Speed ඒක හිත ගන්න බැරි තරම්. අවුල තියෙන්නේ Storage ගොඩක් නැති ඒක. සමන්නයෙන් Windows 7 Boot වෙන්න Core 2 Duo එකක යන්නේ තප්පර 5 ක් විතර. මම කියන්නේ මගේ අත්දැකීමෙන්. අනික මේවා වල Power ගන්නෙත් ඉතාමත් අඩුවෙන්. මගේ Core 2 Duo ලැප් එකත් එක්ක බලනකොට Core i5 ඒක මොකක්ද කියල හිතෙනවා. ඒක මමම ටෙස්ට් කරපු එකක්. හැබැයි මේකේ 32 GB වගේ එකක් රුපියල් 30000 විතර වෙනවා. කමක් නැහැ.......මම නම් කියන්නේ එහෙම එකක් ගහන ඒක කිසිම පාඩුවක් නෙමේ. අනික ඔයාට Storage එකයි Speed එකයි දෙකම ඕන නම් ඉතින් Hybird විදියට වැඩ කරන ලැප් එකක් හරි. HDD එකක් ගන්න වෙනවා. ඒ කියන්නේ Hard Disk දෙකක් ගහන්න පුළුවන් එකක්. එතකොට Windows \ Ubuntu හරි දාන්න SSD එකයි....ඔය සින්දු ෆිල්ම්ස් Data දාන්න HDD එකයි.මේ වගේ ලැප් නම් ටිකක් අඩුයි හැබැයි ඕන නම් අදාල Company එකෙන් ගන්න පුළුවන්.
ඔන්න මම කියන්නම් මම ඉස්සෙලා කිව්ව, Core 2 Duo එකෙයි, Core i5 එකෙයි වෙනස හොයන්න බැරි හේතුව....හේතුව තමා HDD භාවිතා කිරීම.

දැන් අපි Core i7 එකක් අරගෙන ඔන්න 1 TB HDD එකකුත් ගහනවා. ඔන්න ඊට පස්සේ වැඩ කරනවා. නමුත් හරි Core 2 Duo එකක් එක්ක බලනකොට වෙනසක් නැහැ. එහෙම වෙන්න බැහැනේ ? නේද ?

හරි දැන් බලමු මොකක්ද හේතුව කියල ? සමන්නයෙන් පරිගනකයක වේගවත්ම කොටස තමා Processor ඒක. දෙවනියට RAM ඒක. තුන්වෙනියට තමා Pen Drives හෙවත් Flash Disks. පරිගණකයේ Processor එකෙන් Data ඉල්ලුවහම RAM එකෙන් Data දෙයි. RAM එකට Data දෙන්නේ HDD එකෙනි. නමුත් RAM ඒක තරම් වේගවත් නැත. එහිදී එක්තරා පරක්කුවක් ඇත.එම පරක්කුව Flash Chips විසින් මග හැර තිබෙන්නේ RAM වල Data තබා ගැනීමට භාවිත කරන Chips යොදා ගැනීමෙනි.HDD වලටද Flash Chips යොදා ගත විට එම පරක්කුව මග හැර තිබෙන බැවින් එහිදී කිසිම ආකාරයේ Delay එකකට ඉඩ නැත.




RAM [ Main Memory ] මොන වගේද ?


දැන් අපි කතා කරන්නේ වැඩ ගත්ම කොටසක් ගැන.මේක නම් වැඩි වෙන තරමට හොඳා.සමන්නයෙන් ලැප් එකක 2 GB, 4 GB වගේ RAM එකක් තියෙන්නේ. කැමති නම් ඔයාට 8 GB හෝ 16 GB දක්වා මෙය වැඩි කරගන්න පුළුවන්. ඒ ප්‍රමාණය ඔයාගේ ලැප් ඒක අනුව වෙනස් වෙනවා. මේ ලැප් වල ගොඩක් භාවිත වන්නේ DIMM වගේ Memory Interface ය. තවද මෙහි RAM Ports දෙකක් ඇති අතර 2 GB නම් 1 GB කාර්ඩ් දෙකක් හෝ තනි 2 GB Card එකක්ද , 4 GB නම් 2 GB Card දෙකක් ද , හෝ තනි 4 GB Card එකක් වශයෙන්ද පවතී. සල්ලි තියෙ නම් මේවා වැඩි වෙන තරමට හොඳය. වර්තමානයේ ලැප් වල DDR 3 වර්ගයේ Memory Module භාවිත වේ.

Battery ගැන කොහොමද ?

මේක තමා ලැප් එකක වැදගත්ම ඒක. Battery. මේක ආරක්ෂා කරගන්න ඒක තමා අපිට ඕනෑම ඒක. ඒක ඒක ලැප් වල මේවට ඒක ඒක තාක්ෂණ භාවිත කරනවා නිර්මාණය කරන්න. ඒ කියන්නේ Ni-MH හා Li-on වගේ විදියට. මේවල Battery Hours Li-oN වල වැඩි. සමන්නයෙන් 6 Cell / 8 Cell / 12 Cell විදියට මේවල ධාරිතා ප්‍රමාණයන්ගෙන් මේවා ගන්න පුළුවන්. ඔය ලැප් එකක් ගන්න කොට නම් එන්නේ සමන්නයෙන් 6 Cell එකක්. නමුත් අවශ්‍ය නම් අදාල ආයතනයට කියල 12 Cell එකක් ගන්න පුළුවන්. 6 Cell Battery එකකින් 4 Hours විතර LED Screen එකක් තියෙන ලැප් එකකින් භාවිත කරන්න පුළුවන්. 12 Cell නම් 8 Hours විතර පුළුවන්. දැනට වැඩිම battery ප්‍රමාණයක් තියෙන්නේ Apple ලැප් වල. එහි 10 Hours පමණ 8 Cell එකකින් භාවිත කරන්නට පුළුවන.

WebCam / Mic ගැන ?


දන්නවනේ හැමෝම වෙබ් කැම් දන්නවනේ. මේවා ඉතින් අලුතින් එන හැම ලැප් එකකකම එනවා. ඒ වගේම තමා ගොඩක් ලැප් වල එක Mic එකක් හෝ දෙකක් එනවා. ගොඩක් වෙලවට TouchPad එක ගාව හෝ WebCam එක ගාව තමා එන්නේ මේවා


දැන් අපි ලැප් වල ඇති ගොඩක් Option ගැන කතා කරලා අවසානයි. දැන් මම කියන්න යන්නේ සමන්නයෙන් බොහෝ ලැප් වල නැති සුවිශේෂී ගුණාංග කීපයක් ගැන.


Backlit Keyboard

මෙම පහසුකම ලැබෙන්නේ ඔබට Keyboard එකටය. Keyboard එකේ ඇති Key වලින් දිස්නයක් විහිදෙන අතර රාත්‍රී කාලයේදී එය මහත්සේ ප්‍රයෝජනවත්ය. මෙම පහසුකම ඇතුලත් කර තිබෙන්නේ සුවිශේෂී ලැප් වල පමණි.



Numeric Keypad

බොහෝ ලැප් වල Numeric Pad එකක් නැත. බොහෝ Wide Screen ඇති ලැප් වල මෙය අඩංගු වන අතර 14.1 හෝ 15.4 වැනි Screen සහිත ලැප් වල මෙය අඩංගු නොවේ. 


Remote Control


මෙම Remote Control බොහෝ ලැප් වල අඩංගු නොවේ. Multi Media / Media Center ගණයට වැටෙන ලැප් වල ඇත. මෙයින් ලැප් ඒක On / Off , Multi Media Keys සහ තවත් දේ අඩංගු වේ. මෙය ලැප් එකතුලම රැදවිය හැකි අතර මෙය කුඩා Battery එකකින් පන ගන්වනු ලබයි.ඒ කියන්නේ අර ඔයාල CMOS Battery එක කියන්නේ. අන්න ඒවගේ එකකින් තමා මේක වැඩ කරන්නේ 




HSPA Modems [ 3G Module / SIM ]

මෙය බොහෝ ලැප් වල Optional Reuirement එකක් ලෙස පවතී. මෙයින් Dongle එකක් පාවිචිචි කිරීමකින් තොරව අන්තර්ජාලයට පිවිසිය හැකිය. පරිගණකයේම ඇති 3G Module එකකින් එම කාර්ය කර ගත හැක. මේවාහි බොහෝ විට 7.2 mbps වේගයන්ගෙන් අන්තර්ජාලයට පිවිසිය හැක.මිල ටිකක් වැඩි වන අතර අදාල ආයතනයෙන් විමසා දැනගෙන මෙම පහසුකම ඇති ලැප් එකක් මිලදී ගැනීමට පුළුවන.




Multi Touch Touch Pad


Apple පරිගණක වල අඩංගු වන මෙම ක්‍රමයෙන් එකපාර ඇඟිලි දෙකම තබාගෙන වැඩ කල හැකිය.


JBL / Harmon Kardon Speaker Systems

ලෝකයේ හොඳම Speakers මාදිලි වන අතර මේවද සමහර ලැප් වල අඩංගු වේ. Sub Woofers සහිත වන අතර ගුණාත්මක භාවයෙන් වැඩි ශබ්ද ලබා ගත හැක.






දැන් අපි බලමු කොහෙන්ද හොඳ ලැප් එකක් ගන්න පුළුවන් කියල ?

ලැප්ටොප් නිෂ්පාදනය කරන විශාල ආයතන ප්‍රමාණයක් ලෝකයේ ඇත. එම ලැප්ටොප් විකිණීම සිදු කිරීමට අදාල රටකට යම්කිසි බලයලත් අලෙවි නියෝජිතයෙක් අදාල ආයතනය විසින් පත් කර ඇත. එම අදාල ආයතනය එම වර්ගයේ ලැප්ටොප් පරිගණක වල සියලුම සේවා හෝ යම්තාක් දුරට සේවා සැපයීමට බැදී සිටි. ඔබ ලැප්ටොප් පරිගණකයක් ගන්නවානම් අදාල පරිගණකයට අදාල බලය ලත අලෙවි නියෝජිතයන් ගෙන පමණක් මීලදී ගත යුතුය. 

අදාල බලයලත් අලෙවි නියෝජිත වරුන්ගෙන් මිලදී නොගෙන දුක් වෙන අය අන්තර්ජාලයේ පළකර ඇති සිදුවීම්


============================================================================================================================================



laptop.lk එකෙ පස් පාගන්න එපා Read More

Laptop.lk එකෙ පස් පාගන්න එපා [ Original Post ] Read More

ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්.... UNITY PLAZA scandal Read More
ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක් 2.... UNITY PLAZA scandal Read More

Largest Laptop Computer Mobile Phone Printer & LCD TV Showroom in Colombo Sri Lanka Read More

යුනිටියේ රිප්ලේස්මන්ට් කලාව Read More

මේක ලංකාවේ පරිඝනක මාෆියාව ගැනයි...Read More

Votes for PC Partner - Unity Plaza Read More

ලැප්ටොප් ගන්න ඉන්න අපේ කස්ටියට පොඩි News එකක් Read More

අහෝ මගේ ලැප ! | Oh my laptop ! Read More

මොකක්ද මේ Laptop.lk කියන්නේ [ Part 1 ] ? Read More

මොකක්ද මේ Laptop.lk කියන්නේ [ Part 2 ] ? Read More


 

============================================================================================================================================

ලංකාවේ ඒ ඒ ලැප් වලට අදාල Authorized Dealers

ඔබට මෙම ආයතනයන්ගේ නිල වෙබ් අඩවි වලින් වැඩි විස්තර ලබා ගත හැක.

එම ඒක ඒක අදාල රටට අලෙවි නියෝජිතයා දැන ගැනීමට ඔබට අදාල නිෂ්පාදකයාගේ වෙබ් අඩවියෙන් දැන ගත හැක

බලයලත් අලෙවි නියෝජිතයන් වන්නේ මෙම සමාගම්ය. මෙම සමාගම් වලින් මිලදී ගත් අය කිසිදා කරදරයට පත් වෙන්නේ නැත. මන්ද මොකක් ප්‍රශ්නයක් වුනොත් අදාල නිෂ්පාදක සමගම සමඟ හොඳ සම්බන්දතා ඇති බැවිනි. එවිට අදාල සමගම මගින් නිවැරදි ව ක්‍රියාමාර්ග ගෙන කටයතු කරන බැවිනි. මෙම සමාගම් ලංකාවේ අද ඊයේ බිහිවුන ඒවා නොවේ. අවුරුදු 50 / 60 ක ඉතිහාසයක් ඇති සමාගම් වන අතර මේවා තමන්ගේ රාජකාරිය නිවැරදිව නොකලා නම් මෙවැනි කාලයක් රැදී සිටින්නට නොහැක. තවද Abans වැනි ආයතනද මෙවැනි ගනු දෙනු කරන අතර එවැනි ආයතනයක ද විශ්වාසය රැකියා හැක.

ඔය දැන් තියෙන පොඩි පොඩි කඩ කොහෙන් පටන් ගත්තද ? කවද පටන් ගත්තද ? දන්නේ නැත. ඒවා අද තිබී හෙට වැහිලා යන කඩ තිබේ. එවැනි පොඩි කඩයකට කවදාකවත්ම මෙවැනි ලොකු නිෂ්පාදන ආයතනයක බලයලත් නියෝජිතයරයෙකු වීමට නොහැක.

යම්කිසි නිෂ්පාදන ආයතනයක් බලයලත් නියෝජිතවරයෙකු පත්කර තිබෙන්නේ නිකන් ඉන්න බැරුවට නොවේය. එම නිෂ්පාදන ආයතනේ නම රැකිය යුත්තේද එම ආයතනයයි.එම නිසා එම ආයතන තමන්ගේ උපරිම සේවය තමා පරිබෝගිකයට ලබා දීමට කටයතු කරයි. එම නිසා අදාල ඒජන්ත වරයාගෙන් මිලදී ගැනීම 100 % හොඳය. එම නිසා නිල නොවන ආයතන වලින් මිලදී ගැනීම කිසිසේත්ම අනුමත නොකරමි.

හොඳ Brand මොනවද ? 

අපි මේ සේරම දැන් දැන ගත්තනේ. අපි බලමු මොනවද දැන් හොඳ ඔය ලෙඩ නැති Brand කියල ? මම නම් Acer, Apple, Asus, Dell, Lenovo, Fujistu වගේ Brand අවුලක් නැති ලෙස දකිමි. නමුත් HP වැනි ඒවා දැන් ගුණාත්මක බැවින් අඩු වන අතර ඒවා මිලදී ගැනීම එතරම්ම යහපත් නැත. නමුත් ඔබ ගන්න Brand ඒක මොකක් වුනත් අදාල අලෙවි නියෝජිතයා ගෙන් මිලදී ගන්නේ නම් කිසිදු ආකාරයේ පසුතැවීමක් වීමට ඔබට සිදු වන්නේ නැත.HP Pavilion Series වල බොහෝ සෙයින් බැටරි අවුල් එන අතර අනිත් Series ද මෙම මට්ටමේම පවතී.

තමන් ගන්න ඉන්න Brand ඒක හොඳද ? කියල බලන්නේ කොහොමද ?

මේකට නම් නියම ක්‍රමයක් තියෙනව.මෙන්න මෙහෙම කරන්න. ඔයාගේ ලැප් ඒක අපි හිතමු HP Pavilion DV5 1215ee කියල. එහෙම නම් Google එකේ පොඩි Search එකක් දන්න

HP Pavilion DV5 1215ee Problems 

HP Pavilion DV5 1215ee Sucks 

HP Pavilion DV5 1215ee is not working





හරි දැන් කට්ටිය මොකද කියන්නේ ?

තව පාවිච්චි කරන අයගෙන් අහන්න. තව ඔය ඉන්න Groups වලිනුත් අහන්න. ඒ සේරගෙන්ම අහල Authorized Dealer ගෙන් ගන්න. එතකොට කිසිම අවුලක් වෙන්නේ නැහැ.

මම දැන් කියන්නම් මට හොඳ Brand දෙකක් ගැන. එකක් තමා Acer ඒක. අනිත් ඒක තමා Apple ඒක. Acer එකක් නම් Metropolitan එකෙන් ගන්න පුළුවන්.අනික ඒක හොඳ ලැප් එකක්. 

තව Dell හා Toshiba Sony Vaio, Fujistu වගේ ඒවත් හොඳ වන අතර ඒවාද අදාල බලයලත් අලෙවි නියෝජිතයාගෙන් මිල දී ගන්න. 

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ උඩ ටිකයි ඔය ලැප් තෝරන්න දන්නේ නැත්තම් ඒ ගැන දන්න කෙනෙක් එක්කගෙන යන්න. ඔය දන්නේ නැති Unity ඒක පැත්තේ ගියොත් අනිවා ඒ කට්ටිය ඔයාව අන්දලා ගෙදර එවනවා. එත් මම කිව්වා උඩ තිබ්බ ආයතන නම් එහෙම කරන්නේ නැහැ. 

මොකක් හරි ගැටළුවක් තියේ නම් Comment එකකින් හෝ Group එකේ හෝ FB එකේ හරි අහන්න. 


Recommend Brand for Buy

Dell
Acer
Sony Vaio
IBM Lenovo
සාරාංශය :

අදාල බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් පමණක් මිලදී ගන්න [ අඩු මිලට ගෙන දුක් වෙනවට වැඩිය එය හොදා යයි මට සිතේ. රුපියල් 10000 - 15000 ක වෙනසක් සාමන්‍ය කඩ වල සහ බලයලත් අලෙවි නියෝජිත වරුන් ගාව ඇත. ] 

ඔබ ගන්න අදහස් කරන පරිගණකය අන්තර්ජාලෙන් ඇති Reviews කියවන්න 

එම වර්ගයේ ලැප් පාවිච්චි කර ඇති අයගෙන් විමසන්න 

සරිලන මුදලට පමණක් මිලදී ගන්න 

හැකි නම් HDD ඉවත් කර SSD භාවිත කරන්න.







1 ප්‍රතිචර:

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?