Ads 468x60px

Sport News

Visitors

පහත ඇති "Like" Button එක ක්ලික් කර ඔබත් අදම අපේ Facebook Fan කෙනෙකු වන්න

Powered By Tricks Lanka

Comments

Saturday, December 31, 2011

සුභ අලුත් අවුරුද්දක් වෙවා!!





පහුගිය අවුරුද්ද අපි හැමෝගෙම ජීවිත වල වෙනදට වඩා වෙනසක් ඇති කළ බැව් මගේ අදහසයි. රටේ පරිපාලනය සම්බන්ධ දේ මෙන්ම ‍අනෙක් බොහෝ දේ සම්බන්ධවත් සිදුවූ විවිධ වෙනස්කම් ඊට ‍හේතු වෙන්නැති.
අපි බොහෝ දෙනෙක්ට විවිධ ආකාරයෙන් සුභ පැතීමු. සුභ පැතුම් ගැන ඕගොල්ලො ගොඩක් අය මට සුභ පැතුවනෙ අද උදේ ” සුභ අලුත් අවුරුද්දක් වේවා ”. ඕගොල්ලො සුභ පැතුවත් නැතත් මම මගෙ අවුරුද්ද සුභ කරගන්නවා. ” මදක් බරපතල ප්‍රකාශයක් ලෙස සිතුනත් මින් ගන්නට දෙයක් නොතිබෙනවා නොවේ. අපේ අවුරුද්ද සුභ කරගත යුත්තේ අපම මිස වෙන කවුරුන්ද?
අපි රැල්ලට මෙන් පැතුම් පතන්නට විවිධ ක්‍රම ‍යොදා ගනිමු.  ඒ සියල්ල බොහෝවිට කරන්නන් වාලේ කරන්නා විනා අනෙකා‍ට යහපතක්ම වේවා යන අදහසින්ම කරන ඒවා නොවේ. සමහර විට නොකර බැරි කමට කරනවාද විය හැකියි.‍
අවුරුද්දකටත් වැඩි කාලයක් අතෑරල දාල තිබුනු බ්ලොග් ලියවිල්ල 2012 අවුරුද්දෙ ඉදන් ආයෙත් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නෙ. පහුගිය කාලෙ මූන දෙන්න වුනු ජීවිතේ නොයෙකුත් හැල හැප්පීම් එක්ක බලොග් ලියන්න තරම් නිදහස් මානසික තත්වයක් තිබුනේ නැති එක තමයි නිහඬතාවයට හේතුව. මම නොලිව්වනොට අනිත් අය ලියන දේවල් නම් සෑහෙන දුරට කියෙව්වා. මම ලියන්න පටන් ගත්ත කාලෙට වඩා සෑහෙන බ්ලොග් ප්‍රමාණයක් දැන් ලියවෙනවා වගේම ඒ දවස් වල ලියවුනු මම ආසාවෙන් කියවපු බ්ලොග් වලින් දුකා ගෙ බ්ලොග් එක විතරයි ඉඳල හිටලවත් සින්ඩියෙ තියෙන්නෙ. 2012 දි නැවතත් පරණ බලොග් අලුතෙන් ලියවෙයි කියල මම හිතනව. 
එහෙනම් එදා මෙදාතුර ජීවිත අද්දැකීම් සමග 2012දි හමුවෙන බලාපොරොත්තුවෙන් හැමෝටම 2012 සුභ වේවා කියල ප්‍රාර්ථනා කරනව.

කෙසේ වෙතත් යහපත් සබඳතා පවත්වා‍ගෙන යාමට මෙම සුභ පැතුම් වලින් ඉටුවන මෙහෙය ඉමහත්ය. හිතේ තිබුනු අමනාපකමක් වී නම් හුදු සුභ පැතුමකින්ම යම් සෙතක් වීමටද ඉඩ තිබේ.
ඔබ සැමට දීමට අවශ්‍ය වූ පණිවිඩය තම අවුරුද්ද සුභ කරගත හැක්කේ තමන්ටම නිසා නව අවුරුද්ද සුභ කර ගැනීමට තමන්ම වෙහෙසෙන්න යන්නයි.
මේ නව අවුරුද්දේ ඔබ අප සැමගේ සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!

0 ප්‍රතිචර:

Post a Comment

බැලුවද?

ඉතිං එහෙනම් කමෙන්ට එකක් දාලා යමු නෙද?